chapter 38

118 31 8
                                    

April 02
Let's make tonight your birthday

~~~~~~~~~~

අනෝලා ගොඩක් සතුටින් හිටියා. මොකද අද අනෝලට විශේෂ දවසක් වුණා. අනෝලට අද දහ නවයක් ලැබුවා. උදේ පාන්දර දොළහටම ලැබුණු ඉස්ලගෙ සප්‍රයිස් පාටි එක, යුන්ගිගෙන් කවදාවත් නැතුව හම්බුන වෝම් හග් එක, තේහ්‍යුන්ගෙන් ලැබුණ විශ් එක වගේම තවත් ගොඩක් දේවල්..

අද විනාඩියෙන් විනාඩියට අනෝලට පුදුම වෙන්න දේවල් තිබුනා. ඉතින් ඒ හැමදේටම පුදුම වෙමින්, අනෝලා ගොඩක් සතුටින් හිටියා.

තේහ්‍යුන්ග් එක්ක එළියට යන්න හවස තුනට අපොයිමන්ට් එකක් තිබුණ නිසා අනෝලා ලෑස්ති වෙලා පහළට ආවා. තේහ්‍යුන්ග් ඒ වෙද්දිත් ෆුල් සූට් එක ඇඳගෙන හිටියා. වෙනදට ෆුල් සූට් එක අදිද්දි සම්පූර්'ණයෙන්ම හෙයා එක පස්සට ජෙල් කරන තේහ්‍යුන් අද මැදින් එක රැල්ලක් ෆොහෙඩ් එකට වැටෙන විදිහට හදාගෙන හිටියා.

තේහ්‍යුන්ග් කොහොම හිටියත් අනෝලට එයාව හැන්ඩ්සම්ව පෙනුනා.

" අපි යමු බේබි.."

තේහ්‍යුන් එහෙම කියලා ඉස්සර වුණා. අනෝලා තේහ්‍යුන්ගෙ පස්සෙන් ගිහින් කැබ් එකට නැග්ගා. අතරමගදි විශේෂ කිසිම දෙයක් කතා කරන්න එයාලට අවස්තාවක් තිබුණෙ නෑ. ඊළග දවසෙ තිබුණ ස්කෙඩියුල් එක ටයිට් වුණ නිසා තේහ්‍යුන්ගෙ ටීම් ලීඩර් තේහ්‍යුන්ග් එක්ක දිග කතාවක යෙදිලා හිටියා.

අනෝලා වින්ඩෝ එකෙන් එලිය බලාගෙන ගියා. එයාලා හයිවේ එකට නොදා කොහෙද යන්නෙ කියලා අනෝලා දැනගෙන හිටියෙ නෑ. සාමාන්‍යෙන් ඇතැන්ස් වල නාගරික පැත්තට යන්න තේහ්‍යුන්ගෙ අපාට්මන්ට් එකේ ඉඳන් හයිවේ එකෙන් යද්දි විනාඩි විස්සක විතර දුරක් තිබ්බා. ඒත් නගරෙට යනවා වෙනුවට වෙන පාරකින් කැබ් එක ගමන් කරමින් තිබුනා.

අනෝලගෙ පෝස්ටර්'ස් හැමතැනම වගේ තිබුණා. ඒ වගේම ෆොටෝ බූත්, විශින් ප්ලේසස් වගේ කොරියන් කල්චර් එකට බේස් වුණ ගොඩක් දේවල් තිබුණා. අනෝලගෙ ෆෑන් බේස් එක ගොඩක් දේවල් ප්ලෑන් කරලා තිබුණා.

ඉමිටේටින් ආටිස්ට් කෙනෙකුට සාමාන්‍යයෙන් දේවල් වල ලිමිට් එකක් තිබුණා. එක්සාම්පල් එකක් විදිහට චාට්ස් වල අන්තිමට තිබුණ ඔරිජිනල් ආටිස්ට් කෙනෙකුට වඩා ඉමිටේටින් ආටිස්ට් කෙනෙක්ගෙ කන්ටෙන්ට් එකකට රීච් තිබුනොත් ඒවා බෑන් වුණා. මොකද ඔරිජිනල් ප'ෆෝමින්ග් ආට්ස්, ඉමිටේටින් ආටිස්ට් කන්සෙප්ට් එක නිසා විනාශ වෙලා යයිද කියලා එන්ටටේයිමන්ට් ඉන්ඩස්ට්‍රි එකට සාධාරණ බයක් තිබුණා.

anola ✔️Where stories live. Discover now