24 වන කොටස

1.6K 154 37
                                        

තුරුල්ව නුවරට දාපු චනුසද ආයෙමත් අනිත් පැත්තට හැරිලා තිබුනෙ කැෆේ එකේ වැඩ ටික හෙට දවසෙම තනියම කරන්න වෙන නිසා. නුවරඑළියට ආපු ගමන් කෙලින්ම චනුසද ආවෙ සදතැන්නට. ඒ වෙද්දිත් මොවිදුයි තේෂුතුයි මායි හිටියෙ උඩ ෆ්ලෝ එකේ.

" මාර වෙලාව බං මේ සැරේ exhibition එක KCC ම වැටුනෙ.. නැත්තං හෙට ගමන යන්න ගියාම තුරුල්ට වැඩේ මාට්ටු නේ.. "

වොශ් එකක් දාගෙන ඇදට වැටුන ගමන් මොවිදු කිව්වෙ සහගහන ඇත්තක්. පුළුවන් ඉක්මනට නුවර එන්න කියලා පොඩි අයියා මොවිදු අතේ පණිවිඩේ එවල තිබුනට තුරුල්ට නොදැනෙන්න යන්න විදිහක් නැතවයි මං ඉදියෙ.

" ඔව් ඉතින් මගෙ කටට පින්සිද්ද වෙන්න තමා.. දැන් ඉතින් අරූව ගන්න නුවර ආව ගානට වැඩේ කරගන්න පලයන්.."

මැ⁣ද්දෙන් පැනපු තේෂ් ඔක්කොම ක්‍රෙඩිට් ටික ගන්න දත කෑවා. අසාධාරණ නෑ ඉතින්.. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තරම් තේෂ්ට වෙලාවට මොලේ පෑදුනා..

"අම්මේ උඹගෙ ඔය ශ්‍රී මුඛයෙන් වැඩකට ඇති කතාවක් එළියට ආවමයි.. නැත්තං ඕක ඇරියම අධෝ මුඛේ පරාදයිනේ.. "

චනුසද ඇවිත් කොන්දත් අල්ලගෙනම වාඩි උනේ ඌත් කෑවේ එසේ මෙසේ කට්ටක් නෙවි කියලා මතක් කරන ගමන්..

" මගෙ කටයි පු#යි මාරු වෙලාද උඹට දැන් පේන්නෙ ?"

කියලා ක⁣ට ගන්න උනේ නෑ ආයෙ පටන් ගත්තා.. ⁣අම්මපයි තේෂ්ව මොවිදු ගෙදර අයට අදුන්වලා දෙන්න කලින් මූට එදාට විතරක් කට පියාගෙන ඉන්න පුළුවන් වෙන්න මන්තරයක්වත් හොයාගත්තනම් හොදයි.. කොහොමහරි මොවිදුට කට පු# මාරු උනා කිව්ව එට හිනා ගියා.ම

" අනේ හැලයෝ.. තමුසෙත් ඉන්නවා මුංට උල්පන්දන් දීගෙන.. "

" අයියෝ දිය වෙන්න එපාකො සුදු "

ඕක මොවිදු පැයකට වතාවක් කට පාඩම් කරන උදාන වාක්‍ය. මැරේජ් ලයිෆ් එක කන්ටිනිව් කරන් යන කාලෙක⁣ තේෂ්ට මල පැන්නම මොවිදුව වාඩි කරවගෙන ඉහේ කෙස් ගහක් ගහක් ගානෙ ගලවනවා කියලනම් දැන්ම තියා ශුවර් කරන්න පුළුවන්.

කොහොමහරි කට්ටිය වැටිච්ච වැටිච්ච තැන්වල නිදාගෙන පහුවෙනිදා පාන්දර කතා කරගත්ත විදිහට සේවා ස්ථානවලට වාර්තා කරා. චනුසදයි තේෂ්තුයි කැෆේ එකට යද්දි මං චනුසදගෙන් කාර් එක ඉල්ලන් මොවිදු එක්ක නුවර යන්න පිටත් උනා. අපි KCC එකට එද්දි හරියටම පාන්ද හතයි. තුරුල්ට බබල් ටී එකක් ගත්තු මං චන්සද කිව්ව විදිහට තුරුල් ඉන්න තැන හොයන් ගියා. මං යද්දිත් හරේට දුව දුව මෙහෙට දුව දුව වැඩ. කඩියෙක් වගේ හරියට.

Blooming Flowers /Non Ff | Completed ✔️Where stories live. Discover now