කාලය හෙමින් උනත් ගතවෙලා ගිහින් අවසානයෙදි ටේහ්යොන්ග් සහ ජන්ග්කුක් ඇඟිලි ගනිමින් බලන් හිටපු ඒ දුක්බර මාස හතර අවසන් වුණා.
ටේහ්යොන්ග් සහ ජන්ග්කුක්ට අවුරුදු එක හමාරක අනිවාර්යය හමුදා සේවය නිම කරලා ආපහු නිවෙස් වලට යන්න අවස්ථාව උදාවුණා.
ටේහ්යොන්ග්ට ජන්ග්කුක්ට සතියකට කලින් තමන්ගෙ සේවය නිමාකරන්න හැකි උනු නිසා ජන්ග්කුක් සේවය අවසන් කරන දවසෙ එයාව එක්කරගෙන යන්න ටේහ්යොන්ග් ආවා.
කලු ලෙදර් ජැකට් එකට යටින් කලු ටීශර්ට් එකක් ඇඳන් හිටපු ටේහ්යොන්ග් ඒකටම ගැලපෙන්න කලු කලිසමක් ඇඳගෙන හිටියා.
නිතරම අතේ බැඳගෙන හිටපු ඔරලෝසුව දිහා බලමින් ආයෙත් ඉස්සරහා බලමින් හිටපු නළුවෙක් වගේ කඩවසම් උනු ටේහ්යොන්ග් දිහා හැමෝම වගේ හැරි හැරී බලද්දි ටේහ්යොන්ග් නම් බලන් හිටියෙ කෑම්ප් එකේ ගේට්ටුව අතරින් කොයිම වෙලාවක හරි එයාගෙ පුංචි චෙෆ් එළියට එනකම්.
පැය බාගයකට විතර පස්සෙ ටේහ්යොන්ග් බලාපොරොත්තු උනු රූපේ ගේට්ටුව අතරින් මතුවුණා. ඇඟට වඩා ගොඩක් ලොකු කළු පාට හූඩි එකට ලොකුම ලොකු බාච්චු කලිසමක් ඇඳගෙන හිටපු ජන්ග්කුක්ගෙ හුරතල් පෙනුම ඒ ඇඳුමට තවත් වැඩි වෙලා පෙනෙද්දි ටේහ්යොන්ග් හිනාවෙලා අත වැනුවා.
ටේහ්යොන්ග්ව දැකපු ඒ මූණ හරි ලස්සන බනී හිනාවකින් එළිය වෙද්දි කොල්ලා හා පැටියෙක් වගේ දුවගෙන ඇවිත් ටේහ්යොන්ග්ගෙ ඇඟට පැන්නා.
YOU ARE READING
My Little Chef [Taekook] ✔️
Fanfictionතුවක්කුවක බර රසම රස ස්ට්රෝබෙරි කේක් එකක් ළඟ දියවෙලා යන්න පුළුවන්ද? ඒක දැනගන්න නම් ප්ලැටූන් ලීඩර් කිම් ටේහ්යොන්ග්ගෙයි මිලිටරි චෙෆ් ජොන් ජන්ග්කුක්ගෙයි කතාව කියවන්නම වෙනවා ;) Started : 2024 - 04 - 01 Finished : 2024 - 04 - 15 🚫 Warning: plagiarism i...