Author's view.
"මට කන්න ඕනී ඔම්මා..අනේ...ජියෝන් කැෆේ යමු!! බදගිනී ඔම්මියා...මම හැබැයි මේ ලැප් එක කදනවා...ඔම්මී!!!!"
පුංචි පැටියා නර්සරි ගිහින් කෙලින්ම ආවෙ එයාගෙ ඔම්මගෙ ඔෆිස් එකට..ආරා..සොන්ග් ආරා කියන්නෙ තනියම ජීවිතේ ගොඩනගාගෙන ගමනක් යන හරි ලස්සන අහිංසකාවියක්..එතකොට මේ පුංචි කටකාරි තමයි සොන්ග් ජියානා...ආරාගෙ පුංචි ජී බබා...ආරා දිග හුස්මක් පහත දාලා එක අතක් නිකටට තියන් ජී බබා දිහා බලන් ඉදලා එයාගෙ කන්නාඩි දෙකත් ගලවලා අත් දෙකෙන්ම මූන පොඩ්ඩක් පොඩි කර ගත්තෙ ජී බබා ඇදන් හිටිය චූටි සාය ගලවලා දාන්න හදන්නෙ කියලා දැක්ක ගමන්..ඒත් එක්කම ආරා නැගිට්ටෙ කොහොමත් දැන් ඒ කැෆේ එකට එක්කන් නොගියොත් මෙතන පිස්සුවක් ජී බබා නටනවා කියලා දන්න නිසා..
"ජී බබා...කෝ නෝටි වෙන්න එපා පුතේ..ඔම්මිට සමාවෙන්න..අපි යමුකො ඔයාගෙ ජියෝන් කැෆේ එකට ම්ම්..."
ආරා හිමින් ජී බබාගෙ ලගට ගිහින් චූටි සාය ජී බබාගෙ අතින් ගලවගෙන පුම්බන් හිටිය මූන චප්ප වෙලා යන්න කම්මුල් දෙකටම කිස් දෙකක් දුන්නෙ ජී බබා ලාවට හිනා වෙනකොට..
"කුකීත් ඕම කලනවනෙ ඔම්මි.."
ජී බබා කිව්වෙ ආරා ටිකක් වෙලා ජී බබා දිහා බලන් ඉන්න අතරතුරේමයි..
"ම්ම්...කවුද අනේ මගෙ ජී බබාගෙ කුකී...මටත් ආසයි බලන්න...ජී බබා~ ඔම්මි එන්නද හෙට නර්සරි එකට...බබාගෙ කුකීව බලන්න..?"
ආරා හිමින් ජී බබාව වඩාගෙන ඉක්මනට වොලට් එකයි ෆෝන් එකයි අතට අරන් එලියට ආවෙ අද කලින් ගෙදරට යන්න හිතන්...SJ කියලා කියන්නෙ ආරාගෙ ඔප්පට අයිති වෙලා තිබුන company එකක්...ඒත් මීට අවුරුදු තුනකට කලින් වෙච්ච අනතුරකින් ආරාගෙ ඔප්පා නැති වෙන්නෙ බලාපොරොත්තු නොවෙන විදියට..එදායින් පස්සෙ ආරා තමයි හැමදේම වගේ බලාගෙන ඉස්සරහට අරන් යන්නෙ...
"ඇයි න'සලි එකට එන්නෙ..?මම ආයෙම ජීහන්ට ගැහුවෙ නෑනෙ...ඔම්මිට ටීච මොනාද කීවෙ..."
ආරා යන ගමන ටිකකට නතර කරලා ජී බබා දිහා ටික වෙලාවක් රවලා බලන් ඉදියෙ ඒ කියපු එක ඇහිලා...ජී බබා කියන්නෙ ටිකක් දග කෙල්ලෙක්...ඉතින් ආරාට සිද්ධ උනා හැමවෙලේම ජී බබා එක්ක බොඩිගාඩ් කෙනෙක් තියන්න...ඒ වගේම නැනීවත්... ඒත්..ආරා මේ කියනකම් ජී බබා මෙහෙම රණ්ඩු උන වගක් නොදැන හිටිය නිසා තමයි මෙච්චර පුදුමෙන් ඉන්නෙ...ඒත් එක්කම ආරාගෙ බෙල්ල අස්සෙ හංගගෙන හිටිය මූන එලියට අරන් ජී බබා ආරා දිහා බලන් හිටියෙ බය වෙලා වගේ...
YOU ARE READING
CHEF JEON | JK Centric | ONGOING
FanfictionDon't copy my work 🚫 This is mainly based with author's imagination.....so there is no relation with real life....hope you'll enjoy!!