Chapter 22

210 31 42
                                    

SUFJAN STEVENS - FOURTH OF JULY
__________________________________________

ඩේසියව ගෙට ගෙනියන්න බැරි නිසා එයාව තාප්පේ උඩින් තියලා මම ගේ ඇතුලට ගියාම අම්මා හොල්මන වගේ එකපාරට සාලේ හරහා ගියා... බුදු අම්මෝ එයා අඩිය තියනවා නෙමේ නිකම් පාවෙනවා වගේ... මම එන අඩි සද්දේ ඇහිලාද කොහෙද කාමරේට රිංගන් දඩාස් ගාලා දොර වැහුවා...

එයාට මොකක්ද වෙලා තියෙන්නේ ඒ පාර... අයියා එක්ක එල්ලුනාද දන්නෑ... ඕන එකක්... කොහෙන් ගියත් පහත් තැනින් වතුර ගලනවා වගේ ඕවා සේරම කෙලව⁣ර වෙන්නේ අන්තිමට මගෙන්...

මම එහෙම්ම සාලේ පුරා ඇස් ගෙනිච්චා... මහ දවල් වුනත් අපේ ගෙදර මාරම අඳුරැයි... ගෙදර ජැනේලයකට කියලා ඇරෙන්නේ කාමර වල ජැනේල් විතරයි... සාලේ ජැනෙල් හැමදාම වගේ වහලා කර්ටන් දාලා තියෙන්නේ... පලු දෙකේ මහ දොර පවා එක පලුවයි ඇරලා තියන්නේ අනෙක් පලුව මට මතකේ ඇති කාලෙක ඉඳන් ඇරිලා නෑ... කොටින්ම රෑ වුනත් කුස්සියේ, කාමර වල, පඩිපෙලේ ලයිට් වැටෙනවා ඇරෙන්න අනෙක් තැන් වල බල්බ් පත්තු වෙන්නේ කලාතුරකින්....

මායි අම්මයි විතරයි ඉන්නේ නිසා ගොඩක් වෙලාවට ගෙදර හැඩි වෙන්න දෙයක් නැති තරම්... ගෙදර හැමදේම හුස්ම ගන්න ආමරැ තරම් පිලිවෙලයි සම්පුර්ණයි...

ඇත්තටම මේක ගෙදරක් කියලා මට දැනෙන්නැති එකට මම වැරැද්දක් කියන්නෑ... වාද්‍ය අයියාගේ ගෙදර ඉඳන් මෙහෙට එද්දී නිකම් අහසයි පොළවයි වගේ දැනෙන්නේ... කටට මහ අමුතු තිත්ත රහක් එනවා... කොටින්ම කන කෑමවත් උගුරෙන් පහලට දුවන්නැති තරමේ මහ තිත්ත හැගීමක් තියෙන්නේ....

ඒත් අයියා ඉන්න දවසට වෙනස්... වෙනදට කාම⁣ර දෙකේ ගෙදර කවුරැත් නැති වෙලාවට එලියට බහින මිනිස්සු දෙන්නා අයියා ඉන්න වෙලාවට අයියා එක්ක හරිහරියට කියව කියව ගේ හැමතැනම ඇවිදින්න පටන් ගන්නවා... එයා තැන් තැන් වල එක එකේවා දානවා... මග දිගට ගලෝලා දාන ඇඳුම්, බීපු තේ කෝප්ප, බාගෙට කාපු බිස්කට් පැකට් අරවා මේවා වලින් ගේ පිරෙනවා... ඔන්න ඊටපස්සේ මෙච්චර කල් වැහිලා තියෙන අම්මාගේ කට එයාට බනින්න ඇරෙනවා... මම කන බිස්කට් ටික ටික අතුරැදහන් වෙද්දී එයාට බනින්න මගේ කට ඇරෙනවා...

WEST COAST | WC | ONGOING Where stories live. Discover now