🌙19

44 9 2
                                    


🔘 Kim sohe pov

අපෙ ජීවිතේ හරියට අභිරහස් වලින් පිරුනු පොතක් වගෙ. එකක් විසඳෙද්දී තව එකක්. නැත්නම් එක පාර ප්‍රශ්න දෙක තුනක්. සමහරක් විට ජීවිතේට අපි හිතපුම නැති දේවල් වෙන්න ගන්නවා. මම අහන්නෙ ඒක අමුතු නැද්ද ? මට මෙච්චර සංකීර්ණ ජීවිතයක් ඕනේ නැහ්. මම හීන දැක්කෙ සරල ජීවිතේකට. ඒත් දවසින් දවස හැම දේම වෙනස් උනා. එන්න එන්නම පරශ්න වැඩි වෙනවා විතරයි. පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නැහ්.

Tae - ටිකක් නිදාගන්න princesses. මම තැනට ආවට පස්සෙ කතා කරන්නම්

Sohe - ම්ම්ම්ම්

Wolf academy එකට යන්න තව ටික වෙලාවක් යන නිසා මම සීට් එක කඩලා ඇස් දෙක පියා ගත්තා. ඊයේ හවස මම නිඳන් නැගිට්ට වෙලෙව් වුන පොඩි සිදුවීමක් එක්ක මමම තීරනය කලා ටික දවසකට පැක් එකට නොයා ඉන්න. මට ඔම්මා අප්පා ඔන්නිලා දෙන්නා එක්ක ටිකක් ඉන්න ඕනේ. මේ දේවල් ඔලුවට හොඳටම වැඩී. එ අස්සෙන් 3rd year semester 2 finals ලග ලගම එනවා. මෙ ප්‍රශ්න මත්තෙම මට නැහෙන්න බැහ්. වැඩ ටික කොහොමහරි කරගන්න ඕනේ.

ඊයේ රෑ වුන දේ ගැන කිව්වොත්...... ආයිශ් සිරාවටම එ වෙලේ මට පිස්සු හැදෙන්න ඇතී. මම නිදන් නැගිටලා අසීහෙන් වගෙ ජින් ඔප්පයි නම්ජුන් ඔප්පයි ඉන්න තැනට ගිහිල්ලා මන් විකාරයක් කලා. ආ......යිශ්.... ජින් ඔප්පව දැක්ක ගමන්ම මම කිව්වේ ඔම්මගෙ හීරෝ එන්න ඔම්මා ගාවට කියලා. ජුනී ඔප්පටත් පොඩි මෑන් එන්න ඔම්මා ගාවට කියලා. හරි ඒක කමක් නැහ් කියමුකො එතන ඇල්ෆයි ලූනයි හිටියා. එ කියන්නේ ටේ හියුන්ගෙ අප්පයි ඔම්මයී. මම හරි සිහියට එද්දී එ දෙන්නම ඇස් වල කඳුලු පුරවන් මං දිහා බලන් හිටියා. ටේ ඔප්පත් අසරන හැඟීමකින් මං දිහා බලන් හිටියේ.මන් නිසා කී දෙනෙක්ට ඊයේ රිදුනද. මොනාද මං මේ කරන්නේ ? එ මතකයමන් මතක් වෙන වෙලාවට මට සිහියක් නැහ් අඩුම ගානෙ මම කරන්නේ මොනවවද්ද කියලා.

මේ හැම දෙයක්ම නිසා මටයි ඇලීසා ඔන්නිටයී අර වැඩෙ ගැන බලන එක කල් යවන්න උනා. බේස්මන්ට් එකට යන්න බැරි තරම් guard එක දාලා. අනික එතන ඉන්න bodyguardsලා shift වෙද්දිවත් අපිට ඇතුලට පැන ගන්න බැහ්. එච්චර ගාඩ් එකක් දාලා ඔප්පලා කාවද හංගන් ඉන්නේ ? මට ඒක තේරෙන්නෙ නැහ් පොඩ්ඩක්වත්. ආරංචී උන විදිහට එතන ඉන්නේ තරුන පිරිමි ලමයි දෙන්නෙක් ලූ. මොකද්ද හේතුව එයාලව හිරකරන් ඉන්න ? ආහ්හ්හ් මෙ ඔක්කොම හිතන්න ගියොත් මට ලගදීම mental hospital එකක නවතින්න වෙන්නේ. Oh god pls save meeeeeee.

WOLF OBSESSION 🐺Where stories live. Discover now