"අසලියා..."
එදා වැහි දවසක්.....මට මතකයි එදත් රතුපාට මල් පිපිලා තිබ්බා....අසලියාගෙ කලු සාරියෙයි,අපෙ ගෙදර මිදුල පුරාමයි.....
එයා ආවෙ චූටි ගෙ උපන් දිනේ සමරන්න...චූටි යි මමයි අසලියායි....
අසලියා ගෙනාපු රෝස පාට අයිසින් මල් පිරිච්ච කේක් එක ඉටිපන්දං නිවලා කෑලි වලට වෙන් වුනා...
පළවෙනි කේක් කට චූටිගෙ සුදු ආන්ටි ට වෙද්දි මට කේක් කැව්වෙ එයා අන්තිමට.....
"සුදු ආන්ති අපි පාක් යමුකූ....."
කාලා බීලා ඉවර වෙද්දි පොඩි කෙල්ලට පාක් යන්න ඕන වුනා....අසලියා බැලුවෙ මං දිහා....
"චූටි ඒනං දූවලා ගිහිං අර අලුත් සූට් එක ඇඳං එන්න...කෝ යං..."
චූටිගෙ මූණෙ මල් යායක් පිපෙද්දි කෙල්ල හනිකට උඩට දිව්වා....
"අසලියා...යං චේන්ජ් එකක් දා ගමු...."
"ඒත් මැම්..."
"එත් මේත් නෑ, යං මං දෙන්නං ඇඳුමක්...."
අදි මදි කර කර හිටපු අසලියාව මගෙ කාමරේට ඇදං එද්දි මට දැනුණා කෙල්ලගෙ අත් සීතල වෙලා....ඒ ඇස් කාමරේ පුරාම හැඩ බලද්දි මං ඒ දිලිසෙන ඇස් වල හැඩ බැලුවා....තරුත් පරාදයි...
මගෙ තනි සුදු පාට කාමරේ ඇතුලෙ අසලියාව කැපිලා පෙනුණා....පාටක් කියලා දෙයක් තැවරිලා නොතිබ්බ මගෙ ජීවිතේ ඇතුලෙත් අසලියා කියන්නෙ දේදුන්නක් වගේ වෙද්දි මට ඒ පාට වලට සුලුවෙන්වත් හානියක් කරන්න ලෝභ හිතුනා.....
මං අසලියාට වඩා අඟල් පහක් වගේ උස නිසා මගෙ ට්‍රවුසර්ස් අසලියාට හරි ගියෙ නෑ...මගෙ තිබ්බ ජම්ප් සූට්,ෆ්රොක්,ක්රොප් ටොප් එකී මෙකී නොකී සේරම අසලියාට ටිකක් විතර ලොකු වුනා....අන්තිමේ මට ඉතුරු වුනෙ එක ඔප්ෂන් එකයි...අක්කා.....
එදා ගෙදරින් එද්දි අක්කට කියලා අයිති වෙලා තිබ්බ ඇඳුං දෙකකුයි,අක්කගෙ ඩයරියයි අරං ඇවිත් ඒවා අදටත් මං පරිස්සමට තියං හිටියා....
YOU ARE READING
රතු පාට මල්(Completed Short Story)✓✓
Historia Cortaමල් සියුමැලිද, උඹව දකින වාරයක් ගානෙ මං අහනවා.... අසලියා උඹ මලක් මං පිපුන වත්තෙම, මං ගාවම පිපුණ ලස්සන මලක්... මට බැරි නෑ උඹ වෙනුවෙන් නටුවක් වෙන්න... පර වෙන් නැතුව ඉන්නවා නං, පෙති හලන් නැතුව පිපෙනවා නං, මම හෙට උදේ උඹෙ නටුව වෙන්නං අසලියා.... ඒත් උඹ පිප...