04

577 73 3
                                    

"ඕයි තමුසෙ මහ ජරා මිනිහෙක්...
මෝඩ මූසල ගං කබරයෙක්...
වඳ වෙලා යන්න ඕන ජීවිතයක්...
තීන්ත උස්සන් ඇවිත් ඉරි අඳින්න ඕන්නෑනෙ ඔහොම කරන්න... යකෝ දාන වමනයක් තොගෙ ඇඳේ දාගන්න තිබ්බනෙ... ශිට් ශිට් නොදකින්!!"

සස්නකගෙන් ලොකු පැමිණිල්ලක්.. උදෙන්ම ආච්චි අලුත් ලේලි එක්ක නෑගම් ගිහින් කොල්ලො දෙන්නව සුමනසිරිට බාර දීලා.. ඉතින් වෙලා තියෙන්නෙ අගේ ඇති වැඩක්..

"අපෙ අප්පේ මොකෑ මේ දෙහි කපන්නෙ චූටි මහත්තයෝ??"

"දෙහි? දෙහි නෙවෙයි සුමනසිරි මේවට කපන්න ඕන ජම්බෝල... බලනවා... බලනවා මේ කරල තියෙන වැඩේ... වමනෙ මදිවට මගේ ඇඳේම දපනෙ දාලාත් එක්ක..."

දිග හුස්මක් පිට කරපු සුමනසිරි දෙව්දුනුව නැඟිටවලා පුටුවක ඉඳ කෙරෙව්වා... ටික වෙලාවක් ඒ මූණ දිහා බලාගෙන ඉඳලා ඔලුව අත ගාලා "මං අස් කරන්නම් චූටි මහත්තයා ඩිංගක් ඉන්ඩ.." කියාගෙන පහලට ගියා...

නහයත් වහගෙන සුමනසිරී පස්සෙම යන්න සැරසුනත් ආපිට ඇවිත් සස්නක කලේ හෙන ගහලා වගේ ඉන්න දෙව්දුනුගෙ හිසේ ඉඳන් කකුල් දෙකට ස්කෑන් කරපු එක..

'දැන්නෙ දැක්කෙ තමුසෙ හරි ලස්සනයිනෙ.. මෙහෙම ඉන්නකොට හාවොත් පරාදයි පුදුම අහිංසක පාටක්...
මට නම් තමුසෙව තේරුම් ගන්නම බෑ... පලවෙනි පාරට ඔහොම එකෙක් දැක්කෙ... මෙච්චර පොඩි වයසට බේබද්දෙක් වගේ බොන්න තරම් මොකක්ද තමුසෙට තියෙන ප්‍රශ්නෙ දෙව්දුනු??' සස්නකටත් හිතින් එලියට දාන්න බැරි ප්‍රශ්න කෝටියයි...

සුමනසිරී ආපහු ආවෙ මොප් බාල්දියත් අරගෙන... බෙඩ්ශීට් ඔක්කොම කූඩෙට දාලා බිමත් මොප් කරලා ඒ ටික පැත්තකින් තියලා දෙව්දුනු පැත්තට හැරුනා..

"මගෙ දරුවෙක් වුනා නම් ඇහේ තියන් හදන්නෙ... දෙයියනේ පොඩි එකා විනාස වෙනවා මේ එකෙක්ට පේන්නෑනෙ..."

"සුමනසිරි ඇත්තටම මෙයා ඇයි එහෙම..?"

"මේ ඉන්නෙ නූල කැඩුනු සරුංගලයක්... නූල කැඩිලා නෙවෙයි කඩලා... අලුත් නූලක් අමුනලා ආයෙත් යස අගේට අහසට යවන්ඩ ඇහැක් වුනත් සරුංගලේ අයිතිකාරයට ගානක් නෑ...
මහත්තයා මහත්තයා කිව්වට මොකෝ දොඩමක් තරම් හිච්චි කාලෙ ඉඳන් මං මේකාව දකින්නෙ... අනේ පොඩි දරුවා!! කවදා මේවයෙ කෙළවරක් දකින්න පුළුවන් වෙයිද.."

"චූටි මහත්තයෝ මේක ඉල්ලීමක් අත් දෙක එකතු කරලා කියන්නෙ මේන් මේකා එක්ක ඉන්ඩ... අම්මෙක් අප්පෙක් නැති වුනත් අඩුම සහෝදරයෙක්වත් ඉන්ඩ ඕන... ඒ තනියවත් මැකුනාදෙන්..."

සස්නකට දුකක් නොදැනුනාම නෙවෙයි..
'මෙහෙම අහිංසක පාටට ඉන්නවනම් ජිවිත කාලෙටම හරි ඉන්න බැරියැ.. කොහෙද ඉතින් ඇහේ පොට යනකන් රවන එකනෙ වැඩේ'




•_°

දෙව්දුනු✔️Where stories live. Discover now