From The Previous Chapter.....
සෝහි ඉක්මනට ගෙට දුවලා ගියේ හිනාවෙවී. මන් හෝර්න් එක දෙපාරක් ගහලා රේස් කරලා එතනින් ආවේ එයා දොර වහ ගන්නකොට.
-------------------------------------------------------------
Time Skip.....
දවසින් දවස ගෙවිලා ගියේ මායි සෝහි ගොඩාක් හොද යාලුවෝ වෙනකොට. හැමදාම වගේ එයා මට කතා කලේ මාත් එයාට කතා කරනකොට.
අපි දෙන්න ටිකින් ටික ලන් උනේ අපි දෙන්නවත් හිතුවෙ නැති විදිහට. එයා හැමදේටම මට කතා කරන්න ගත්තේ මාත් එයා එක්කම කාලේ ගත කරනකොට.
මන් අපේ ඊලග Mission එකට ලැස්ති උනේ අපේ බොස් ගෙන් ආපු ඕර්ඩර් එකකට. එකට හෙට යන්න තිබ්බේ වෙනස්ම විදිහකට වෙන දුර පැත්තක තියෙන villa එකක් සුද්දයක් දෙන්න තමා යන්න තිබ්බේ. ඒකට ප්ලැන් එක Blackhawk තාම හදන ගමන් හිටියේ මන් අපේ Wepons ටික ලැස්ති කරේ. ටික දවසකට මෙහෙන් ඇතට ගිහින් ඉන්න වෙන නිසා.
මන් බඩු ටික ලැස්ති කරලා ඉවර වෙනකොටම මට සෝහිගෙන් කෝල් එකක් ආවේ. මට හිනාවක් එක්කම ෆෝන් එක අතට ගත්තේ මන් කෝල් එක ආන්සර් කරනකොට.
"හායි කිටී..."
"ඔයා බිසීද අද උදේ ඉදන් කෝල් එකක් වත් නෑනේ."
මන් වෙලාව දැක්කම උඩ ගියේ හවස 4ත් පහු වෙලා නිසා.
"සොරී කිටී මන් බඩු වගයක් අස් කරන ගමන් හිටියේ හෙට මට යන්න තියෙනවා වැඩ වගේකට ටිකක් දුරකට."
" දුරකට.????"
" ඔව් කිටී. දවස් තුනකට වගේ මන් මෙහේ නැති වෙයි."
" හුම්ම් අපිට කතා කරන්න වෙන්නෙත් නැනේ ඒ කියන්නේ."
"ම්ම්ම්.... ඔව්."
"රිශ්.... මෙහෙ එන්නකො මට ඔයාව බලන්න ඕනේ."
"හරි.මන් එන්නම් ම්ම්ම්... මට පැයක් දෙන්න."
" හරී.... බායි රිශ්."
මන් බඩු ටික අස් කරලා දාලා මගේ කාමරේට ආවේ. වොශ් එකක් දා ගන්න.
Time Skip......
මන් වොශ් එකක් දාගෙන ලැස්ති වෙලා බයික් එකෙන්ම සෝහිගේ ගෙදරට ආවේ බයික් එක ගේට් එක ලගින් නතර කරන ගමන් අපි යාලුවෝ වෙලා මාස දෙකක් ගියාට අද තමා මන් පලවෙනියට එයාගේ ගෙදරට ආවේ. එදා එයාව ගේ ලගින් බැස්සුවට පස්සේ අපි හම්බුනත් හම්බු උනේ එලියෙදී. මන් පොඩි බයකුත් එක්කම බෙල් එක ගැහුවේ. මගේ ෆොන් එකෙන් බලන් ආයේ කොන්ඩේ හදා ගත්තේ ඇදුමෙ නැති කුනු ගසන ගමන්.