" බට්ටි ඇයි මේ මූණ එල්ල ගෙන.."
" චූටි අයියේ.."
ඊයෙ සීද්ද උන දේවල් මතක් වෙන වාරයක් පාසා පපුව වේදනා දෙන්න ගද්දි මං නොසෑහෙන්න උත්සාහා ඒ දේවල් මතක් නොකර ඉන්න..ඒත් විරූද්ගෙ අහිංසක මූණ දකින දකින සැරේට මගෙ බඩ පපුව දාලා යනවා..
කිව්වා වගේම අම්මලා අද මෙහෙ ආවා වෙද්දි මගෙ පොඩි එකී ආව වෙලාවෙ ඉදන් මූණ එල්ලන් ඉන්න නිසා හැමෝගෙන්ම ඈත් වෙලා එයා තනි වෙනකන් ඉදලා මං නංගිට කතා කරා..
" කියන්නකො ඇයි මේ.."
" හිත රිදෙනවා.."
" කවුද උබෙ හිත රිද්දුවේ.."
" ශාක්‍ය.."
" අ..අයියෙ එයා..එයා මට ගැහුවා.."
වචන පවා පටල ගත්ත නංගියෙ ඇස්වල කදුලු පටලයක් බැදීගෙන එද්දි මං එයාව පපුවට තුරුල් කර ගත්තේ ශාක්‍ය එක්ක ඇති උන කේන්තියට අත් මිටි මොලව ගන්න ගමන්..
ශාක්‍ය කියන්නෙ බට්ටි අවුරුදු හතරක් තිස්සෙ ආදරේ කරන කොල්ලා..මං ඇර ඒ ගැන අපෙ ගෙදර කවුරුත් දැනන් හිටියෙ නෑ..විරූද්ගෙයි බට්ටිගෙයි මේ විකාර මගුල නිසා ඒ දෙන්නා අතර ප්‍රශ්න ඇති උනත් මං හිතුවෙ නෑ ඌ මගෙ පොඩි එකීට අත උස්සයි කියලනම්..
" නංගි..අඩන් නැතුව ඉන්නවකෝ..අයියා ඉන්නවා නේ ම්ම්ම්.."
" මට එයාව ඕනි අයියා..මං ශාක්‍යට හරි ආදරෙයි.."
" ඌ උබට අත උස්සන්න තරම් මොකක්ද උනේ.."
" ටික දවසකින් මං එන්ගේජ් වෙනවා කියද්දි එයාට තරහා ගියා.."
" ඕකව මරනවා මං.."
" මං නිසා ප්‍රශ්න දා ගන්න එපා චූටි අයියේ.."
පපුවට නිකට තද කරන් මං දිහා බලපු නංගිගෙ ඇස්වල තිබ්බ කදුලු දැකලා මං ලොකු හුස්මක් අරන් පාත දැම්මා..
මේකිගෙ කදුලු පොඩි කාලෙ ඉදන් මට නොසෑහෙන්න රිද්දුවා..
" කම්මුලටද ගැහුවේ.."
" හ්ම්ම්ම්.."
" මෝඩි..අනිත් පැත්තට අත දිගෑරලා දෙකක් දෙන්න එපැයි..උබ මට තමා පොලුත් උස්සන් ගහන්න පන්නන්නේ.."
YOU ARE READING
නොහිමි ❀ ( yizhan )
Short Storyපැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා..🥀