7

49 11 0
                                    

ෆෝන් එකත් ඔඩොක්කුවේ තියාගෙන අඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා හිටපු මගේ නින්ද කඩලා ආයෙමත් කෝල් එකක් ආවෙව් වියානා ගෙන් .

" හෙ - "

" අහපන් බිච් . උඹට ඔය වෙන සීන් එක ස්කූල් කාලේ හොල්මන් ගෙදර එක්ක තිබ්බ ප්‍රශ්නෙ වගේමයි . හිතෙන් නැද්ද . අපි දෙන්මම ඒ ගෙදර දැක්කත් ඔයාට විතරයි ඒ ගෙදර අස්සත් හීනෙන් පෙනුනේ ? . මේකත් ඔයා හිතනවා වැඩි නිසා නම් " මන් කියන්න ගිය එකට මැදින් පැනපු වියානා කිව්වා .

" එහෙනම් කොහොමද මේකට මගෙන් පිට අය සම්බන්ද උනේ . හොබී ඉද්දි උන දෙ? " මන් අහද්දි එයා කල්පනාවකට වැටුනා

" අහන්නකෝ . මන් මේවා බරපතල කරන්න කැමති නෑ . ඒත් මේවගෙන් එකක් වෙන්නට්ජ් බැරි නෑ . Paramnesia නැත්තම් astral projection එහෙමත් නැත්තම් shifting " . එයා එහෙම කියන ගමන් කතා කරන එක නැවැත්තුවා . ඒත් මගෙන් සද්දයක් නැති නිසාමද කොහෙද එයා තනියම කතා කරන්න ගත්තා

" Paramnesia . නොවුන දෙයක් උනා වගේ දැනෙන එක ( deja vu ) වගේම ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තයි දැනෙන එක . ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට ඔයා අඇත්තටම දැක්ක දේවලුයි මතකයනුයි මිශ්‍ර වෙන එකට . හරියට කිව්වොත් මේක ඔයාව අවුල් කරනවා අඇත්ත මොකක්ද එහෙම නොවන එක මොකක්ද කියලා තේරුම් ගනා බැරුව

astral projection එකෙන් කියවෙන්නෙ ඔයා ඔයාගේ ශරීරයෙන් පිට යන එක . හරියට ඔයාගේ විඥානය ශරීරය තියලා වෙන තැනකට යනවා වගේ දෙයක් . ඕක ගොඩක් ලූසිඩ් ඩ්‍රීම්ස් සහ භාවනා එක්ක බැදුන එකක් . එතකොට shifting කියන්නේ තනිකරම සෝශල් වල යන බොරුවක් මන් හිතන්නේ . ලියෝරා ! ඔයාට මේවට සම්බන්දයක් දැනෙනවද ? " වියානා කියන්න ගත්තා. මට නම් සේරම කලවම් මැල්ලුමක් වගේ

" පලවෙනි එක එහෙම වෙන්න බෑ නේ . මේවා ඩෙජාවූ නෙවේනේ .. මට ශුවර් ඒ දේවල් උනා කියලා . එක පාරටම ඔලුවට ආපු කොල්ලගේ මතකය ඔහොම එකක් වෙන්න පුලුවන් . ඒත් අද උන දේවල් එහෙම නෑ වියානා. තව අඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන් වෙන්නත් බෑ . මන් හීනෙකින් අඇහැරුනා විතරයි . ඒක ලූසිඩ් ඩ්‍රීම් වලට දාන්නත් බෑ ඒ හීන වල උන දේවල් අඇත්ත ජීවිතෙත් උනා " මන් නලල තද කරගෙන එහෙම කියද්දි අනිත් පැත්තෙන් වියානා ලොකු හුස්මක් පහල දැම්මා

" මන් ඕවා ගැන ටිකක් හරි හෙව්වේ ඔයා දාගන්න තරමක් දාගත්තේ සාමාන්‍ය ප්‍රශ්න නොවන නිසා ලියෝරා . මට තේරෙන්නේ නෑ තවත් මොනවා කියන්නද කියලා. ඒත් ඔයා මේවගෙන් අයින් වෙන්න . එච්චරයි! "

" මටත් එහෙමයි ... මන් මේවා අතහැරල ඉන්න ගියත් මගේ පස්සෙන් අර හඩවල් එනවනේ . මන් හීන දකින එකේ නතරවීමකුත් නෑ . මේවගෙන් නිදහසක් නැද්ද මට ?" මන් කිව්වේ ලොකු පීඩනේකින්.

" මට...ම්.. මන් .මන් ටීම් එකට රිසර්ච් එක කරන්න ඔයාගේ ඔය දූපතට යන අදහස දාන්නම් . එහෙම උනොත් මේ මාසේ අන්තිමේට ටීම් එක එක්කම එන්න පුලුවන් . අනේ එතකන් පරිස්සමෙන් ඉදපන්. පුලුවන් නම් ඔය ගමෙන් ආපහු මෙහෙන වරෙන් . මට බෑ යාලුවට මුකුත් වෙන්න දෙන්න '

" ස්තූතී ඒයි . මන් දන්නෙ නෑ . මට අඇත්තටම බයයි . ඔයා හොදටම දන්නවා මටමයි මේම ප්‍රශ්න එන්නෙ කියලාහ් . බයයි මට .. " මන් කියනකොට එයා ආපහු කතා කරන්න ගත්තා

" ලියෝරා .ඔයාගෙව් හිත දුර්වල අඇති . මන් කියනවට meditate කරපන් . දවස් විසි එකක් කරමන්න බලපන්කෝ . සේරටම මුල හිත ඉක්මනට දේවල් වලින් ගැස්සෙන එකනේ . අපි එතනින් පටන් ගම්මු "

" වෙන්න අඇති . මන් එහෙම කරන්නම් . ආයෙමත් ස්තූතී වියානා . මට කාමරේ ඉන්නත් බයයි වගේ . මල්ලිගේ කාමරේට යන්නත් ඕනේ . ගුඩ් නයිට් " මන් එයාට කියන ගමන් උත්තරයක් බලාපොරොත්තු නොවීම කෝල් එක කට් කරා . ඒ තරමට මන් බයයි . හිමින් හිමින් ටේගේ කාමරේට යද්දිත් එයා අඇහැරිලා . මුකුත්ම නොකියා මන් එයාගේ අඇදට පනිද්දි උගුඩුවෙක් වගේ මගේ දිහා බලන් හිටියා .

" පුලුවන් දෙයක් කරන්න . මන් යන් නෑ ! " එහෙම කියන ගමන් මන් කොට්ටෙක මූන ඔබාගත්තා

In That Dream We Met | KSJWhere stories live. Discover now