"අසලියා, දැං ඇති...කාලා එන්න ගිහින්..."
තමන්ටත් වඩා උස ෆයිල් කන්දක් තියන් මොනවදෝ හොයන අසලියා ට මං කියද්දි අසලියා හිනාවෙලා ඔලුව වැනුවා....අද ඇඳං ඇවිත් තියෙන්ණෙ ලා රෝස පාට සාරියක්....තනිකරම අසලියා මලක් වගේමයි...මට ත් හිතා ගන්න බැරිව මොහොතකට මං ඒ රූපෙ දිහා බලන් ඉඳලා...අසලියා හරි ලස්සනයි...ඕන හිතක් නිවන්න පුලුවන් ඒ හිනාවට....
"මේ මේක තමයි මෑම් අර ෆයිල් එක..අර ආර්නෝල්ඩ් ලාගෙ..."
"හ්ම් ඉතුරු ටික කාලා ඇවිත් කරමු...යං මාත් එක්කම..."
"අන්නේහ්..."
"ම්ම් මං ගානෙ අද...."
මං අසලියාගෙ අතකින් ඇදගෙන එද්දි ඇසුත් බෝල කරන් මගෙ පස්සෙන් එයා ඇදිලා ආවා..
"මොකො අත ගගා ඉන්නෙ...?"
අසලියා කල්පනා කර කර කෑම එක අත ගගා ඉද්දි මං ඇහූවම අනිත් ඒවට වගේම උත්තරෙ වුනෙ අර ඉඟියක් නැති හිනාව....
අසලියා මං ඉන්න තැන හරි නිහඬයි...මට තියන ගෞරවයද මන් දන් නෑ...හැබැයි එයා කතා කරන්නෙත් හරි පරිස්සමට...එයාව මෙහෙම එක්කන් එන්න වුණත් මං උත්සාහ නොකරන්නෙ ඒකයි...දැන් වුණත් පේන් නැද්ද...
"ඔන්න බලාගෙන.."
කැෆේ එකෙන් එළියට බැහැලා පාකින් එකට එද්දිම ආව වාහනයක් අපි දෙන්නගෙ ලඟටම කපාගෙන යද්දි මං අසලියා ව ඇදලා අරං මගෙ අස්සෙ හංග ගත්තා...
"කොහෙ යනවද මන්දා මුං පිස්සො වගේ.."
මං අසලියා ව ඈත් කරාට මගෙ අත තාමත් ඒ ඉන වටේ වෙද්දි අසලියා හිටියෙ ඇසුත් ලොකු කරං වෙච්ච දේ මොළේට ප්රොසෙස් වෙන ගමන් වගෙ කන්ෆියුස් වෙලා....හුරතල්....
"මැම් ...තව ටිකකින් බබාව ක්ලාස් එකෙන් ගන්න තියනවා..."
"ආහ් හා මං යන්නං...ඔයාට පුලුවන්නෙ ඊලඟ මීටින් එක ඇරේන්ජ් කරන්න..."
"හා මැම්...."
මං බ්ලවුස් එක උඩින් දාං හිටිය කෝට් එක පුටුව උඩින් දාලා පහලට ආවා....චූටියා බලං ඇති මං එනකං..
"කෝ සුදු ආන්ති...?"
"සුදු ආන්ටි ඔෆිස් එකේ ඉන්නවා යං..."
චූටි ව ගන්න වෙනදට එන්නෙ අසලියා...මට තියන වැඩ ගොඩ එක්ක මං ගොඩක් දවසට ඔෆිස් එකේ නැති නිසා අසලියාට ඒ වැඩේ මං භාර දීලා තියෙන්නෙ..
"අසලියා මෙන්න සුදු ආන්ටිව හොයනො..."
එතන ඉඳලා පොඩි එකී අසලියා ගෙ පස්සෙන්..කවලා පොවලා එයාට තනියම සෙල්ලං කරන්න දීලා ඉවර වුනාම තමයි අසලියාට අනිත් වැඩ කරන්න වෙලාව හම්බෙන්නෙ....
ඒ වුණත් අසලියා කවදාවත් වචනයක් කියලා වත්,බැහැ කියලවත් නෑ...
සමහර වෙලාවට අසලියා චූටි එක්ක හිනාවෙවී කියවන දිහා මං පැය ගනං බලාගෙන ඉඳලා තියනවා...
අපි ගොඩක් ලඟ නැතත් ඒ දවස් හරි ලස්සනයි...කවදාවත් නොකිව්වත් අසලියා කියන්නෙම භාවනාවක්....ඒක කියා ගන්න බැරි වුණ එක ගැන අද මට නොසෑහෙන්න ලොකු පසු තැවීමක් විතරක් ඉතුරුයි..
_____________________________"සුදු ආන්ති දොයියන්නෙ ඇයි තාම..?"
"එයා ගොඩක් දොයිමතේ නෙ ඉන්නෙ ඒකයි..."
"නැගිතින්න කියන්නකු.."
"පව්නෙ ආන්ටිට දොය්යන්න දෙමු අපි.."
"මත පාලුයිනෙ.."
"තව චුට්ටයි..."
චූටි මූණත් දෙක කරගෙන අහක බලා ගත්තා....එයාට තේරෙන් නෑ වෙලා තියන දේවල්....
මං අසලියාගෙ ගෙදර අයව කන්ටැක් කර ගන්න ගොඩ සැරයක් ට්රයි කරා මේ දවස් දෙකෙම.... ගෙදර අය කිව්වෙ අම්මව..ඒත් ඒ එක අංකයක්වත් භාවිතයේ නැති ඒවා....අසලියා උන්න ඇනෙක්ස් එක අයිති ඇන්ටි ඇරුණම එයාව දන්න කෙනෙක් නැති තරම් වෙද්දි මං විතරක් ම අසලියා ඇස් අරිනකන් බලං හිටියා...
ආයෙත් ඉස්සර වගේ ඔය දිලිසෙන ඇස් දිහා ඈතිං හරි බලං ඉන්න මං ආසයි අසලියා....
Next>>
ශෝට් චැපි දෙන්න වෙන්නෙ බබාලා...දිග චැපි දුන්නොත් කතාව නවල් එකක් වෙනවනෙ...මේක ඉතිං ශෝට් ස්ටෝරියක්....,
ආයෙ එන්නං හෙට මං...බායි ගයිස්...🤗❤️
YOU ARE READING
රතු පාට මල්(Completed Short Story)✓✓
Short Storyමල් සියුමැලිද, උඹව දකින වාරයක් ගානෙ මං අහනවා.... අසලියා උඹ මලක් මං පිපුන වත්තෙම, මං ගාවම පිපුණ ලස්සන මලක්... මට බැරි නෑ උඹ වෙනුවෙන් නටුවක් වෙන්න... පර වෙන් නැතුව ඉන්නවා නං, පෙති හලන් නැතුව පිපෙනවා නං, මම හෙට උදේ උඹෙ නටුව වෙන්නං අසලියා.... ඒත් උඹ පිප...