නෝරා ඉස්සරහ හිටිය කෙනා තමන් ඇදන් හිටිය හූඩි එක ගලවලා නෝරාට දික් කරා.නෝරා හූඩි එක ගලවලා තමන්ගෙ දික් කරපු එකටත් වඩා කෙල්ල පුදුම වෙලා බලන් හිටියෙ තමන්ගෙ ඉස්සරහ හිටගෙන හිටිය කෙනා දිහා.
" ජන්කුක්ශී 😯😯😯 "
ජන්කුක් හූඩි එකට යටින් ඇදගෙන හිටියෙ ග්‍රේ කලර් බැගී ටී එක නිසා ඒ වෙලාවෙ නෝරා ජන්කුක්ව දැක්කෙ ගොඩක් handsome විදිහට.
කොල්ල ඇදන් හිටිය බ්ලැක් කලර් ස්ලිම් ෆිට් trouser එකත් කොල්ලගෙ ටී එකට ගොඩක් මැචින්.නෝරා පුදුම වෙලා ජන්කුක් දිහා බලනකොට ජන්කුක් කරේ කෙල්ලගෙ ලිප්ස් උඩින් තමන්ගෙ ඇගිල්ලක් තිබ්බ එක.
කෙල්ලගෙ ලිප්ස් උඩින් තමන්ගෙ ඇගිල්ල තිබ්බ ජන්කුක් කෙල්ලගෙ අතේ තිබ්බ කැප් එක අරන් තමන්ගෙ ඔලුවෙන් දාගන්න ගමන් කෙල්ලගෙන් අඩියක් පිටිපස්සට ආවා.ජන්කුක් තමන්ගෙ කලිසම් සාක්කුවෙ තිබ්බ මාක්ස් එක අරන් දාගෙන ඉවර වෙලා කෙල්ලගෙ අත් දෙක උඩින් තමන්ගෙ හූඩි එක තියලා ජන්කුක් ආව පාරෙම යන්න ගියා.
ජන්කුක් යන දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය නෝරා ජන්කුක් දුන්න හූඩි එක ඉක්මනට ඇදගෙන ජන්කුක්ගෙ පස්සෙන් දිව්වෙ කෙල්ලට ලගින්ම වගේ තමන්ගෙ පස්සෙන් ආව අයගෙ අඩිසද්ද ඇහුන නිසා.ජන්කුක් ගාවට ගිය කෙල්ල ජන්කුක් අතේ එල්ලෙනකොට ජන්කුක් යන එක නතර කරලා නෝරා දිහා බැලුවා.ජන්කුක් ඒ වෙලාවෙ කෙල්ලට මොනාහරි කියන්න ගියත් ඒ වෙලාවෙ නෝරාට වගේම ජන්කුක්ටත් මිනිස්සු ගොඩකගෙ අඩි සද්ද ඇහෙන්න ගත්තා.
තමන්ගෙ ලගින්ම අඩි සද්ද ඇහෙනකොට නෝරා ජන්කුක්ට තවත් ලන් වුනා.
" ජන්කුක්ශී ප්ලීස් ඔයාට විතරයි මාව බේරගන්න පුලුවන් .🥺🥺🥺 "
කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන ජන්කුක් දිහා බලාගෙන එහෙම කිව්වත් කොල්ල කරේ නෝරාගෙ අත අයින් කරපු එක.
නෝරාගෙ අත අයින් කරපු කොල්ලා තමන්ගෙ අත කෙල්ලගෙ ඉන වටේ දාගන්න ගමන් කෙල්ලව තමන්ට ලන් කරගත්තා.
කෙල්ල මොනාහරි කියන්න ගියත් ඊට කලින් ජන්කුක්" දැන් කටවහගෙන මගෙ girlfriend වගේ ඉන්න."
ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ලව තමන්ට ලන් කරගෙන ඇවිදින්න ගන්නකොට විනාඩි දෙක තුනක් ගියාට පස්සෙ මිනිස්සු පහක් විතර දෙන්නව පහු කරන් ඉස්සරහට ගියා.
YOU ARE READING
▫️𝐈𝐧𝐬𝐞𝐩𝐚𝐫𝐚𝐛𝐥𝐞 || 𝐉𝐉𝐊 ( 𝐨𝐧 𝐠𝐨𝐢𝐧𝐠)
Fanfiction" මන් මීට කලිනුත් තමුන්ට කිව්වා.එක පාරක්වත් ඇහුවෙ නෑ .මට හැමතිස්සෙම මේක තමුන්ට කියලා එපාවෙලා තියෙන්නෙ.තමුසෙ මොන එකටද මගෙ පස්සෙන් එන්නෙ.😠😠😠 කොල්ලෙක් වගේ ඇදගෙන ගෙට පනින්න හේතුව තමුසෙ කිව්වෙ නැත්තන් මන් තමුසෙව පොලීසියට අල්ලලා දෙනවා." Idol කෙනෙක්ගෙ...