I had a love but I lost it..
~~~~~~~~~~
අද හවස හතට රනවේ එක පටන් ගන්න ස්කෙඩියුල් වෙලා තිබුනා. ඒ නිසා අනෝලට හතරට චෙක් ඉන් වෙලා, පහ වෙද්දි රෙඩි වෙලා හය වෙද්දි ලොකේශන් එකට යන්න තිබුනා. තේහ්යුන්ග්ට පාටිසිපේට් කරන්න තිබුනෙ ගෙස්ට් කෙනෙක් විදිහට නිසා එයාගෙ චෙක් ඉන් ටයිම් එක තිබුන හයයි තිහට.
ඇත්තටම උදේ නවය වෙලා තිබුනත් වැඩක් නැතිව හිටපු එකම කෙනා වුනේ අනෝලා විතරයි. එයාට තිබුනෙ ස්කෙඩියුල් එකේ විදිහට වැඩ කරන්න විතරයි. අනිත් හැමදේම වගේ ටීම් එකේ එය අතින් වෙමින් තිබුනා වගේම ගොඩක් දේවල් මේ වෙද්දිත් ඉවර වෙලා තිබුනා.
අනෝලාට මේ වෙද්දි ෆ්රී එකේ ඉඳලා පුරුද්දක් තිබුනෙ නෑ. එයාගෙ ස්කෙඩියුල් වල කවමදාවත් ෆ්රී ටයිම් එකක් තිබුනෙ නැති නිසා එයාට දැන් මහන්සි වෙන එක පුරුද්දකට ගිහින් තිබුණා. ඒ නිසා ඊයෙ ෆ්රාන්ස් වලට ආපු වෙලේ ඉඳන් කිසිම වැඩක් නැතුව හිටපු එක අනෝලට එපා වෙලා තිබුනා.
බෙඩ් එකෙන් නැගිටපු අනෝලා ෆෝන් එක චාජ් වෙන්න දාලා ඇඳගෙන හිටපු සූට් එකට උඩින් ඕවර් කෝට් එක දා ගත්තා. ඒ සමර් එක වුනත් සමහර දවස් වලට පැරිස් වල ලාවට සීතලක් තිබුනා. තේහ්යුන්ග් එක්ක ඊයෙ දවසටම අනෝලට කතා කරන්න වෙලාවක් ලැබුනෙ නෑ.
ඒ නිසා අනෝලා තේහ්යුන්ග්ව හොයාගෙන ගියා.
~~~~~~~~~~
" මට ටිකක් කතා කරන්න ඕනි.."
යුන්ගි එහෙම කිව්වම තේහ්යුන්ග් පුදුම වෙලා යුන්ගි දිහා බැලුවා. යුන්ගිගෙ ටෝන් එක ඒ තරම්ම තේහ්යුන්ග්ට ඇල්ලුවෙ නෑ..
" මන් කිව්වෙ මට ටිකක් කතා කරන්න ඕනි කියලා..!!"
" මයි ගෝඩ් කියන්න.. මන් අහගෙන ඉන්නෙ.."
තේහ්යුන්ග් දාගෙන හිටපු ශේඩ් ස්පෙක්ස් දෙක ගලවල ටේබල් එක උඩින් තිබ්බා. වාඩිවෙලා හිටපු සෝෆා එකෙන් නැගිටපු තේහ්යුන්ග් ටේබල් එකේ කෝනර් එකේ තිබුන සිගර් බොක්ස් එක අතට අරගෙන යුන්ගිට දික් කලා.
" නෝ තෑන්ක්ස්..!"
යුන්ගි එහෙම කිව්වම තේහ්යුන්ග් එයත් අතට ගත්තු සිගර් එකත් ආයෙමත් බොක්ස් එකට දාලා බොක්ස් එක ටේබල් එක උඩින් තිබ්බා. නෝමලි ස්මෝක් කරන කෙනෙක් ස්මෝක් එකක් රිෆියුස් කරලා දෙයක් කතා කරන්නෙ ඒ මොනව හරි කොම්ප්ලිකේටඩ් දෙයක් ගැන කියන්න තේහ්යුන්ග් දැනගෙන හිටියා. විශේෂයෙන් යුන්ගි සම්බන්ධව ඒ දේ ගොඩක් තදට බලපෑවා.

YOU ARE READING
anola ✔️
Fanfictionඅනෝලා කියන්නෙ තේහ්යුන් තෝරගන්න ඉමිටේටින් ආටිස්ට්..!! Warning on every category of mature content ‼️