යුන්ගි ගිහින් හොබීගෙ කාමරේ දොර ටිකක් එහාට කලා.ඒ ගමන්ම නහය කපාගෙන යන ලැවෙන්ඩර් සුවඳක් යුන්ගිගෙ නහයට දැනුනා.යුන්ගි ඒ සුවඳින් වෙනමම ලෝකයකට අරන් ගියා වගේ දැනෙන්න ගත්තා.හොබි හිටියෙ කොට්ටෙට ඔළුවත් තියාගෙන මොකක්දෝ මන්ද පොතක් දිහා බලාගෙන කිසිම හැඟීමක් නැති වගේ ඔහේ බලාගෙන ඉන්නවා යුන්ගි දැක්කා .
"තාම බෙහෙත් දාගත්තෙ නැත්තේ ඇයි?"
යුන්ගි එහෙම ඇහුවහම හොබි ටිකක් වෙලා කල්පනා කර කර ඉදලා හුස්මක් හෙලලා උත්තර දුන්නා.
"තාම නෑ හ්යුන්"
එහෙම කියලා යුන්ගි හොබි හිටපු තැනට ගිහින් හොබි දිහා බලන් හිටියා.හොබි හිටියෙ පොතක් දිහා බලාගෙන.පොතක් කිව්වට ඒ පොතේ තිබුනේ අකුරුවලට වඩා තිබුනේ පොඩි පොඩි කැලෑ මල් හොබි ගමනක් යද්දි පාරේ තියෙන පුංචි පුංචි මල් එකතු කරන් ඒවා ඒ පොත අස්සේ දාගන්න එක පුරුද්දක් පුරුද්දක් කරගෙන තිබ්බා.
යුන්ගි හොසොක් පොත බලාගෙන ඉන්න ගමන් ගිහින් කැබිනට් එකේ දොර ඇරලා ප්රථමාධාර පෙට්ටියෙන් ප්ලාස්ටරයක් , පුළුන් ටිකක් ටිෂු ටිකක් එක්ක තුවාල වලට දාන බෙහෙත් ටිකක් අරගෙන ආවා.යුන්ගි එද්දි හොසොක් ඇඳෙන් නැගිටලා වාඩිවෙලා හිටියා.
"මුණ පොඩ්ඩක් හෝදන් එන්න බෙහෙත් දාන්න "
හොසොක් ගිහින් මූණ හෝදගෙන අඩියට දෙකට ආපහු කාමරේට ආවා.යුන්ගි හිටියෙ ඇඳේ පැත්තක වාඩිවෙලා හොසොක්ට ආවට පස්සෙ ඇඳේ දිගා වෙන්න කියලා යුන්ගි කිව්වා. යුන්ගි ටිෂු එකකින් පිහිදාලා තුවාලෙට බෙහෙත් දාන්න ගත්තා.වම් කම්මුල විතරක් පොඩ්ඩක් හීරුන නිසා වුන නිසා යුන්ගිට බෙහෙත් දාන්න තරම් දෙයක් තිබ්බෙත් නැති තරම්.
බෙහෙත් දාලා ලොකු ප්ලාස්ටරයක් ගහලා ඉවරවෙලා යුන්ගි එතනින් නැගිට්ටා." දවස් තුනක් යනකන් ගලවන්න එපා හරිද ?
" ම්ම්ම් "
" මම යන්නම් එහෙනම් "
"ම්ම්ම් "
යුන්ගි හොබි දිහා එකපාරක් බලලා ආයෙත් යන්න හැරුනා.යුන්ගිට හිතේ දහසක් දේවල් තිබුනත් ඒවා කතා කරන්න හිටපු එකම කෙනත් යුන්ගිව මගහරින්න හදද්දී යුන්ගිට දරාගන්න බැරි තරම් දුකක් එක්ක පාළුවක් දැනුනා.යුන්ගි හිටියෙ පඩිපෙල ළඟ ඔහේ බිම් බලාගෙන ඇවිදින ගමන් නම්ජුන් යුන්ගිව අල්ලගත්තේ පඩිපෙලෙන් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී.
YOU ARE READING
අහම්බය | SOPE
Randomයුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයාලව ගලපගත්තා... 💫🌼🌿✨