CHAPTER 7

99 11 2
                                    

From The Previous Chapter.......

Black ට ඒකට නම් හොදටම තද උනා පෙනුනේ එයා හොදට පුටුවෙන් වාඩි වෙලා දත් මිටි කනකොට. එයාගේ බෙල්ලේ නහරවලුත් පැදිලා තිබ්බේ. අරුන් ටික ආයෙමත් කින්ඩියට හිනාවෙනකොට.

මන් පොකට් එකේ තිබ්බ් ගන් එකට අත තියන් හිටියේ ඕනේම වෙලේක එලියට ගන්න පුලුවන් විදිහට.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

"ඉසොක් එහෙනම් දන්නවත් ඇති ඒ බල්ලො කැවොත් කැල්ලක් වත් ඉතුරු කරන්නෙ නෑ කියලා. නේද ඊසෝක්.?"

ඒකට නම් අර මනුස්සයා ටිකක් බය උනා වගේ එයාගේ ලග හිටපු බොඩිගාර්ඩ්ට මොකද්ද මන්දා කනට කරලා කිවුවේ Black මට සිග්න්ල් එකක් දෙනකොට.

"තමුන්ට කියක් ඕනේද කියනවා...?"

"අපෙන් ගත්ත හැම දෙයක්ම ඕනේ...හරියටම බිලියන තුනයි මිලියන නවසිය පනහක්....."

"මොනාද තමුසේ කියන්නේ 395,0000,000ක්.???"

"හහ්.... මිස්ටර් ඊසෝක්ට මතක් කරලා දෙන්න වෙයි වගේ...."

මන් ගන් එක අතට තදකර ගත්තේ එලියට ගන්න බලාගෙන.

එතකොටම Shadow ටිකක් හයියෙන් හිනා උනේ අර මිනිහා Shadow දිහා බලනකොට.

"ඊසොක් තමුන්ට අපිට කියලා දෙන්න වෙයි වගේ අපි කොහොම බල්ලොද කියලා.... හහ්....."

ඒ එක්කම Shadow එයාගේ ශර්ට් එක අස්සට අත දැම්මේ එයාගේ ගන් එක අතට ගන්න ගමන් එයා එක වීදුරු මේසේ උඩින් තිබ්බේ මන් එයා දිහාම බලන් ඉන්නකොට.

"ඉතින් අපේ සල්ලි අපිට දෙනවද නැත්තම් අපි ගන්න හැටිත් දන්නවා......."

Black කිවුවේ..... ටිකක් ඉස්සරහට වෙලා වාඩි වෙන ගමන්.

එතකොටම මගේ ඇස් දෙක ගියේ එයාලා ඉන්න තැන උඩ තිබ්බ බැල්කනි එකට. එතන මේ මිනිහාගෙ මිනිස්සු දෙන්නෙක් ගන්ස් තියගෙන හිටියේ Black දිහාට දික් කරගෙන.

එතකොටම අර මිනිහා එයාගේ බොඩි ගාර්ඩ්ට මොනා හරි කිවුවේ එයා ගිහින් ලොකු බැග් 4ක් අරන් එනකොට.

"මෙන්න තමුසෙලා ඉල්ලපු දෙවල්........"

මන් අර උඩ හිටපු මිනිහා දිහාම බලන් හිටියේ ඉලගට වෙන්න යන දේ දන්න නිසා.

Robbery [GL] G!P Where stories live. Discover now