▫️️ Chapter 02 ▫️️

106 17 20
                                    

ඇත්තම කිව්වොත් කෙල්ල කටත් ඇරගෙන බලන් හිටිය රූම් එක ඇතුලෙ වෙන දේ දිහ.

" ඇත්තටම ඒ ඉන්නෙ එයාද ? 😀😀😀 "

නෝරා තමන්ගෙ ඇස් දෙක පොඩි කරන ගමන් ආයෙ ඉස්සරහ බැලුවා.

" ඇත්තටම මේ එයා තමා.😀😀😀."

නෝරා එහෙම කියන ගමන් කම්මුලේ අත් දෙකත් තියාගෙන බලගෙන හිටියෙ ඉස්සරහ වෙන දේ දිහා.කෙල්ල දැක්කෙ ඩාන්සින් ප්‍රැක්ටිස් එකක්.

" මන් ඇත්තටම ඒ කියන්නෙ ජන්කුක් ඔප්පව දැක්කද අද.😀😀😀."

කෙල්ල ඇහිපිල්ලන්වත් ගහන්නෙ නැතුව බලන් හිටියෙ වෙන කවුරුවත් දිහා නෙමේ ජියෝන් ජන්කුක් දිහා.

ජියෝන් ජන්කුක් එහෙම නැත්තන් JK කියන්නෙ කොරියාවෙ විතරක් නෙමේ මුලු ලොකේම ෆේමස් සෝලෝ ආටිස් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියෝන් ජන්කුක් එහෙම නැත්තන් JK කියන්නෙ කොරියාවෙ විතරක් නෙමේ මුලු ලොකේම ෆේමස් සෝලෝ ආටිස් කෙනෙක්.අවුරුදු විසි හතක් වෙච්ච ජන්කුක් මේ වෙනකොට තුන්පාරක්ම artist of the year award එක ගන්න පුලුවන් වුනා.ජන්කුක් කියන්නෙ ඇත්තටම මල්ටි ටැලන්ටට් කෙනෙක්.ඒ වගේම කොල්ලා ටිකක් ආඩම්බර වගේම නපුරු කෙනෙක්.ඒකට එක හේතුවක් වුනේ කොල්ල පොඩි කාලෙ වෙච්ච දෙයක්.ජන්කුක්ට නූනා කෙනෙක් ඉන්නවා.කොල්ලගෙ නූනානම් මැරි කරලා වෙන රටක ඉන්නෙ .කොල්ලගෙ තාත්තා ඉන්නෙත් කොල්ලගෙ නූනා එක්ක.කොල්ල චණ්ඩියා වුනාට මොකද මොනා නැතත් කොල්ලා තමන්ගෙ නූනාට බයයි.

නෝරා බලාගෙන හිටියෙ ජන්කුක්ගෙ seven song එකේ ඩාන්සින් ප්‍රැක්ටිස් එක.කෙල්ල නිකන් ඒ දිහා බලාගෙන හිටියෙ දැහැනකට සමවැදිලා වගේ.

දැහැනකට සමවැදිලා වගේ හිටිය නෝරා ආයෙ මේ ලොකේට ආවෙ කවුරුහරි කෑගහපු සද්දයක් නිසා.
කෙල්ල ඒ වෙලාවෙ තමා දැක්කෙ ජන්කුක් වගේම කොල්ලගෙ බැක් අප් ඩාන්සස්ල ටිකක් ඩාන්ස් කරන එක නවත්තලා කියලා.රූම් කට්ටිය වැඩිපුර ටිකක් හිටිය නිසා කෙල්ල ඉන්නව කියන එක කාටවත් එච්චර ගාණක් වුනේ නෑ.
ඒ වගේම කෙල්ලට ජන්කුක්ගෙ මූණ හොදටම පෙනුනා.කෙල්ල දැක්කෙ ජන්කුක් කේන්තියෙන් තමන්ගෙ  chorographer දිහා බලාගෙන ඉන්නවා.

▫️𝐈𝐧𝐬𝐞𝐩𝐚𝐫𝐚𝐛𝐥𝐞 || 𝐉𝐉𝐊 ( 𝐨𝐧 𝐠𝐨𝐢𝐧𝐠)Where stories live. Discover now