Chapter 7

23 3 0
                                    

එදා සිද්දියෙන් පස්සේ මම තේරුම් ගත්තා ඇත්තටම කවුද මං වෙනුවෙන් ඉන්නෙ කියලා...එදා එහෙම නොවුන නම් මේ කිසිම දේක ඇත්ත දකින්න මට බැරිවෙන්න තිබුනා....සෙනුති අක්කයි නිශීයි නැත්තම් ඇත්තටම මම නොකරපු වැරැද්දකට මට මුලු ජීවිත කාලෙන්ම වන්දි ගෙවන්න වෙන්න තිබුනා....

කොහොමත් සෙනුති අක්කලට තියන කන්ටැක්ට්සුයි ඒ පවර් එකෙයි හැටියට එයාලට මනුස්සයෙක්ගේ ජීවිතයක් තිබ්බ හැමදේම මකලා අලුතින් ලියනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමේ....

අනික සනුලිගෙ තාත්තත් මහ ජරාම ජරා මිනිහෙක්...තමන්ගේ දුවගෙම වයසෙ ලමෙක්ව රේප් කරලා ඒ ලමයගේ ජීවිතේ විනාස කරලා...ඒ නඩුව ලස්සනට සල්ලි වලින් යට ගැහුවා....කිසිම දෙයක් උනේ නෑ වගේ...ඔය මනුස්සයා ඔය කරන බිස්නස් වලින් හම්බු කරන වැඩි හරියක්ම කලු සල්ලි....ඒත් මට දුක සනුලි ගැන අම්මයි තාත්තයි කරන දේවල් වලට එයා පලි නෑ....ගෑනු ලමෙක් ඉන්න තාත්තා කෙනෙක් ඔය වගෙ දෙයක් කරන්න කලින් කොච්චර තමන්ගේ ලමයගේ අනාගතේ ගැන හිතන්න ඕනද...දවසක ඒ ළමයා මේ සමාජෙට ගියාම ජීවත් වෙන්නෙ කොහොමද...මිනිස්සු එයා දිහා බලන කෝණේ මොන වගේද...කසාදෙකදි ඒ ළමයා මොන වගේ තත්වෙකටද වැටෙන්නෙ...."අපෝ මෙයාගේ තාත්තට රේප් කේස් එකක් තියනවා..." ඔය වගේ වචන කීයකින් එයාගේ ලෝකෙ පිරෙයිද...ඒත් ඒ මනුස්සයා ඒ කිසි දෙයක් නොහිතා අර ලමයගේ ජීවිතේ විතරක් නෙමේ තමන්ගේ දුවගෙ ජීවිතෙත් දුවට අතක්වත් නොතියා විනාස කලා....සනුලිව ගොඩක් ලමයි ඉස්කෝලෙන් කොන් කරලා වගේ තිබුනේ....එයත් එක්ක කතා කරන්න ගියත් ගොඩක් අය එයාට හින්ට් ගහනවා තාත්තා ගැන කියලා....සමහරවිට පිටට පෙන්නපු ඒ ගොරෝසු චරිතේ ඇතුලේ හදවතින් විදවන පොඩි ලමෙක් ඉන්නවා ඇති...එදා මිස්ට ඇවිල්ලා ආන්ටි ගැන කියනකොටත් මට හොදට තේරුනා එයාගේ ඒ වචනවල තිබුනේ මට ගොඩ කාලෙක ඉදන් පියවන්න බලාගෙන හිටපු ණයක් කියලා....එයාගේ අම්මගේ අතින් මට උන හැම වැරැද්දම එයාට හරි ගස්සන්න ඕන වෙලා තිබුනා....

ඒත් ඒ හැමදේම එක පාරට හරි ගියේ නෑ....මාස දෙකක් විතර යනකන් ළමයි මං දිහා බැලුවේ මම වැරදිකාරයෙක් කියන කෝණෙන්.....මම දැනන් හිටියත් මම කිසිම වැරැද්දක් කරේ නෑ කියලා අනික් අය ඒ කිසි දෙයක් දන්නේ නෑ නේ....අපිට මනුස්සයෙක්ගේ ඔලුවට වැරදි අදහසක් දාන්න තප්පරයක්වත් නොගියට ඒ වැරැද්ද එයාගෙ ඔලුවෙන් අයින් කරන්න සමහර විට මැරෙනකම්ම බැරි වෙනවා...ඒ නිසයි මම මට පුලුවන් තරමින් හොදින්, කාටවත් වැරැද්දක් නොකර ජීවත් වෙන්න ට්‍රයි කරන්නේ....ඒත් දැන් ඒ හැමදේම වෙනස් වෙලා....මේ ටික දවසට උන හැමදේම මම අමතක කරන්න කොච්චර ට්‍රයි කලත්....ඒක කියන තරම් ලේසි දෙයක් නෙමෙ....

කදුලක සැගවුනු සිනහව<A Smile through Your Tears> Where stories live. Discover now