04

190 36 12
                                    

"අසලියා කෝ...?"

එදා මං ඔෆිස් එකට යද්දි අසලියා නෑ.....මං එයා කෝ ඇහුවෙ රෙසිප්ෂන් එකේ ඉන්න රොෂානා ගෙන්....

"මිස් අසලියා උදේ කතා කරා මෑම්,එයාට ලීව් එකක් ඕනෙ කිව්වා...පොඩි හදිසියක් කිව්වා.."

"ම්ම් හරි..එහෙනං සාහිල් ව එවන්න..."

අසලියා එදා නොහිටිය එකෙන් දවසම මග නැවතිලා වගෙ හැඟීමක් මට දැනුණා....හවස චූටිව ගන්න යද්දි එයාගෙ සුදු ආන්ටි වෙනුවට ම ආව එක ගැන චූටි ට තරහ ගිහින්...ඉතිං එයාව යාලු කර ගන්න,මට සුදූ ආන්ටිව බලන්න කෙල්ලව එක්ක යන්න වුනා....

"දෙයියනේ මැම්..."

"අසලියා..."

මං අසලියාගෙ බෝඩිමට යද්දි කෙල්ල ඉඳල තියෙන්නේ නිදාගෙන....ඊටත් වඩා එයා අසනීපෙන්....ඇඟත් රස්නෙයි.....

"ඇඳුමක් දාන් එන්න...යං බෙහෙත් ගන්න.."

"එත් මැම්...."

"ඒත් මේත් නෑ....කිව්ව දේ කරන්න අසලියා..."

"මැම් මොනා හරි බොන්න දෙයක් හදලා දෙන්නද, ඔයාට මහන්සියි නෙ.."

"තමුසෙ ලෙඩත් වෙලා,මං කන බොන එක ට කලින් තමුසෙව සනීප කරන් ඉන්නෝනා අසලියා....ඇඳුමක් දාන් එන්න,යමු...."

දවසක් ඔෆිස් එකේ ඔලුව වෙහෙසලා මහන්සියත් එක්ක කේන්තියක් මෝදුවුනත්,එදා මට මතකයි මං අසලියාගෙ ඔලුව අතගාලා එහෙම කියද්දි කෙල්ලගෙ ඇස් වල ලෝභ කමක සේයාවක් ඇඳුනා.....

"මහන්සි වෙන එක අඩු කරන්න ඔයා, මං විටමින්ස් ලියලා දෙනවා,ඒ ටික ගන්න....ස්ට්‍රෙස් වෙන්නෙපා ගොඩක්..."

අසළියාට කන බොන දේවලුත් අරං දීලා පරිස්සමට ඉන්න කියලා මායි චූටියි එද්දි  අසලියා දොර ගාවට වෙලා බලං හිටියා අපි යනකංම....දාලා යන්න ලෝභයි...එත් මොකක් කියලා ලඟ ඉන්නද.....
_________________________________

"සුදු"

ඩයිරියෙ හැම තැනම ආමන්ත්‍රණය තිබ්බෙ ඒමයි....ඒක හරි අක්කා හැමදාම මට කතා කරෙ සුදු කියලා....අක්කා මට කිව්ව පුංචි දේවල් ඇරුණම ඒ පොත පුරාම තිබුණෙ කාට හරිම කිව්ව හැඟීම්,කවි වගේ අමුණලා......

අනතිම හරියට යද්දි අක්කා ලියලා තිබ්බෙම දුක හිතෙන කවි....අන්තිම පිටුවේ තිබ්බෙ මගෙ හිත හාරවලා දාන විදියෙ කවියක්....

__________________________________

ඈත හුදකලා මැදිරි කොණක වී
ලන්තෑරුම් එළි පෙනෙන මායිමේ,
එක එළියක්වත් මා වෙත නෑවිත්
තව තව ඈත යනෙන හැටි නරඹමි...

දූලි වලාවන් නැගී මැකී ගොස්,
අන්ධකාරයම පමණක් ඉතිරිව,
ලොවම වසාලූ තත්පර ගනනෙහි
තනිකම (අ)හිමිව ඉකිබිඳ වැළපෙමි.....

තවත් ඉරක් නැත තනි තරුවක් නැත
අහේතුකව මා හීනහී ඉන්නෙමි,
මොහොතක් පාසා යවුල් අනිනසුලු
තත්පර කටු මා නොනවත්වන්නෙමි.....

නුඹ හිනහෙන කල මා වැළපුනු බිම
නැගී මැකී ගිය දූවිලි අළු යට,
හිස් අවකාශෙක නැගී සිටින්නෙමි
අඳුරු මැදිරි බිම දකින තුරා නුඹ.....

....වැළලුණු කඳුලු....

ඊට යටින් තිබ්බෙ අක්කා ලිව්ව ලියුමක් ....එකත් මට....

සුදු..

ඔයා මේක කවදා හරි බලයි කියලා මං හිතනවා...එදාටත් ඔයා මං මැරුණ හේතුව හිත හිත වද වෙවී ඉන්නවා කියලා මගෙ හිත කියනවා....ඒකයි මං මේක ලියන්නෙ...

චූටිගෙ තාත්තා ඊයෙ නැති වුණා...එයා ලඟ ජීවිතේ අන්තිම කාලෙවත් මට ඉන්න බැරි වුනා සුදු...මට හරි වේදනායි...අම්මලා මාව මෙහෙම හිර කරං,වෙන වෙන  සල්ලිකාරයො එක්ක පටලවලා මොනවා බලාපොරොත්තු වෙනවද මං දන්නෙ නෑ ....මං දන්නෙ එයාලට මට වඩා සල්ලි ලොකුයි සුදු...

දවසක,මං වගේ පැනලා යන්නෙ නැතුව පුලුවන් නං මගෙ චූටි එක්කම බේරිලා යන්න සුදු...ඔය ගෙදර ඉන්නෙ අමනුස්සයො ටිකක්...මං නවතිනවා මෙතනිං...මට හරි මහන්සියි සුදූ...

මගෙ හැමදේම මං ඔයාටයි චූටිටයි තියලා යනවා...පරිස්සමට ඉන්න සුදු....අලුතෙන් ජීවිතේ පටන් ගන්න...වෙච්ච දේවල් අමතක කරන්න...ආදරෙයි මගෙ සුදුටයි මගෙ චූටිටයි..

____________________________________

මං අඬා වැටුනා...අවුරුදු ගානක් ගිහිල්ලත්,අක්කා නැති වුන දුක අද එදා දැනුන වගේම මට දැනුණා....

පව් මගෙ අක්කා...

ඇඳ පාමුල වැටිලා ඔහේ බලං හිටපු මං මේ ලෝකෙට ආවෙ ෆෝන් එක රින්ග් වෙද්දි...

"හෙලෝ...සුදු නෝනෙ, අර අසලි දරුවට සිහිය ආවා..."
__________________________________

අපි ගෙවල් මාරු කරානෙ සුදු ලා...හරීයට වැඩ අනේ මේ දවස් වල...

ආයෙ ඉක්කනට එන්නම්...🤗❤️

රතු පාට මල්(Completed Short Story)✓✓Where stories live. Discover now