Taehyung povඩේගු වල ඉදන් ආයෙත් සෝල් ආපු එකනම් ඇත්තටම හිතට ලොකු නිදහසක්.
ඔම්මලට ඕන උනේම හ්යුන්ග්ව අර නූනා කෙනෙක්ට මැරි කරවන්න උනාට ඒ නූනලගෙ ඔම්මලා කැමති උනේ නෑ හ්යුන්ග්ට එයාලගෙ දුවලව දෙන්න.
මොකද එයාලා දන්නවා එහෙම උනොත් කිම් ටේහ්යුන්ග් ඒ නූනලගෙ ඇටසැකිලි ටිකවත් ඉතුරු කරන්නෑ කියලා
Well, මං ඉතිං පුරුදු විදිහටම මගේ කේක් ශොප් එකේ වැඩ පටන් ගත්තා. හ්යුන්ග් company එකේ. හා පැංචි ඔම්ම එක්ක ගෙදර.
හ්යුන්ග්ව disappoint කරන්න බැරි නිසාම මං හ්යුන්ග් දාලා දීපු ශොප් එක ලස්සනට කරගෙන යනවා මිසක් මං කැමති නෑ අපේ බබාව ඔම්මා ලග දාලා එන්න.
මං හිතන් ඉන්නෙ බබා තව ටිකක් ලොකු උනාට පස්සෙ එයත් එක්කම ශොප් එකට එන්න. Gocart එකේ තියන් ඉන්න පුලුවන් කාලෙට කරදරයක් නැති වෙයිනෙ එයාගෙන්.
දැනටත් මට කරදරයක් නෙමෙයි ඒ රෝස මල, ඒත් ඉතිං ඒ කේක් ගෙඩිය උස්සන් තව කේක් ගෙඩි හදන්නෙ කොහොමද මං?
උදේ ඉදන් හ්යුන්ගෙන් කෝල් දහයකට වඩා ආවා මට. එයා මුකුත් කියන්නෑ. කෝල් එක අරගෙන I miss you බෙයා හරි, මමී හරි, බේබි මමී හරි කියනවා, මං miss you too කිවුවාට පස්සෙ එයා කෝල් එක කට් කරනවා
හ්යුන්ග්නම් මාර විදිහට වෙනස් වෙලා, මටම තේරෙන්නෑ එයාට මොකක්ද උනේ කියලා.
ඉස්සර office එකේ files බදාගෙන හිටපු හ්යුන්ග් දැන් මාවයි හා පැංචිවයි බදාගෙන ඉන්න පුරුදු වෙලා.
නූනා කොහේ හරි ඉදන් බලන් ඉන්නවනම් එයාට දුක හිතෙයිද කියලා මට බයයි.
මොකද හ්යුන්ග් නූනාට labor pains එනකොටවත් එයා එක්ක හිටියෙ නෑ. අඩුම නූනා ගත්ත කෝල් එකවත් answer කරලා නෑ.
Sorry නූනා මං ඔයාගෙ හස්බන්ඩ්ට ආදරේ නොකර ඉන්න හේතුවක් නෑ, ඔයාට ඕන්නම් එයාලා එක්ක ඉන්න තිබුනා, කාත් කවුරුත් නැතුව අතරමං වෙලා ඉන්න ඒ දෙන්නාටම දැන් ඉන්නෙ මං විතරයි. ඒ නිසා දුක් වෙන්නෙ නැතුව ඉන්න තැනක සතුටින් ඉන්න. මට කියන්න තියෙන්නෙ එච්චරයි