buzz buzz × 100
'Happy Birthday Bro'
'Happy Levelup'
'HBD'
'Happy Birthday Babe'
'Happy 19'එක එක විදියෙ උපන්දින සුබ පැතුම් ගොඩක් ඩේටා ඔන් කරපු හැටියෙ ෆෝන් එකේ..
අද දෙව්දුනුගෙ 19 වෙනි උපන්දිනේ..
මීට අවුරුදු දහනවයකට කලින් උපන් පිංවත් කුමාරයා වැඩිහිටියන්ගෙ ප්‍රශ්න නිසා ටිකෙන් ටික විනාස වේගෙන යනවා.. කිසිම දරුවෙක්ව තමන්ගෙ දෙමාපියන්ට මඟ ඇරෙන්න නරකයි..
මහ පාරක කවදාවත් එහා මෙහා ගිහින් නැති පොඩි එකෙක්ට ඇඟිල්ල දික් කරලා කිව්වොත් 'තනියම පාර පැනලා ආපහු මේ පැත්තට වරෙන්' කියල..??
පාරෙ වාහන නැත්තං අවුලක් නෑ හැබැයි හැමතිස්සෙම වාහන නැති වෙන්නෙත් නෑනෙ.. හොඳ ශොට් දෙක තුනක් දාගත්ත මේ ලෝකෙ සිහියක් නැති මොකෙක් හරි අපතයෙක්ගෙ ෆුට්සයිකල් එකකට වුනත් පොඩි එකා යට වෙන්න පුළුවන්නෙ? නේද..?
මැරෙන එකා අම්මා අප්පා ලඟ හිටියත් මැරෙනවා ඒක ඇත්ත.. හැබැයි හරි ආදරෙන් 'දකුණ බලා වම බලන්න. ආයෙත් දකුණම බලන්න. පාරේ වාහන නැත්තං ඉක්මනටම මාරු වෙන්න' උගන්නන්න ඕන වැඩිහිටියෙක් නෙවෙයිද?අඩුම හරියට පාර මාරු වෙන්නවත් කියල දෙන්න තරම් වැඩිහිටියෙක් දෙව්දුනුට හිටියෙ නෑ..
වයස අවුරුදු තිහක් හතලිහක් වෙච්ච, තමන් වැඩිහිටි කියාගත්ත පිරිසක් මැද්දෙ හැදුණු වැඩුනු එකා වෙනුවෙන් ඇත්තටම හිටියෙ සුමනසිරි කියන මනුස්සයා විතරයි..මේ උපන්දිනේ විශේෂයි..
පලවෙනි වතාවට ගෙදර උපන්දින සාදයක් 'දෙව්දුනු අභිමාන් බස්නායක' නමින්.. තාත්තගෙ යාලුවො, සීයගෙ යාලුවො, ආච්චිගෙ යාලුවො, අලුත් අම්මගෙ යාලුවො පිරිලා ඉතිරිලා.. හැබැයි උපන්දින අයිතිකාරයා වෙනුවෙන් කියල එකෙක් නෑ.. ආහ් නෑ නෑ තුන්දෙනෙක් ඉන්නවා.. සත්සර, කවීශ, සුමනසිරි.. දෙව්දුනු නොදන්නවා වුනාට ඒ තුන හතරක් වෙලා ඉවරයි දැන්..
එතකොට දෙව්දුනුගෙ පැත්තෙනුත් මේ උපන්දිනේ විශේෂයි.. මොකද අද තමා දෙව්දුනු මේ ගෙදර ජීවත් වෙන්න යන අන්තිම දවස..
"....හිටපන්කො මට දහ නවය ලබපු ගමන් යනවා යන්න ඔලුව හැරිච්ච අතේ..." මතකනෙ!?ලොකු කේක් එකත් කපලා අකැමැත්තෙන් වුනත් තාත්තටයි ආච්චිටයි අලුත් අම්මටයි කවලා යන එන හැමෝම එක්ක කට උල් කරල බොරු හිනාවක් දීලා දීලාම හරි මහන්සියි..
මේක තනිකරම ව්‍යාපාර සාදයක් වෙද්දි කවීෂ සත්සර ගෙදර යන්න ගියේ යාලුවව දාලා යන්න පොඩ්ඩක් දුකින්.. ආච්චි රවද්දි කොහොමද ඉතින් තව වෙලා ඉන්නෙ ??'තොපේ නාට්ටි වල තොපිම රඟපාපල්ලා' හිතලා දෙව්දුනු ගියේ කාමරේට....
ටීක් ටීක් ටීක්..
දෙව්දුනු නාන කාමරේ ඇතුලට ගිහින් දැන් සැලකිය යුතු කාලයක්.. සස්නක හිටියෙ හොඳටම දාඩිය දාල මුත්‍රා බර වැඩි වෙලා.. වෙන වෙලාවක නම් බැල්කනියෙන් අල්ලන්න පුළුවන්.. කොහෙද ඉතින් අද පහල පාටියක්නෙ..
"දෙව්දුනු තමුසෙ ඕකෙ භාවනා කරනවද ඕයි?? ඉක්මනට එලියට වරෙන්කො"
බැරිම තැන පුළුවන් වීරිය දාල දොරට ගහද්දි ලොක් එක කැඩිල ඉබේම දොර ඇරුනා.. දොර වගේම සස්නකගෙ කටත්.. දැකපු දෙයින් අසමෝදගම් බිව්වා හා සමානව මුත්‍රා බර කොහෙන් ගියාද නෑ...
කීවෙනි වතාවටදෝ මන්දා දෙව්දුනු සියතින්ම සියදිවිය නසාගන්න ලොකු උත්සහයක!!
•_°