05 (final)

267 41 26
                                    

"සුදු ආන්ති..ඔයා ගොදාක් වෙලා දොයිය ගත්තනෙ....ආයෙ දොයියන්නෙපා..."

"ම්ම් ඔයා කියනවා නං ආයෙ දොයියන්නෙ නෑ මං..."

නින්දෙන් ඇහැරිලා සුදු ආන්ටිව බලන්න දුවන් ආව චූටි කෙල්ලයි,ඩයරියක් බල බල අඬ අඬා ඉඳලා පිස්සියක් වගේ දුවන් ආව මමයි මේ වෙද්දි උන්නෙ අසලියාගෙ ඇඳ ගාව...අපි එද්දි ඇසලියාව නෝමල් රූම් එකකට දාලා...කෙල්ලගෙ ඇස් ඇරුණට මොකො ඔලුව වටෙයි,කොන්දයි කකුලයි ඔතපු බැනඩේජ් දකිද්දි පපුව හෝස් ගාලා යන තරං...

මං කොනකට වෙලා බලං ඉද්දි,චූටි ගිහින් අසලියා එක්ක හරි හරියට කතාව... මං සුමනම්මට කතා කරලා එයාව ගෙදර යැව්වා..ගෙදරත් කවුරුත් නැති නිසා....

"අසලියා...කොතනක හරි පුංචිම අමාරුවක්වත් තියනවා නං කියන්න..."

"එහෙම නෑ මෑම්..."

අසලියා අහිංසක විදියට යන්තමට හිනාවෙද්දි මට ලෝභ හිතුනා..ටිකකින් නර්ස් කෙනෙක් ඇවිත් අසලියාගෙ සේලයින් අලුත් කරලා බෙහෙත් දීලා තුවාල බලලා,මොනවදෝ ලියාගෙන ගියා....කාමරේ කොනක තිබ්බ සෝෆා එකේ ඒ වෙද්දි චූටිට නින්ද ගිහිල්ලා...

මං අසලියා ගාවට කිට්ටු වුණා...

"මේකෙ ලොක් එක කියන්න.."

ඒ අසලියාගෙ ෆොන් එක...

"0513"

ඒ චූටිගෙ උපන්දිනේ වෙද්දි මට ඉබේම අසලියා දිහා බැලුනා...ඒත් මං මුකුථ් කිව්වෙ නෑ...
මං හෙව්වෙ එයාගෙ අම්මගෙ කෝල් ලොග් එකක්....

ඒත් මම ඇරුණම ඒකෙ තිබ්බෙ ඔෆිස් එකේ අංක දෙක තුනක් විතරයි....

"කෝ ඔයාගෙ අම්මාගෙ අංකෙ අසලියා...?"

මං අහද්දි එයා බිම බලා ගත්තා...ආයෙ මං දිහා බලද්දි ඒ ඇස් වල තිබ්බෙ තේරුම් ගන්න බැරි බැල්මක්...

"මට එහෙම කවුරුත් නෑ මැම්..."

"මොකක්ද..?"

"මං ඕපනේජ් එකකින් ආව කෙනෙක් මැම්...මං අනාථ ළමයෙක් ...ඒකයි ඒ වගේ වයසකින් ඔයා ලඟට ආවෙ....."

මං මුකුත් නොකිය එළියට ආවා...අසලියා ඇත්ත නොකිව්ව හේතුව නොදන්නවා උනත්,ඒක එයාගෙ පසනල් දෙයක් නිසා මට එයාට දොස් කියන්න  බෑ...ඒ නැතත් ඒ මූණ බලන් මට කොහොමත් කේන්ති ගන්න බෑ....
_______________________________

රතු පාට මල්(Completed Short Story)✓✓Where stories live. Discover now