chapter 7

71 10 27
                                    

සවීන් වත්තෙ ඇවිදින අතරෙ ගෙදර ආපු අබී........

Abiru pov

අද මායි baby දෙන්නම උදෙන්ම නැගිටලා එලියට ආවෙ වත්ත පොඩ්ඩක් බලන්න යන්න.ඒත් එතකොටම බාස්ලට බඩු වගයක් ඕනෑ කියපු නිසා මට සිද්ධ වුණා ඒවා ගේන්න ටවුන් එකට යන්න.කෝමහරි බේබිට බටර් පාරක් ගාලා පැනගත්තෙ.හැබැයි ඉතින් මන් එන්න හදනකොට නම් එයාගේ මූණේ තිබ්බේ හරියට නිකන් පුළුවන්නම් මාව උස්සලා පොළොවේ ගහනවා වගේ පෙනුමක්.ගෙදර යන්න බයත් බෑ අප්පා.

ඒත් මං ගෙදර ගිහින් බලනකොට සාලෙවත් කාමරයේවත් කුස්සියෙවත් එයා පේන්න හිටියේ නෑ.සුගතංගෙන් ඇහුවත් එයා කිව්වෙ බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සේ එයා සවීන්ව දැක්කේ නෑ කියලා.දෙයියනේ මේ කොල්ලා තනියෙන් ඇවිදින්නවත් ගියාද .ඊට පස්සේ මං එලියට බැස්සේ එයාව හොයන්න යන්න.ඒත් එතකොටම මේකා කොහෙදෝ ඉඳන් දුවගෙන දුවගෙන ඇවිත් පැන්නෙ නැතෑ මගේ කරට.

දැන් නම් මට මේකා එක්ක හොඳටම තරහයි.ඇයි යකෝ මං කට කැඩෙනකම් කියලා තියෙනවා මං නැතුව තනියෙන් කොහෙවත් යන්න එපා කියලා.ඔය පේන්නේ නැද්ද කොහේ හරි මඟුලක තනියම රිංගලා පපුවත් හොඳටම ගැහෙනවා.ඒ මදිවට හයියෙන් හුස්මත් ගන්නවා.මං එහෙම්ම එයාව බිමට බස්සලා එයාගේ පැත්තට හැරුණා.

Saveen pov

දෙයියනේ මොකක්ද මං ඒ දැක්කේ... නෑ... නෑ.. ඒක නම් ඇත්තක් වෙන්න බෑ.ඔව් ඒක මගේ මනස ඇඳුනු මනස්ගාතයක් විතරයි...අබී කියනවා හරි මං හැම දෙයක් ගැනම හිතනවා වැඩියි.මං එහෙම්ම ගෙදරටම දිව්වා.

මං ගෙදරට යනකොට ඈත තියාම දැක්කේ අබී මාව හොයන්නදෝ කොහෙදෝ එළියට යන්න හදනවා.මං දූගෙන දූගෙන ගිහින් බයටම  එයාගේ පිටිපස්සෙන් කරේ එල්ලුණා.අබී මොකුත් නොකියා මගේ කලව යටින් අත දාලා අල්ල ගත්තා.ඒත් වැඩිවෙලා එහෙම ඉන්න හම්බ වුණේ නෑ. එයා එක පාරටම මාව බිම තියලා මගේ පැත්ත හැරුණා.හම්මෝ ඒ බැල්ම මාව නිකං piccenawa වගේ.

අද නං සැමියාට නහුතෙටම නැගලා.හැරෙන හැරෙන පැත්තට ගහයිද දන්නෙ නෑ.සැක් ඒ අස්සෙ වෙන වෙන ගැහිලිත් මතක් උනා.නෑ නෑ ඒව ගැන වෙන වෙලාවක මනෝ පාරක් ගහන්න ඕනේ.

꧁කේසර වලව්ව꧂ (Slow update)Where stories live. Discover now