04.

34 3 2
                                    

ආපහු එන්න සිද්ධ වෙන්නෙ අපායට බව දැන දැනත් ඇගේ හිත සතුටින් මත් වෙලා තිබුනා. කවදාවත් නොවුන තරමට හිනාවෙලා හිටියා. ඇස් දිලිසුනා. අනිත්‍යා ගාව දුකක් තිබුනෙ නෑ. අත්දකින්න වෙන්න කටුක දේවල් වලට මුහුණ දෙන්න එයා නිර්භීතව ලෑස්ති උනා.

මිනිස්සු එහෙමයි. හිතට දැනෙන කෙනා වෙනුවෙන්.. ආදරය වෙනුවෙන් ඕනෙම දෙයක් කැපකරන්න එයාලා ලෑස්ති වෙනවා. ඒක ඔයා මම අපි හැමෝටම පොදු දෙයක්. හිතට දැනෙන තරමට ඒ දැනෙන කෙනා වෙනුවෙන් කරන්න ලෑස්ති වෙන දේවලුත් අනුලෝමව වැඩි වෙනවා. තමන්ගෙ සතුටට වඩා ඒ කෙනාගෙ සතුට ගැන හිතනවා. අහිමි උනාට පස්සෙත්... කොච්චර නෑ කිව්වත් එයාගෙ සතුට වෙනුවෙන් ඈත ඉදං හරි හේතුවක් වෙන්න බලනවා. එහෙම තමයි. ඒක මිනිස් හිත් වල හැටි.

මේ වෙලාවෙ ආදිත ගෙදර නැති බව අනිත්‍යා දැනන් හිටියා. අනිත්‍යා තමන්ගෙ නිදන කාමරයට ගිහින් දොර වහගෙන ඇදට වැටුනා. දකුනු අත පපුවට තද කරගත්තා. කාලෙකට පස්සෙ වෙනස්ම විදියට අනිත්‍යගෙ හදවතේ රිද්මය දැනෙන් අරං තිබුනා. අනිත්‍යා මූණ හිනාවකින් පිරුණා. ගෙල අවට යන්තම් දැවිල්ල හටගෙන තිබුන රතු පැහැ පැල්ලම් ඇයගෙ හිතට ගෙනාවෙ අසීමිත සතුටක් .

අනිත්‍යා ඒ අතීතයට පියමං කරා.

දීර්ඝ ගමනක් යන්න අඩි තියපු අනිත්‍යගෙ පෙම් පුරාවෘත්තයට එදාට හරියටම සිව් වසරයි.

විශ්වවිද්‍යාලයේම සේවය කරපු අනිත්‍යා තමන්ගෙ රාජකාරි ඉවර උන වහාම අනිත්‍යා බැංකුවට ගිහින් ගත්තු පන්දාහෙ මුදල් නෝට්ටු කීපය බෑගයට ඔබාගෙන නගරයෙ තිබුන විශාලම සාප්පු සංකීර්ණයට ගොඩ වැදුනා..

පැය දෙකකට ආසන්නව එයා එතන කාලෙ කෑවෙ හිතට හරියන ඔහුට ගැලපෙන ඇදුමක් තෝරමින්. අන්තිමේ අනිත්‍යගෙ ඇස් ගැටුනා. තද කළු පාට කමිසයක්. ඒක ආශිංසට ලස්සනට හිටීවි. අනිත්‍යා හිතින් ඒ රූපෙ මවාගෙනද කොහෙද ⁣මූණට අමුතු හිනාවක් ආවා.

අන්තිමේ ඇය රැදුනෙ ආශිංසගෙ නිවස ගාව.නිවසට ඇතු⁣ළු වෙද්දිම දැනුනෙ අනිත්‍යගෙ ආසම කෑම වල සුවඳ.

"ඔයා එනවා කිව්වෙ හයටනෙ"

ආශිංස සාලෙ එල්ලිලා උන්නු විශාල බිත්ති ඔරලෝසුව දිහා බලමින් කිව්වා.

නොනිමි|NONIMI|Ongoing|Where stories live. Discover now