"හරි දැන් කියපන්කො බං මොකෝ උනේ.."
"මට අර ගෑනිව මරන්න හිතයි බං... හැමතැන ම ගිනි තිය තිය ගිහින්..."
"කවුද බං...? මොකද්ද උනේ...? "
"අර මෝඩ නදීකා බං... පිස්සු හෝන්තුව. ඒ ගෑනි සිනෙලිට ගිහින් කියලා මං ඒකිට කැමති... අරකයි මේකයි කියලා..."
"යකෝ...!"
ඇත්තට ම නදීකාට පුදුම පු# අමාරුවක් තමා තියෙන්නෙ... හැම එකාව ම කොට ව කොට ව යන්නවා.
" ඇයි බං හිතපන්කෝ ඒකි මං ගැන මොනා හිතනව ද දන්නෑ.. මං පණ ඇරලා හිටියට මොකද අඩු ම සිනෙලි කෙල්ලන්ට කැමති ද කියන්නවත් දන්නෙ නෑ.. එහෙම තියෙද්දිත් ඇයි බං මේකි... අනික අවුරුදු හයක් එකට හිටපු එකා මෙහෙම බලු වැඩ කරද්දි... අනික මේ පලවෙනි පාර ද?.. එක පාරක් අපේ උන්ව ම කොටෙව්වා... මං මොකද බං කරන්නෙ... අනික මේ ගෑනි මං ගැන මොනවා කිව්වද දන්නෑ..."
" උබ කලබල නොවී හිටපන්කො...-"
" මං කොහොමද බං කලබල නොවී ඉන්නෙ...? උබ හොදට ම දන්නවා..."
" මේ අහපන්කො... සිනෙලි උබට මුකුත් කිව්වෙ නෑ නෙ..."
" ම්ම්ම්හ්හ්..."
" ඒකි ඒක ගනන් ගත්තොත් ඇවිත් උබෙන් කෙලින් ම අහයි... ඒකි හැම තැන ම කිය කිය යන එකෙක් නෙමෙයි... උබ දන්නවා නේ..."
"ඒ වුනාට බං උබ හිතනව ද ඒ කෙල්ල ඇවිත් මගෙන් අහයි කියලා... ඒකි බයයි බං අක්කලත් එක්ක කතා කරන්න..."
" ඒ වුනාට ඒ කෙල්ල මාත් එක්ක හරි කතා කරනවා නෙ.. ඒ හින්දා උබ ඕකට ඔච්චර අවුල් වෙන්නෙ නැතුව හිටපන්.. මං හිමීට අහගන්නම් අර ගොන් ගෑනි මොනාද කිව්වෙ කියලා.."
" අනේ බං....."
" ඊයා ඕයි සෙනූ..... අඩන්නැතුව හිටපන්.. ලැජ්ජාවෙ බෑ මොකෙක් හරි මේ පැත්තට ආවොත්... ගිහින් මූන හෝදන් වරෙන්... හෙට මැචස් පටන් ගන්නවා නේ... උබ ටීම් කාඩ් ටික දුන්නද?..."
"අප්පටසිරි ඒ ටික...!!"
මොනා වුනත් සෙනූට මූඩ් එක තප්පරෙන් තප්පරේට වෙනස් කර ගන්න පුලුවන් විශිෂ්ට හැකියාවක් තියෙනවා... මේකි කියන කතාව ඇත්ත. සිනෙලි අක්කලාත් එක්ක ලොකුවට කතා කරන්නෙ නෑ.. ටේබල් ටෙනිස් ප්ලේ කරන හින්දා මාත් එක්ක ටිකක් කතා කරනවා.. හසිනි එක්ක ටිකක් කතා කරනවා මීඩියා එකේ ඉන්න හින්දා.. නැත්තං අපේ සෙට් එකේ අනිත් උන් එක්ක කතා කරන්නෙ ම නැති තරම්.. සෙනුවලා එක්ක නම් වචනයක් කතා කරන්නෙ නෑ...