🌙17

69 10 1
                                    

🔘Kim taehyung  pov

Sohe - අනෙහ්හ් ඒයී ඔයා මට ආදරෙයි නේ..... අනෙ අනෙ permission දෙන්නකො.

Tae - බැහ්.

Sohe - අනේ ඔප්පා.......

Tae - සෝහී මම එක පාරක් බෑ කිව්වා. මගෙ යකා අවුස්ස ගන්නෙ නැතුව ගිහිල්ලා වැඩක් කරගන්න.

Sohe - යාහ්..... කිම් ටේහියුන් තමුන්ගෙ යකාට මම බය නැහ්හ්... මෙක මගෙ life එක මට ඕන දේ මම කරනවා. You got it ?

සෝහී කෑගහපු විදිහ දැකලා මම confuse උනා. ඇයි හත් දෙයියනෙ මෙයා කවදාවත් මට බැනලා නෑ ඔහොම. මට ඔරවලා කාමරෙන් කඩාගෙන එලියට ගියා.  අපි දෙන්නා මේ රන්ඩුව කරන්නේ ලොකු දෙකට නෙමෙයි. ඒත් ඔනෙ නැති දේකට. ජන්ග්කුක් ඊයේ එයාගේ අතේ tattoo වගයක්  කරගෙන. අපෙ නෝනා ඒක දැකලා දැන් මැරෙන්න හදනවා එයාටත් tattoo දෙකක් කරගන්න ඕනේ කියලා.  Tattoo එක ගහන එක නෙමේ අවුල ඒක ගහන එකා. මන් කැමති නෑ සෝහිව වෙන මිනිස්සුන්ව අල්ලනවට. මම ඇඳෙන් වාඩී වෙලා දොර දිහා බලන් count කලා.

හනා.. ( 1 )
දුල්.. (2)
සෙත්..(3)

සෝහි අඩාගෙන කාමරෙ දොරත් වහන් ඇවිල්ලා මගෙ ඔඩොක්කුවෙන්ම වාඩී උනා. මෙ කෙල්ලට බෑ මාත් එක්ක රන්ඩු කරන්න. මම ඒක දන්නවා. ඊටපස්සේ එයාම අඩන් ඇවිල්ලා මාව බදාගෙන සොරි කියලා කියලා අඩලා මගෙ ඔඩොක්කුවට වෙලා ගොඩක් වෙලා ඉන්නවා.

Sohe - i'm sorry

Tae - ශ්........ ඒකට කමක් නෑ.

Sohe - සුට්ටක් තලා ගියා...... මට tattoo එපා. ඔප්පා තරහ නෑ නේද ?

Tae - අනියා කො බලන්න මූන

ඇස් දෙකේ කදුලු පිරිලා. මූන රතුම රතුයි. එක වෙලාවකට මම මේ කරන්නේ වැරැද්දක්ද කියලා හිතෙනවා.මෙච්චර හුරතල් බෝලයක් වගේ ඉන්න කෙල්ලව ටික ටික වෙනස් කරන එක.

Tae - babyට tattoo එකක් ඔනේද ?

Sohe - එපා ඔයා කැමති නැහ් නේ.

Tae - කුක්ට call එකක් ගන්නකො.

සෝහී ජන්ග්කුකට කෝල් එකක් අරන් speak phone දැම්මා. කෝල් එක කුක් answer කරනකල් මම සෝහිගෙ ඇස් වල කඳුලු පිහිදලා මූනෙම චූටී චූටී kisses තිබ්බා. එතකොට එයා ලැජ්ජවෙන් හිනා වෙලා මගෙ බෙල්ල අස්සේ මූන තියගාත්තා. මම ආසම දෙයක් සෝහී එහෙම මං ගාවට වෙලා ඔලුව තියන් ඉන්න එක.

WOLF OBSESSION 🐺Where stories live. Discover now