Chapter 05

247 30 22
                                    

(සිංදුව ජනීෂ්ගෙ pov එක ඉවර වෙන්න ලං වෙලා අහන්න ගන්න 🤭😌)

තාත්තගෙයි සුදු අයියගෙයි හුණු වටයෙ කතාවෙ sl වර්ෂන් එක බල බල ඉද්දි ලොකු නිවුන්නා අර මොකද්ද පුඩිම දාපු ප්ලේට් දෙකක් මටයි අරයටයි දෙන ගමන් සෙටියෙ වාඩි උනා.මද්දු කිඹුලයි පොඩි කිඹුලයිත් කොහෙන්ද හොයා ගත්ත රටකජු ටිකකට වැඩේ දෙනවා

අපි පුඩින්,රටකජු(එකට නෙමෙයි) කකා මේ වේදිකා නාට්‍යක් බලනවා. මෙව්වා හැමදාම නෑ හැමතැනම නෑ

තාත්තයි සුදු අයියයි දෙන්නම අම්මගෙ අත් දෙක අල්ලන් දෙපැත්තට අදිනවා
හැබැයි එක්කෙනෙක්වත් ගෲෂා වගේ අතාරින්න ලෑස්ති නම් නෑ. අම්මා එහාට වැනෙනව ආයෙ මෙහාට වැනෙනවා. ඔව් දැන් ටික ටික මිසිස් දසනායක රතු වීගෙන එනවා.

මට හිතාගත්තැහැකි කාගෙන්ද බෙල්ලත් එක්ක රතුවෙන එක ඇවිල්ලා තියෙන්නෙ කියල.

ඒ අස්සෙ ලොකු කිඹුලා පොඩි කිඹුලා එක්ක ඔට්ටු අල්ලනවා

"මගෙ අලුත් හූඩිය ඔට්ටුයි අද සුද්දා දිනන්නෙ"

"මගෙ නරූටො කී ටැග් එක ඔට්ටුයි අම්මා දෙන්නටම තලනවා"

කියල කට ගන්න හම්බුන්නෑ අපට විසාල සබ්දයක් ඇසුනා

ආයෙ බලද්දි අර කිව්වත් වගේ අම්මා දෙන්නටම තලනවා

"මුං දෙන්නට මම..........
තමුසෙලා මාව දෙකට ඉරල මරන්නද හදන්නෙ ආහ්
මොන්ටිසෝරි ළමයි දෙන්නෙක් වගේනෙ ඇත්තට එකෙක් Al කරනවා අනිකා ලොකු කම්පැනියක අයිතිකාරයෙක් නේද
අනේ දෙයියනේ ඇයි මට මෙච්චර වයසට ගිහිල්ලත් බබ්බු නලවන්න උනේ
ළමයි කමක් නෑ කියමු මේ මනුස්සයත් පොඩි එකෙක් වගේනෙ......."

තව විනාඩි දහයක්වත් යනකන් අහන් ඉන්න තියෙන්නෙ ඉතින් දැන්. ඔහොම බනින්න ගත්තහම පෙර වැරදිත් මතක් කරනවනෙ. රණ්ඩු උන දෙන්න හ්ම් සද්දයක් නෑ ගුටි කාපු තැන් අත ගගා ඔහේ බලන් ඉන්නවා

අපිත් කිසි සද්දයක් නැතුව හිටියා කියන්න බෑනෙ නිකමට කතා කරොත් අපෙන් තමා තරහ පිට වෙන්නෙ ඊලඟට

ඒ උනාට මේ අලු වලහා වෙනමම බ්‍රෑන්ඩ් එකක්නෙ. පොර කිසි ගානක් නැතුව නැගිටලා කුස්සියට ගියා ප්ලේට් එක හෝදන්න. ඒ ගියෙත් අර තුන්දෙනා මැද්දෙන්. මාත් කුස්සිය තියෙන තැන දන්නැති හින්දා දඩි බිඩි ගාලා නැගිටල එයා පස්සෙ දිව්වා. මං යන ටිකටත් අරයා ප්ලේට් එක හෝදලත් ඉවරයි
යකෝ මූ ෆ්ලෑෂ්ද

Lovely  Miracle (Non-Fanfic) (On Hold)Where stories live. Discover now