"අප්පටසිරි! ඉතින් දැන් මොකෝ වෙන්නෙ..."
"මොනා වෙන්නද බන්... ඔය මූසලයා වෙන තැනකට යන එකක් නෑ... කරබාගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ... හිටපන්කො මට දහ නවය ලබපු ගමන් යනවා යන්න ඔලුව හැරිච්ච අතේ..."
හරියටම සතියකින් වයස දහ නවයක් සම්පූර්ණ වුනාම දෙව්දුනු කැදැල්ලෙන් ඈතට ඈතට ඉගිලිලා ඉගිලිලා යයි.. හැබැයි ඇත්තටම එහෙම වෙයිද??
"මොකද තමුසෙ ඔය කරන්නෙ?"
එකපාරටම පාත් වුනු සහෝදරයගෙ වචන කන අහලකට නොගත්ත දෙව්දුනු ලොකු වැඩක.. කාමරේ හරි මැදින් දෙකට බෙදනවා සුදු පාට ටයිල් එකේ කලු තීන්ත ඉරකින්..
සුමනසිරි කාමරේ අගේට ලෑස්ති කරලා.. ඇඳ අල්මාරිය පොත් මේසෙ පොඩි රෙදි රැක් එක මේ කලින් තිබුනු හැම බඩුවක්ම දැන් ඩබල් වෙලා..
'තව සතියයි දෙව්දුනු... කාගෙන ඉඳපන් ඕකත්' තමාටම කියාගෙන නාන කාමරේට ගියේ පොඩ්ඩක් හරි හිත නිදහස්ව ඉන්න පුළුවන් තැන එතන නිසා..
කසාද බැන්දට මොකද තාත්තා තාමත් ගෙදර ආවෙ නෑ බිස්නස් වැඩකට මැලේසියාවෙ ගිහින්ලු..
නෑමෙන් පස්සෙ තියෙන්නෙ රෑට කෑම.. අද කෑම මේසෙ වෙනදට වඩා ජයයිලු අලුත් අම්මනෙ උයලා තියෙන්නෙ..
"දෙයියන්පා දූ අවුරුදු ගානකට පස්සෙ තරුණ ගෑනු අතකින් මෙච්චර රහට කෑවමයි...
අනිද්දට සිල් අම්මලට ගෙනියන්ඩත් මෝජුවක් දාලා දෙන්ඩ දූ...
ඕං ඔය ඌරු මස් කෑලි දෙක තුනක් බෙදන්ඩකො තරහ නැතුව..."සාමාන්ය විදියට ඔක්කොම ටික කාලා ඉවර කරපු දෙව්දුනු අත හෝදලා කෙසෙල් ගෙඩියකුත් කාලා ආපහු කාමරේටම ඇවිත් නිදාගන්න ලෑස්ති වුනා.. ටිකකින් අලුත් සහෝදරයත් ආවා..
"මේහ්... නිදිද?? ඕයි මේහ්..."
"කතා කරනවකො පොඩ්ඩක්... මේහ්..."නිදි වගේ රඟපෑවත් කච කචේ දරාගන්න බැරි වුනු තැන ඇස් ඇරලා ඇයි ඇහුවා..
"නෑ නෑ නිකන්... නින්ද යන්නෑ තැන වෙනස් වුනු නිසා වෙන්නැති... ඒක නෙවෙයි තමුසෙගෙ නම මොකක්ද??"
"ඔච්චර රවන්න ඕන්නෑනෙ ඕයි මං ඇහුවෙ නම විතරනෙ... අපි දැන් රූම්මේට්ස්ලා නිසා ඕවා දැනගෙන ඉන්න ඕන" කටින් එහෙම කියද්දි හිත කිව්වෙ 'මුගෙ තියෙන ලොකු ලයින් පුහ් ගල් මූසලයා'..."දෙව්දුනු!!"
නම ලස්සනයි කියන්න හැදුවත් එක්කො ඕන්නෑ කියල අලුත් සහෝදරයා තමන් ගැන පම්පෝරිය පටන් ගත්තා..
"මං සස්නක... දෙව්දුනුගෙ ආච්චි කියපු විදියට අපි එකම වයසෙ... ඒලෙවල්ස් වලට කරන්නෙ මැත්ස්... ඉස්කෝලෙ කොළඹ අමිතානන්ද..."
ඉතින් මට පුකද? දෙව්දුනු ඇස් පියාගෙන අනිත් පැත්ත හැරුනා..
•_°