දහය එකොළහ වෙනකම්ම හොසොක් සහ යුන්ගි ඔරුවේ රැඳිලයි හිටියෙ.ඒකට හේතුව මොකක්ද කියන්න ඔවුන්වත් දැනන් හිටියෙ නැහැ , ඔවුන් දෙන්නට ඕන උනේ දෙන්නත් එක්කම තනිවෙන්න . හැම වෙලාවක වගේම.
සදේ භාගයක් පායලා තිබුනා වුනත් සඳ එලිය යාන්තමින් වැව් ජලයේ දිස්වුනා.
හොසොක්ට අවශ්‍ය වෙලා තිබුනේ එයාගෙ යුන්ගි එක්ක තමන්ගේ හිතේ තියෙන ඔක්කොම කියලා හිත නිදහස් කරගන්න ,දෙන්නා කෑම්ප් එකේ ඉඳලා සෑහෙන දුරක් ඇවිත් තිබුනේ එයාලටත් නොදැනී , වැවෙ මැදටත් වඩා දුරක් දෙන්නා ඇවිත් තිබුනා.
හොසොක් ඔරුවේ එක කොනකට වෙලා නිදාගෙන ඉද්දී හොසොක්ගේ කකුල් වළට එකපාරටම සීතලක් දැනුනා.හොසොක් ඇහැරුනේ එක නිසා.
" යුන්ගි හ්යුන් , යුන්ගී හ්යුන්
" ආ ඇයි හොබා
" මේ බලන්න ඔරුවට වතුර ඇවිල්ලා. මට හිතෙන්නෙ ඔරුව හිල් වෙලා වගේ
" මොකක් , අම්මටසිරි
" අපි මොකද කරන්නෙ හ්යුන් , අනේ මට බයයි
යුන්ගිට දෙලොව රත් වෙන්න ගත්තා. තව ටිකක් වෙලා ඔරුවේ හිටියොත් ගිලෙන්න වෙන බව දන්නා නිසාත් කෑම්ප් එකට සෑහෙන දුර නිසාත් අනිත් ඉවුර ( කැලෑව තියෙන පැත්තෙ ) ටිකක් ළඟ නිසාත් ඒ පැත්තට යන්න යුන්ගි ක්ෂණිකව හිතාගත්තා.
" හොබි බයවෙන්න එපා අපි අර පැත්තට යමු
" මො.මොකක්
" මොකක් නෙවෙයි , අනිත් පැත්තට යන්න වෙන්නේ නෑ කොහොමත් මහා දුරක් පීනන්න බෑ අපිට , කතා කරන්නෙ නැතිව වරෙන්
යුන්ගි මුලින්ම වතුරට පැන්නා.මුළු ඇඟම සීතල වෙලා ගියේ අයිස් කුට්ටියකට වැටිච්ච වගේ.
" අනේ යුන්ගි හ්යුන් මට බයයි
" මෙහෙ පැනහන් ඔතන ඉදලා ගිලෙන්නද ඕනේ හොබි
" හං.හරි
හොසොක් ඇස් දෙක පියාගෙන වතුරට පැන්නා.දැනුනු සීතල හොසොක්ට දරාගන්න ගොඩක් අමාරු වුනා.හොසොක් යුන්ගි දෙන්නම ඉවුර පැත්තට පීනගෙන ගියා.ඉවුරට ඔන්න මෙන්න ටික දුරක් තියලා හොසොක් නවතින්න උත්සාහ කලේ දැනුනු මහන්සියට.
" අනේ යුන්ගි හ්යුන් මට නම් බෑ අම්මොහ්
" හොබි මගේ ළඟට එන්න
යුන්ගි හොසොක්ව කරේ තියාගෙන එහා ඉවුරට පීනුවා.නිම්නයට ආපු යූන්ගි හොසොක් ගේ කරවටේ අතක් දාන් එක්කරගෙන ආවා.ඊලගට කරන්නෙ මොකක්ද කියලා හිත හිත හිටපු යුන්ගි ගිහින් නිම්නයෙ තිබුණ කළු ගලක් උඩින් වාඩි වුණා. හොසොක් තමන්ගේ ඉස්සරහට ඇවිත් ඔලුව පහත් කරගෙන හිටියා.
" මේ සේරම මං නිසා නේද හ්යුන්
" හරි , ඔවා ගැන කතා කල්ල වැඩක් නෑ
අපි ආයෙත් යන්නේ කොහොමද කියලයි බලන්න ඕනෙ" හරි හ්යූන් , මට සීතලයි හ්යූන් සෑහෙන්න , කවදාවත් මෙච්චර සීතලක් දැනිලා නෑ ඇත්තටම
" හ්ම්ම්
යුන්ගි තණ කොළ ටිකක් වැවිලා පැත්තකින් වැටිලා අහස දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තෙ කලබලකාරී සිතුවිලි ඔලුව පිස්සු වට්ටද්දී,ටිකකින් හොසොක් ඇවිත් යුන්ගි එහාපැත්තෙන් ඇලවුනා.
" දැන් හරිද ඔරු පැදීමේ ආසාව?
" අනේ යුන්ගි හ්යුන් මට බනින්නේ ඇයි , මට එහෙම හිතුනේ ඔයාගෙ උපන් දිනේ දවසේ ඔයත් එක්කම ගෙවන්න ඕනේ කියලා හිතුන නිසා.
" කවුද දැන් බැන්නේ , ම්ම්
" මෙහෙම දෙයක් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ හ්යූන් , මට සමාවෙන්න ඔයා මම නිසා හැමදාම දුක් විදිනවා
හොසොක් ඒ එක්කම යුන්ගිගෙ පපුවේ ඉකිගහන්න ගත්තා.යුන්ගි ඒ අහපුවට කිසිම උත්තරයක් නොදී හොසොක්ගෙ කෙස් අතර ඇඟිලි යැව්වේ "සේරම හරි" කියන්න වගේ.හොසොක්ට කඳුළු අතරෙම යුන්ගිගේ පපුවේ උණුසුමේ නින්ද ගියා.
.............
තව එකාක් ...🌈🌱
කතාවට සමනල් ගැටේ වැටිලා තියෙන්නේ ළමයි 😁
පිස්සු නෙහ්...😂 එන්නාම් ...
YOU ARE READING
අහම්බය | SOPE
Randomයුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයාලව ගලපගත්තා... 💫🌼🌿✨