කාලය ගෙවිලා ගියා ....
හැමෝම මේ වෙද්දි කිසිම ප්රශ්නයක් හිතට ගන්නෙ නැතුව හිටියේ. එයාලා හිටියෙ ලොකු බංගලාවක පැත්තකින් නිල් පාටින් වතුර බැහැගෙන යන වැවක් , බංගලාව ඉස්සරහින් පොඩි වොලිබෝල් පිටියක් ඒ වගේම පොඩි සංගීත කාමරයක් තිබුනා..
යුන්ගි හිටියෙ තද නින්දේ.. යුන්ගිගේ කාමරේ පුරාම තිබ්බෙ තද අන්ධකාරයක්, ඒකටම හරියන්න කාමරේ ආලේප කල්ල තිබුනේ කලු පාටින් , කොච්චර අඳුරු වුනත් කාමරේ හැමදෙයක්ම හරිම පිලිවෙලට තිබ්බා..
යුන්ගි ඇහැරුනා ඒත් හිටියෙ පියවි සිහියට එනකන් ඇස් දෙකත් අඩවන් කරගෙන හරියට පොඩි පූස් පැටියෙක් නින්දෙන් ඇස් ඇරපු වගේ ..ටිකක් වෙලා කල්පනා කර කර ඔහේ බලාගත්ත අත බලන් හිටපු යුන්ගි නැගිටලා ඇස් දෙකත් පිහදාගෙන මූණ පිහිදාගන්න ගියා ..
වෙලාව උදේ 9:30 විතර ඇති , ගොඩක් වෙලා නිදාගෙන කියලා ඒ වෙලාවෙයි යුන්ගිට තේරුණේ , යුන්ගි ගිහින් ජනේලයේ දොරවල් දෙක ඇරියා... එලියේ Joon , Jin , jk and Tae දෙපිළකට බෙදිලා වොලිබෝල් සෙල්ලම් කරනවා.යුන්ගි හිටියෙ උඩ කාමරෙක නිසා ඒ ඔක්කොම කැපිලා පෙනුනා.ඒත් එක්කම උදේට මොනවා වත් කාල නැති නිසා යුන්ගි කුස්සිය පැත්තට ගියා. ඒ යන ගමන් කල්පනා කරේ හොබි දැන් මාස තුනක විතර ඉඳලා යුන්ගිව උදේට ඇහැරවන පුරුද්ද නැති වුනේ ඇයි කියලා.
යුන්ගි ගිහිල්ලා කෝපි එකක් හදාගෙන එළියට ආවා. පල්ලෙහාට යනකොට ජිමින් හොබිත් එක්ක සොයා එකේ වාඩිවෙලා ගේම් එකක් ප්ලේ කර කරයි හිටියෙ. හොබි යුන්ගි දිහා එකපාරක් විතරක් හැරිලා බලලා මුකුත් නොකියා ගේම් එකට ආපහු අවදානෙ දුන්නා. යුන්ගිත් දෙන්නට එහාපැත්තෙන් වාඩි වෙලා සද්ද නැතිව කෝපි එක හිස් කල්ලා පොතක් අතට ගත්තා.ටික වෙලාවක් යනකොට ජිමින් හොබි එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගත්තෙ එයා සෙල්ලමේ හොර කරනවා කියල.ටිකෙන් ටික රණ්ඩුව වැඩි වෙලා හොබි joystick එකෙන් ජිමින්ට පාරක් එල්ල කල්ලා තරහෙන් උඩට ගියා .
YOU ARE READING
අහම්බය | SOPE
De Todoයුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයාලව ගලපගත්තා... 💫🌼🌿✨