'එදා හවස හොදටම වැස්ස
වෙලාව හවස හයට හතට වගේ , යුන්ගි වැස්ස නොතකා එක දිගටම කඩ වීදිය පැත්තට දිව්වා.
වැඩ ඉවර වෙලා ගෙවල් වලට යන මිනිස්සු , සෙල්ලම් බඩු ඉල්ලා අම්මලට කරදර කරන පොඩි ළමයි මේ වෙලාවට නගරේ දකින්න ලැබෙන සාමාන්‍ය දේවල්.
යුන්ගි කඩ වීදිය පැත්තට ආවේ ඒ වෙලාවේ ගොඩාක් බඩගිනි වෙලා හිටිය නිසා.
" මොනවද ඕන " කඩේ අයිතිකාරයා ඇහුවා ..
" ත්තොක්බොක්කි" එක පාර්සලය ක් ..
ඉතින් තොක්බොක්කි පාර්සලයත් අරගෙන යුන්ගි ආපහු නේවාසිකාගාරයට යන අතරෙ , යුන්ගි නොයෙක් දේවල් ගැන හිතමිනුයි ගියේ, දෙමව්පියන්ගෙන් සහයක් නැති එක , කණ්ඩායමක් හරියට සම්පූර්ණ නොවුන එක ගැන හිත හිත යුන්ගි ඉක්මනින් ම නේවාසිකාගාරයට ගියා..
..............................
" හේයි නම්ජුනා ...
" කියන්න හ්යුන් ...
" උබ නාලා එහෙමද ?
" තාම නම් නැහැ හ්යුන්
" ඉක්මනට නාලා වරෙන් එහෙමනම් කෑම කන්න .
" හරි හ්යුන් ...
"ඉතින් යුන්ගි ඉක්මනින්ම ගිහින් නාලා ටවල් එකෙන් කොන්ඩෙත් පිහිද පිහිද සාලයට ආවා . ඒත් තව කවුදෝ කෙනෙක් ඉස්සරහ දොර පැත්තෙ හැංගෙනවා වගේ දැක්ක නිසා යුන්ගි ගිහින් ඉක්මනට බැලුවා කවුද ඒ ඉන්නෙ කියලා.
යුන්ගි ගිහින් එකපාරටම මූනට එබිලා බැලුව නිසා ඒ කොල්ලා එකපාරටම ගැස්සිලා පිටිපස්සට වුනා . ඒ දඬුලේන් පැටියෙක්ගෙ වගේ අහිංසක ඇස් හිනාවක් දැකලා යුන්ගිට තමන් වැරැද්දක් වත් කලාද කියලා හිතුනා. ඒත් හිනාවක් ගෑවිලාවත් නැති යුන්ගිගෙ මූනෙ එවෙලේ එකපාරටම හිනාවක් ආවත් ඒක ඒ වෙලේම හිරකරන් හිටියේ ආගන්තුක කෙනෙක්ට හිනාවෙන එක හරි නැහැ කියල යුන්ගිට එවෙලෙ හිතුන නිසා .
" ඔයාගෙ නම මොකක්ද කොල්ලො .
" හොසොක් , ජන් හොසොක් "
" ආ , නම්ජුන් මට කලින් කියලා තියෙනවා තමා "
" හ්ම්..
YOU ARE READING
අහම්බය | SOPE
Losoweයුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයාලව ගලපගත්තා... 💫🌼🌿✨