"සොරි..."
කණමදයා හරි සිහියට ඇවිත් සුමනසිරිගෙන් විස්තරේ අහගෙන සස්නකගෙන් සමාව ගත්තා.. හැබැයි සස්නක කලේ ඇහුනෙ නෑ වගේ හිටපු එක..
"සොරි!" ටිකක් සද්දෙ වැඩි කරල දෙවෙනි වතාවට කිව්වා..
ම්ම්හු නෝ රිඇක්ශන්..
"ඕයි මේ සොරි!!"
"මගෙ නම ඕයි නෙවෙයි..."
'මූව තලලා පොඩි කරන්න හිතයි' දෙව්දුනුට හොඳටම නැඟලා.. යකා!.. හැබැයි වැරැද්දක් වුනේ තමන්ගෙ අතින් නිසා කේන්තිය පිට දාන්නත් බෑ..
"සොරි ස්-සස්නක..."
"බලන්න ඉතින් එච්චර ලස්සන නම කියාගන්න තියෙන අමාරුව... නේද ?"
මෙච්චර වෙලා තමන්ට කියන්න ඕන දේ කිව්වා.. ඒකට සස්නකගෙන් උත්තරේකුත් ලැබුනා.. ඉතින් තවත් මොකටද මෙතන ඉන්නෙ දෙව්දුනු යන්න ආපිටට හැරුනා..
"දෙව්දුනුගෙ ආච්චි දෙව්දුනුව හදලා තියෙනවා කිසිකමකට නෑ... කතා කර කරා ඉන්නකොට ඔය විදියට මැද්දෙන් නවත්තලා යන එක නරක පුරුද්දක්...!"
දෙව්දුනු රැව්වා රැවිල්ලක්!
"හැබැයි දෙව්දුනුගෙ ආච්චි හොඳ හැටි රවන්න ගොරවන්න කියල දීලා තියෙනවා වගේ... මං දැකපු ප'ශෙක්ට්ම රැවිල්ල තියෙන්නෙ දෙව්දුනුට..."
දෙව්දුනුගෙ ආච්චිට හාල් ගරන්න ඒ කියපු කතාවට හිත යටින් පොඩ්ඩක් ආඩම්බරයක් නොහිතුනාම නෙවෙයි..
"අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා... ඒත් ඒවට උත්තර විදියට ගිනි වතුර හොයන් යන එක සාධාරණ නෑ... හරිම තාවකාලික සැනසීමක් එක්ක අන්තිමට ඉතුරු වෙන්නෙ කාලකණ්ණි ලෙඩ ගොඩක්!"
'මං ගැන කවුරුත් වද වෙන්න ඕන්නෑ' තාමත් එක්කෙනෙක්ගෙ උද්ධච්ඡකම අඩු වෙලා නෑ හැබැයි..
"කැමති වෙලාවක කියවල බලන්න" පුංචි කොලයක් දීල යන්න ගියා.. කොලේ තියෙන්නෙ මොනාද කියවලවත් නොබලපු දෙව්දුනු ඒක ගුලි කරලා කාමරේ කොනේ තිබුනු ඩස්බින් එකට විසි කලා..
•_°