01

19 4 0
                                    

"ඕයී.. දෙවනි බෙල් එකත් ගැහුවා යකෝ.. වරෙන් ඉක්මනට..."

"ටිකක් හිටපන් හුත්තො! මේ මගුල ඉවර කරලා දාලා ඔෆිස් එකෙන් තියාගෙනම-

ලෝවද තම්පව රෝමානු_

"හරිනෙ ඉතින් ! දැන් අරක අස්සෙ නිල මැස්සො වගේ ළමයි පිරෙයි."

" අනේ යකෝ... ඔය කට වහගෙන හිටපන්කො ටිකක්. අර රේඩාර් එකට අහුවෙයි"

" අප්පට බඩා.."

" ඕයි කට!!"

මූට කියනවට වඩා හොදයි කියන කට ගලක උලා ගන්නවා. හෙට අනිද්දා බැජ් එකක් ගහගන්න ඉන්න එකෙක්ගෙ හැසිරීමේ තරම තමා. නිකං බැජ් එකකුත් නෙමෙයි දම්වැලක් එක්කම.

කැන්ටින් එකට බඩගාන්න තියෙන හදිස්සිය. ගාථා කියලා ඉවර වෙලා ළමයි ටිකක් අඩු වෙනකන් ඉදලා ගියා කියලා මුකුත් වෙනවද? අනික මැරෙන්න වගේ දගලන්නෙ කෙමිස්ට්‍රි පීරියඩ් දෙකට කලිනුත් පැටිස් වගයක් ගිලලා.

"වරෙන් යමු ඉතින්... ගාථා කියලත්_ උබ කොහෙද ඔය බලන් ඉන්නෙ දැහැනකට සම වැදිලා..."

අප්පටසිරි දැනුයි දැක්කෙ. සෙනුවගෙ ක්‍රෂ් එක එහා පන්තියෙ බැල්කනිය ගාව..

" ඒ බං මොකෝ කියන්නෙ..."

" එපා බං පාඩුවෙ ඉන්න දීපන්. ඕවා කියල ඒකිව අවුල් කරන්න බෑ.."

" අනේ බොටත් එතකොට තමා සත්ව කරුනාව පහල වෙන්නෙ... වරෙන් යන්න උබ කතා කරන්නෙත් නැත්තං... අරෙහෙ පොඩි උන් යයි අද ප්‍රැක්ටිස් නෑ කියලා.."

අද හවස ස්පෝට් ප්‍රැක්ටිස්. අද කිව්වට ඉතින් හැමදාම තියෙනවා. මේ ගෙවෙන්නෙ ස්පෝට් මීට් මාසෙ. අලුත් දොලහෙ උන්ට එක පිට එක වැඩ මේ දවස් වල. එකක් අපි ඒලෙවල්ස් වලට ස්කෝලෙට ඇවිත් තවම මාසයක් වත් නෑ. ඒ අස්සෙ මේ ටිකේ ම තමයි ස්ටුවඩ්ලට ප්‍රිෆෙක්ට් බැජ් දෙන්නෙයි, ක්ලබ්ස් වල කමිටි දාන්නෙයි ඔක්කොම. ඒ අස්සෙ ඩේ වගයක වැඩත් තියෙනවා. ඒ මදිවට ඉස්කෝලෙයි ක්ලාසුයි ආෆ්ට ස්කූලුයි ඔක්කොම බැලන්ස් කරන්න ඕන. උඩින් පල්ලෙන් ඕලෙවල් වලට 9As ගත්තු අපිට අබ සරණයි ඉතින්. ඔක්කොමත් හරි අලුතෙන් ආපු උනුත් හරි. මෙහෙමයි ඉතින් අලුත් උන්ගෙත් අපේ ටයිප් එකට සෙට් වෙන උන් ටිකක් නැතුව ම නෙමෙයි. හැබැයි බහුතරයකගෙ නම් ප# ලයින්.

නිස්සාර Where stories live. Discover now