Chapter 08

294 53 52
                                    

" I found you !"

මම ඒ වචන තුන දිහා කොච්චර වෙලා බලාගෙන හිටියද කියලා මටම විශ්වාසයක් නෑ... ඇස් දෙක රිදෙනකම්ම මම ඒ වචන තුන දිහා බලාගෙන ඉන්නැති... මගේ මූණේ ලේත් හිඳෙන්නැති මම බලාගෙන ඉඳපු ඉඳිල්ලට.....

එයා කියලා තියෙන්නේ කාව හොයාගත්තා කියලද.... අනෙක මේ පිංතූර... මේ වචන... Mi amore... මල්... අහස... හැම දේකම ඒක නුලක ඇමිණිලා... දැන් නම් මගෙ මොලේ නහරෙකුත් ලෙහන්න බැරි බොල්ජියම් ගැටේ ගැහිලා වගේ....

ඊයේ ඇනුන කට්ට එක මගේ බල නහරයක් කැපිලා ගියා වෙන්න බැරිද... නැගිට්ට වෙලේ ඉදන් මගේ හොඳ සිහිය පැත්ත පලාතෙක නැතුව විකාර හිතන්න අරගෙන... මම නලලත් අල්ලගෙන බැල්කෙනියට බර වුනා... හිතාගන්න බෑ මේ නිකම් මල් මිටියාවත් නිසා මාව මෙච්චර අවුල් කරනවා කියලා....

මම ආපහු තිබ්බ එකම මිනිස් පිංතූරේ දිහා හොඳට බැලුවා... ඒක ටිකක් හුරැයිත් වගේ... ඒ කැනරි පාට ශර්ට් එකක් මටත් තියෙනවා... තාම ඒක තියෙනවා අල්මාරියේ... ඕක මම අදින එක නතර කරා භානුකයගේ අනෙක් අසමජ්ජාති කිඹුලා මට කැත කැනෙරියා කියලා විහිලු කරන්න ගත්තම...

මම නියපොත්ත කාගෙන කාගෙන විදුරැමහටත් වැඩේ දෙන ගමන්නම ඒක දිහා බලාගෙන හිටියා විතරයි කන දෙදරන්න හෝන් පාරක් වැදුනා... තට්ටුවක් උඩින් ඉන්න මට කෝමද යකූ හෝන් සද්ද කන ලඟින් ඇහෙන්නේ...

" ඕයි... චිත්‍රාාාා... බැහැපන් සඳලුතලෙන් පහලට... "

හරිනේ... පබිතා උදේ පාන්දර දුම්මල අරගෙන... ඒකි නැන්දාගේ පස්ස නලියන ස්කූටරේ බ්රෑම් බ්රෑම් ගාලා රේස් කරනවා... රේස් කරන්නේ හොන්ඩාවක් කියලා වෙන්නැති හිතන් ඇත්තේ... ස්කූටිය හොන්ඩාවක් තමා... හැබැයි හොන්ඩා ලිට් එක...

" ඇරපන් හු#තෝ ගේට් එක... අපි ලෙඩ්ඩු බලන්න ඇවිත් ඉන්නේ... "

මදි අඩුපාජුවට විසාදයත් ඇවිත්... ඌ පබිතාගේ පිටේ මූණ ගහගෙන... ඊයේ රැ පැරඩයිස් එකේ නටපු නැටිල්ලට මුට දවල්ට තමා මතේ ගහන්නේ...

" මොකද ඕයි මේ කුකුලා අතේ තියාගෙන... පලයන් ගිහින් දවල් වෙලා වරෙන් මම බිසී... "

" මුගේ අප්පට- තෝව රෝස් චිකන් කරන්න කලින් බැහැපිය ගස් බල්ලා... "

WEST COAST | WC | ONGOING Where stories live. Discover now