"Wtf!!! ටේහ්‍යොන්ග් තමුන්ට පිස්සු හැදිලද?" අනවසරයෙන් ජන්ග්කුක්ව සිපගත්තු එකට ටේහ්‍යොන්ග්ගෙ හිතම එයාට දොස් පවරද්දි ඒ ඇස් ජිල් බෝල සයිස් උනු ජන්ග්කුක්ගෙ හුරතල් මුව පොඩ්ඩ මතින් නැවතුණා. ඒ රෝස තොල් පවා ටේහ්‍යොන්ග්ගෙ ඒ අනපේක්ෂිත ක්‍රියාව නිසාවෙන් යාන්තමට ඇරිලා ගිහින් තිබුණා. රතු උනු කම්මුල් එක්ක යාන්තමට විවර වෙලා තියෙන රෝස තොල් ටේහ්‍යොන්ග්ගෙ හදවත තව තවත් විසේකාර හැඟීම් වලින් පුරවාලද්දි මොහොතක්වත් ප්‍රමාද නොවුනු ටේහ්‍යොන්ග් ඉක්මනින්ම එතනින් දුවලා පැනගත්තෙ තවත් එතන හිටියොත් සුදු අරලිය මලක් තරමට පිරිසිදු එයාගෙ පුංචි චෙෆ් තමන්ගෙ අතින් පොඩිවෙලා යාවි කියන බයෙන්.
ඒ දවසම ගත උනේ ටේහ්‍යොන්ග්ගෙත් ජන්ග්කුක්ගෙත් හිත් වෙනස්ම තාලයකට ගැහෙමින් වෙද්දි උදේ කරපු දෙයින් පස්සෙ ජන්ග්කුක් තමන්ව මඟ හරීවිදෝ කියන බයෙන් උනත් ටේහ්‍යොන්ග් එදා රෑ වෙනදටත් කලින් ඇවිත් එයා ජන්ග්කුක්ව මුණ ගැහෙන චෙරි ගහ යට බංකුවෙන් ඉඳගත්තා.
ජන්ග්කුක් එනකම්ම නොසන්සුන් ලෙසින් ගැහුණු ටේහ්‍යොන්ග්ගෙ හදවත සුපුරුදු බේබි ක්‍රීම් වල සුවඳ මුසු උනු මල් සුවඳක් දැනෙද්දි සන්සුන් වුණා. ජන්ග්කුක්ට ආවේණික උනු ඒ සුවඳ ටේහ්‍යොන්ග්ගෙ හදවතට ගෙන ආවෙ හරි මිහිරි හැඟීමක්.
"ගොඩක් වෙලා හිටියද?" ටේහ්‍යොන්ග් ඉඳගෙන හිටපු බංකුවෙම පැත්තකින් වාඩිවෙන ගමන් ජන්ග්කුක් ඇහුවෙ හීනි හඬකින්. ඇත්තටම ටේහ්‍යොන්ග් හරි ආසා කරා ජන්ග්කුක්ගෙ කටහඬට. හරිම ස්වීට්, ඒන්ජලික් වොයිස් එකක් ජන්ග්කුක්ට හිමිවෙලා තිබුණා. කතා කරද්දි අහන් ඉන්න ආස හිතෙන හරි ලස්සන, මෘදු හඬක් ඒක. ජීවිත කාලෙම උනත් ඒ කටහඬ නම් අහගෙන ඉන්න පුලුවන් වේවි.
YOU ARE READING
My Little Chef [Taekook] ✔️
Fanfictionතුවක්කුවක බර රසම රස ස්ට්රෝබෙරි කේක් එකක් ළඟ දියවෙලා යන්න පුළුවන්ද? ඒක දැනගන්න නම් ප්ලැටූන් ලීඩර් කිම් ටේහ්යොන්ග්ගෙයි මිලිටරි චෙෆ් ජොන් ජන්ග්කුක්ගෙයි කතාව කියවන්නම වෙනවා ;) Started : 2024 - 04 - 01 Finished : 2024 - 04 - 15 🚫 Warning: plagiarism i...