ඔය විදියට කාලය ගතවෙලා ගිහින් ටේහ්යොන්ග්ගෙ උපන්දිනයත් ළඟාවුණා.
ඒ වෙද්දි ජන්ග්කුක් ටේහ්යොන්ග්ගෙ ටීම් එකේ අය එක්කත් සමීප වෙලා තිබුනු නිසා සූබින් යොන්ජුන් එක්ක ජන්ග්කුක්ව හම්බවෙන්න හිතුවෙ ටේහ්යොන්ග්ගෙ උපන්දිනය වෙනුවෙන් විශේෂ දෙයක් කරන අදහසින්.
"කේක් එකක්?"
"ම්ම් ස්ට්රෝබෙරි කේක් එකක්.. කැප්ටන් කිම් ආසම ස්ට්රෝබෙරි වලට." අලුත් තොරතුර දැනගත්තු ජන්ග්කුක්ගෙ ඇස් දිලිසුණා.
"ඒත් මට වීකෙන්ඩ් එකේ නිවාඩු ගන්න බෑනෙ.. එතකොට මට ඔයාලා එක්ක පාටියට එන්න වෙන්නෙ නෑනෙ." ජන්ග්කුක්ගෙ බෙරි වෙලා ගියපු මූණ දැක්කම සූබින් සහ යොන්ජුන්ටත් දුක හිතුනා.
"මෙහෙම කරමු එහෙනම්. අපි අපේ ඩෝම් එකේ පාටිය දාමු. 29 වෙනිදා රෑ.. එතකොට ජන්ග්කුක්ටත් එන්න පුලුවන්නෙ."
"ඒත් මට SDT සෝල්ජර්ස්ලගෙ ඩෝම් වලට යන්න තහනම්නෙ."
"හොරෙන් යමු.. මොනාහරි උනොත් අපේ කැප්ටන් කිම් ඉන්නවනෙ බලාගන්න."
"හා එහෙනම්.. මං කේක් එක හදන් ඉන්නම්. ඔය දෙන්නා එන්න මාව එක්කන් යන්න.. හරිද?" තොලුත් උල් කරන් ජන්ග්කුක් demand කරද්දි සූබින් වගේම යොන්ජුන්ටත් හිනාගියා. බලන් ගියාම කැප්ටන් කිම් හොයාගෙන තියෙන්නෙ හුරතල් කෝලමක්නෙ.
"හරි හරි.. අපි අනිත් දේවල් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ. ඔයාට තියෙන්නෙ කේක් එක හදන වැඩේ විතරයි."
සූබින් සහ යොන්ජුන් එහෙම කියලා ගියත් ජන්ග්කුක්ට ඕනෙ උනා ටේහ්යොන්ග්ට තෑග්ගක් දෙන්න. ඉතින් ජන්ග්කුක් එයා ළඟ තිබුනු කොළ පාට වූල් වලින් ටේහ්යොන්ග්ට scarf එකක් ගොතන්න හිතුවා.
YOU ARE READING
My Little Chef [Taekook] ✔️
Fanfictionතුවක්කුවක බර රසම රස ස්ට්රෝබෙරි කේක් එකක් ළඟ දියවෙලා යන්න පුළුවන්ද? ඒක දැනගන්න නම් ප්ලැටූන් ලීඩර් කිම් ටේහ්යොන්ග්ගෙයි මිලිටරි චෙෆ් ජොන් ජන්ග්කුක්ගෙයි කතාව කියවන්නම වෙනවා ;) Started : 2024 - 04 - 01 Finished : 2024 - 04 - 15 🚫 Warning: plagiarism i...