chapter 44

155 36 14
                                    

Bloomed beautifully alone
I quietly lost alone..

~~~~~~~~~~

රනවේ එක මොන තරම් සාර්'ථකව අවසන් වුණත් අනෝලට ඒ ගැන කිසිම ෆීලින්ග් එකක් දැනුනෙ නෑ. තේහ්‍යුන්ග් කොහොමද තමන්ට ඒ තරම් නරක විදිහට සලකන්නෙ..? මොන තරම් දුරට ඒ ගැන කල්පනා කලත් අනෝලට ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුනෙ නෑ.

තමන්ගෙ හැමදේම නැතිවුනත් තේහ්‍යුන්ග් තමන්ගෙ ජීවිතේ අලුතෙන් ලියපු විදිහ, තේහ්‍යුන්ග් වෙනුවෙන් තමන්ගෙ ලයිෆ් එක නැති වෙන්න ගිය වාර ගනන ගනන් කරන්න බැරි වුනත් තේහ්‍යුන්ග් ගැන අනෝලගෙ හිතේ තිබුන ආදරයටත් වඩා එහා ගිය රෙස්පෙක්ටිව් ෆීලින්ග් එක.. ඒ දේවල් හැමදේම අන්තිමට විහිලුවක් වෙන තරමට තේහ්‍යුන්ග් තමන්ව පාතට දාලා තිබුන එක අනෝලව ඕනිවටත් වඩා රිද්දුවා.

ඒක බොරුවක් වුනත් කමක් නැහැ, ඒත් තේහ්‍යුන්ග්ට තිබුණා තමන්ට ඒ ගැන දැනෙන්න ඉඩ නොඅරින්න.. එහෙම වුනා නම් අන්තිම මොහොත වෙනකල්ම අනෝලට සතුටින් ඉන්න තිබුනා. තමන්ගෙ ජීවිතේම කැප කරපු තේහ්‍යුන්ගෙ ඉමිටේටින් ආටිස්ට් පෝස්ට් එකෙන් අනෝලට සතුටින් රිසයින් වෙන්න තිබුනා.

අනෝලා හුස්මක් පාත දාලා සීලින් එකේ තිබුන ආට් එක දිහා බලුවා. පැරිස් වල එයාලට මොන තරම් ලස්සන මතකයන් තිබුන ද..? අනෝලට ඒ දේවල් එකින් එක මතක් වුණා. සමහර දේවල් වල නොගැලපීම් තිබුනත් ඒ දේවල් අමතක කරලා දාලා අනෝලා තේහ්‍යුන්ග් එක්ක මොන තරම් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කලා ද..?

ඒත් අන්තිමේදි ඒ හැමදේම මතකයන් වෙලා අනෝලව රිද්දන ගමන් තිබුනා.

~~~~~~~~~~

" බේබි.. පහලට යමු.. පාටි එක පටන් අරගෙන ගොඩක් වෙලා.."

ඈතින් ඇහුණ ඉස්ලගෙ වොඉස් එක නිසා අනෝලා හෙමින් ඇස් ඇරලා බැලුවා. කල්පනා කර කර ඉඳලා එයාට එහෙමම නින්ද ගිහින් තිබුනා. ඊයෙ රෑ රනවේ එක ඉවර වෙලා ඇවිත් අනෝලට තේහ්‍යුන්ග් එක්ක වචනයක්වත් කතා කරන්න ඕනි වුනේ නෑ. එකම රූම් එක ශෙයා කර ගන්න ඕනි වුනේ නෑ..

ඒ නිසා අනෝලා ඉස්ලත් එක්ක රූම් එක ශෙයා කර ගත්තා. එයාලා බුක් කරලා තිබුන හොටෙල් අපාට්මන්ට් එකේ තිබුනෙ රූම්ස් කිහිපයක් විතරක් නිසා වගේම අනෝලට සහ තේහ්‍යුන්ට එකම රූම් එකක් බුක් කරලා තිබුන නිසා හදිසියේ කරන්න දෙයක් තිබුනෙ නෑ.

anola ✔️Where stories live. Discover now