03.

23 3 0
                                    

ඇය ඇඩුවා. ඔහු ලත උනා. ඉර පෑව්වා. බැහැලා ගියා හද පෑව්වා.. ඉස්සර වගේ දීප්තියක් තිබුනෙ නෑ. ලෝකය කැරකුනා. ඇයත් ඔහුත් අව්රුදු තුනක් ඈත අතීතෙ නැවතිලා හිටියා.

අනිත්‍යට ඕනෙ උනා පිරිසිදු වාතාශ්‍රය ටිකක් ලබා ගන්න. ඊටත් වඩා තමන්ගෙ නවවන ආදර සංවත්සරය තනියම හරි සමරන්න ඇයට අත්‍යවශ්‍ය උනා. ඒකට අනිත්‍යා තෝරගත්තෙ එයා වගේම ආශිංසත් නිතර ආගිය,පෙම් බස් දොඩපු උද්‍යානයක්..

පයින්ම යන්න තීරණය කලේ වාහනේ ගියොත් ඇයගෙ රියදුරු අතුරු සිදුරු නැතුව සියල්ලම තමන්ගෙ නීත්‍යානුකූල ස්වාමියට පවසන බව දැනන් උන්න නිසා. පාරට බැහැපු ඇය ලොකු හුස්මක් අරං පෙනහලු පුරවගත්තා. මගකදි හමුවුන මල් වෙලෙන්දෙක්ගෙන් තනි රෝස මලක් මිලට ගත්තා. ඊටපස්සෙ අන්තිමේදි ඇය නැවතුනෙ ඒ ප්‍රේමණීය උද්‍යානයෙ ඇය කැමතිම බංකුව ආසන්නයෙ.

ඒත් බංකුවෙ ඉදගන්න ඇයට බැරි උනා. සියලුම භෞතික විද්‍යා න්‍යායන් අනිත් පැත්තට සිද්ධ වෙන්න ගත්තා වගේ තේරුනා. සෞම්‍ය කාලගුණයක් තිබ්බට අනිත්‍යගෙ මූණෙ දාඩියද කදුලුද කියලා හොයාගන්න බැරි ද්‍රාවණ බිංදු දෙකක් ඇස් දෙක ළඟින් මතු උනා. කකුල් පණ නැතිව ගියා. වම් අතේ තිබුන රෝස මල අතඇරුනා.

මේ හැම විපර්යාසයකට හේතුව බංකුව උඩ අනිත්‍යා දිහා බලාගෙන හිටියා.

"ආශිංස..."

ඇය අපහසුවෙන් කටහඩ අවධි කරා.

"අනිත්‍යා.."

අනිත්‍යට බැරි උනා එදා වගේ ආශිංසට ප්‍රතික්ෂේපයේ සංකේතය නැත්තම් අතුල් පහරක් තෑගි කරන්න. ඒ වෙලාවෙ දෙන්නගෙම අත් වල රත්තරනින් හැදුන යදම් තිබුනෙ නෑ.අඩුම ගානෙ බලන මනුස්සයෙක්ට ඔවුන් විවාහකයි කියලා අදුන ගන්න බැරිඋනා. අනිත්‍යට දැනුනෙ තමන් තාමත් අව්රුදු විසි තුනක ඒ දගකාර තරුණිය කියලා. ඒ ක්ෂණයෙන් ඇය ගිහින් ආශිංසගෙ බෙල්ලෙ එල්ලුනෙ රට ඉදං ආව අම්මගෙ බෙල්ලෙ එල්ලෙන පොඩි එකෙක් වගේ.

"මගෙ රත්තරං.. ඇයි මාව දාලා ගියේ? ආයෙ එනවා කිව්වට ඔයා ආවෙ නෑ? මට කොච්චර රිදුනද? මං බලං හිටියා.. ඇයි අපිට මෙහෙම උනේ?"

නොනිමි|NONIMI|Ongoing|Where stories live. Discover now