Chapter 8

96 11 28
                                    


Author pov

අබිරු පහළට ගිහින් ටික වෙලාවක් බාස් එක්ක කතා කර කර ඉන්න අතරේ බාස් එයාගේ ගෝලයෙක්ට කතා කරලා කිව්වා.

"ඉන්දික මෙහෙ වරෙන් .උඹ ගිහින් උඩ තට්ටුවේ මේ මහත්තයාලගේ කාමරයේ පිට පැත්තේ ජනේලේ ලග තීන්ත ගාන්න පටන් ගන්න.ඉනිමග තිබ්බේ කුස්සිය පැත්තේ ඒකත් අරම්ම පලයන්."

ඉන්දික තීන්ත බාල්දය ඉනිමගයි අරගෙන ගිහින් බාස් කියපු තැන තීන්ත ගාන්න පටන් ගත්තා.

"ජීවිතයේ තරුණ කාලේ.. එකසේ නොරැදේ..සොයමි...අම්මෝ ඒක පට්ටනෙ යකෝ"

ඉන්දික සිංදුවකුත් කියන ගමන් ආතල් එකේ වැඩේ කරන්න පටන් ගත්තට එයාට වැඩිවෙලාවක් ඒක කරන්න හම්බුනේ නෑ.එයා තීන්ත ගාන්න පටන් ගත්තේ සවීන් නිදාගෙන හිටපු කාමරේ පිට පැත්තේ ජනේලෙ ලග.ජනේලේ වහල ලොක් කරලා තිබුණත් කර්ටන්ස් ඇරලයි තිබුණේ.සවීන්ටත් ඉතින් නිදාගන්න ගියාම තැනක් නොතැනක් නෑ.. ඇඳුමක් ගැන ගානක් නෑ.සවීන් නිදාගන්න කලින් ඇඳන් හිටියේ ඉනෙන් පහළට පුංචිම පුංචි ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි විතරයි.

එයා නිදාගන්නකොට බ්ලැන්කට් එකක්වත් පොරෝගෙන හිටපු නැති නිසා නින්දෙන්ම එයාගේ ටී ෂර්ට් එකයි ෂෝටයි එහෙ මෙහෙ වෙලා අර ලස්සන හීනි ඉනයි සුදුම සුදු කලවයි කැපිලා පෙනුනා.කර්ටන්ස් සේරම ඇරලා තිබුන නිසා ඉන්දිකට සවීන්ව හොඳටම පෙනුනා.ඉතින් එයා උඩින් පල්ලෙන් තීන්ත ගගා සවීන්ගේ රූපෙ දිහා කෙල හල හලා බලන් හිටියා.

ඒත් එක්කම එයාට පිටිපස්සෙන් ඇහුනේ කවුරු හරි කෙනෙක් හයියෙන් හුස්ම ගන්න සද්දයක්.ඒත් එක්කම ඉන්දික ගැස්සිලා පිටිපස්ස හැරුණත් තමන් තනියම නේද දෙයියනේ මේ ඉනිමගෙ ඉන්නෙ කියලා මතක් උනාම එයාට හීන් දාඩිය දාන්න පටන් ගත්තා.ඒත් ඒක තමාගේ මනස්ගාතයක් කියල හිතපු ඉන්දික ඉස්සරහ හැරිලා ආපහු තීන්ත ගාන ගමන් සවින් දිහා බලන් ඉන්න පටන් ගත්තා.

ඉන්දික ඉනිමග තියන් හිටපු තැනට දකුණු පැත්තෙන් තිබුණෙ ලොකු කොස් ගහක්.එකපාරටම කොස් ගහ පැත්තෙන් ආපු වේගවත් සුළං පහරක් නිසා ඉන්දික බය වෙලා ඒ පැත්ත හැරුණා.මොකද කොස් ගහක් තියෙනවා කියන්නේ ඒ පැත්තෙන් ඒ තරම් වේගවත් හුළඟක් එන්න කොහොමවත් විදියක් නෑ.ඉන්දික තප්පරයක්..දෙකක්..නෑ විනාඩි පහක් පමණ ඒ දිහා බලා හිටියා.ඒ එක්කම,

꧁කේසර වලව්ව꧂ (Slow update)Where stories live. Discover now