02.

38 4 5
                                    

ඒ ප්‍රේමය ආරම්භ උනේ රොබරෝසියා මල් විශ්වවිද්‍යාල මාවත් වසාගන්න ආදරණීය සමයක නෙමෙයි.. තුන්වන වසරේ කළමනාකරණ පීඨයේ හිටිය දක්ෂම ශිෂ්‍යයන් දෙන්නා අතරෙ ඒ විදියෙ ආදරයක් මල් පල ගැන්වුනානම් ඒක ටිකක් විතර පුදුම විය යුතු කාරණාවක්.

තුන්වන වසරෙ චාරිකාවට ඒ අය යන්න තීරණය කරලා තිබුනෙ හන්තාන නගින්න. බොහෝ පෙම් යුවල් ආදරයෙන් වෙලෙද්දි තනිකඩයන් කිහිපදෙනෙක් විනය නීති කඩ කරමින් මතින් වෙලුනා. ඒ අතර උන්නු එක්කෙනෙක් තමයි ආශිංස.

එදා ගොඩක් සීතලයි. තානායම් පොළවල් තියෙද්දි මේ මත් වෙච්ච වීරයන්ටයි.. සීතලේ වින්දනය විදින්න ආස තව කිහිප දෙනෙකුයි කුඩාරම් අටවන් මහ හීතලේම කල් ඇරියා. ආශිංස බෝතල් එක හමාරකට වගකිවයුත්තා උනාට පස්සෙ එතනින් ඉවත් උනේ ඊට එහා යන්න හිත ඉඩ නොදුන්න නිසා.

ආශිංසගෙ ගත සීතලට පිළියමක් හොයද්දි හිත පිළියම් වශයෙන් කිව්වෙ කුඩාරම් ආසන්නයෙ තිබුන පුංචි ගං ඉවුර ලගට පලයං කියලා. හරි බං කියලා ආශිංසත් එතනට යන්න අඩිය තිබ්බෙ දෙවරක් නොහිතම. කරුමෙ කියන්න බැහැ. ආශිංස පාර්තනා කරපු විදියටම එතන ඇය හිටියා.. ගංඉවුර ළඟ නිවෙන්න ආසන්න ගිනි ගොඩ අසල අනිත්‍යා හිටියෙ කල්පනා ලෝකෙක හිර වෙලා. එයාගෙ මිතුරියො ඔක්කොම එතනින් ඉවත් වෙලා ගිහින් තිබුනෙ වාසනාවකට කියලයි ආශිංස හිතුවෙ.

ඔහු උගුර ටිකක් පෑදුවෙ අනිත්‍යා තනියෙන් නොවන බව පසක් කරන්න.

"ඉදගත්තට කමක් නැද්ද?"

"හ්ම්."

ඇය කෙටියෙන් පිලිතුරු දුන්නා.

"හරි සීතලයි නේද?"

හිත අස්සෙ කැකැරෙන සමීප ඒ උනත් ආගන්තුක හැගීම කෙලින්ම ප්‍රකාශ කරගත නොහැකිව ආශිංස වටෙන් කතාවට ප්‍රවේශ වෙන්න තීරණය කරලා තිබුනා. ඔහු ළඟින් වහනය උන ජුගුප්සාජනක ඇල්කොහොල් ගදට අනිත්‍යා අගල් කිහිපයක් ඈත් උනා.

"මං.. මං යන්න ඕනි."

අනිත්‍යා හැදුවෙ නැගිටින්න.. අමාරුවෙන් දෙවියො ගෙනත් දුන්න අවස්ථාවට යන්න දෙන්න බෑ කියලා ආශිංස අනිත්‍යගෙ දකුනු අතේ මැණික් කටුවෙන් තද කරලා අල්ලලා නවත්ව ගත්තා.

නොනිමි|NONIMI|Ongoing|Where stories live. Discover now