- 04 -

65 11 13
                                    


"මෙහෙමයි මෑම්...මෙතන සිද්ධිය මම හරියටම දන්නෙ නැහැ...ඔයාලා ඔය කියන යුන්ජෙගෙන් හැංගෙන්න-

"හැංගෙනවා නෙමෙයි ජන්කුක්...මට එච්චර බයක් නෑ ඔය සතාට...මම ප්ලෑන් එකක් ඇතුවයි මේ තීරණේ ගත්තේ...ඒකත් ජීගේ ආරක්ෂාව වෙනුවෙන්....මට යුන්ජෙව මරලා දාන්න උනත් පුලුවන්...ඒත්..."

"මේ මෑම්...ඔයා නොදන්නාකම වෙන්නෝනේ...ඒත් ඕකට කියන්නෙත් හැංගෙනවා කියලා තමයි...ටේ කිව්ව විදියට ඔය මනුස්සයා එන්නෙත් තමුන්ව හොයාගෙනනෙ...ජීගේ ආරක්ෂාව හෙට ඉදන් මගේ අතෙයි තියෙන්නෙ...මට ඔය දේවල් වලින් වැඩක් නෑ...මම දරුවා වෙනුවෙනුයි මේ වැඩේට කැමති උනේ...ජීව පරිස්සම් කරන එක මම භාරගත්තේ එදා මට මුලින්ම ජීව හම්බ උනු දවසෙමයි..."

අපි හිටියෙ මම ඉදපු තැනමයි...ජී ජන්කුක්ගෙ පපුවට තුරුලු වෙලා හොදටෝම නිදි අතරේ ජන්කුක් කතාව පටන්ගත්තෙ අපි අතර තියෙන පුංචි හිඩැස වහන්නත් එක්ක කියලා මට හිතුනත් ඒක එච්චර සාර්ථක උනේ නැහැ කියන්න අපි දෙන්නටම තේරිලා ඉවරයි...මට ඉක්මනටම කෙනෙක් එක්ක එකතු වෙන්න හරි අමාරුයි...සමහරවිට මේ අමාරුවෙන් ගෙවුන ජීවිතේට මම දැනටමත් හුරු වෙලා ඉවර නිසා වෙන්න ඇති...මම දිගටම බලන් හිටියෙ ජන්කුක්ව හුගක් තදින් බදාගෙන නිදියන් හිටිය ජී දිහා...එයා හරි සන්තෝසෙන් ඉන්නවා...මම ඒක හුගක්ම දැක්කා මේ ටිකේ...මටත් ලෝභයි ජීව ජන්කුක්ගෙන් ඈත් කරන්න...ඒකට ලොකු හේතුවක් තියෙනවා....

"ඉතින් ජන්කුක්...මම මේක කියන්නම ඕනේ...මගේ ජී හරි සතුටින් ඉන්නවා ඔයා ලග ඉද්දි ..මට පොරොන්දුවක් වෙන්න ඉස්සරහට මොනම දේ උනත් ජීව අතාරින්නෙ නැහැයි කියලා...මේක ආත්මාර්ථකාමී තමයි...ඒත් ජීව පරිස්සමට ආදරෙන් බලාගන්න පුලුවන් එකම කෙනා ඔයා කියන්න මම දන්නවා...යුන්ජේ කොරියාවට ආවම මොනවයින් මොනවා වෙයිද කියන්න මම දන්නෙ නෑ...ඒත්...."

මම හිමින් මූන අත් දෙකෙන්ම පිරිමැදගත්තෙ මට එවෙලේ දැනුන අපහසුවට...ජන්කුක්ගෙ බැල්ම හරි බයානක විදියටයි මට දැනුනෙ...ඒක...හුරුයි...මගේ අයියා...එයත් ඔය විදියටම මගෙ දිහා බලන් ඉන්නව වගේ මට මැවිලා පෙනුනෙ ඇස්වල කදුලු පිරෙනකොටමයි...

CHEF JEON | JK Centric | ONGOING Where stories live. Discover now