වැහිකෝඩ 23

374 42 9
                                    

#විසිතුන්වෙනි_කොටස 💜️

නුරාග් මගේ අත් දෙකින්ම අල්ලන් එහෙම කිව්වම මගේ පපුව පිච්චිලා ගියා..වචන නෑ..මට මාවත් ගොලු උනා..දන් නෑ කොහෙන්ද මේ කඳුළු කියලා..මට ඇත්තටම මොනාද කියන්න හිතුණෙ නෑ..කටට ආපු දේ මං කෙලින්ම නුරාග්ට කිව්වා මිසක්..මං මොනවද කිව්වේ කියලා මටවත් දැන් මතක නෑ ඇස් දෙකෙ කඳුළු පිරුණා මගේ..මන් නුරාග්ගෙ අත්දෙක තද කරලා මිරික ගත්තා බදාගත්තෙ නැතත්..

"මං යන්නම් පහන්..පරිස්සමින් ඉන්න.."

නුරාග්ට යන්න එපා කියලා කියන්න තරම් මගේ හිත හයිය වුනෙ නැ..ඇත්තටම නුරාග් නරක කෙනෙක්ද..වැරදිකාර මනුස්සයෙක්ව නිවැරදි කරන බොරු වෑයමක මගේ හිත පැටලිලා තිබ්බා..එතන්ට වචන නැති හැඟීමක් ගේන්න මං කොහොමත් කැමති වුණේ නැහැ...මෙච්චර කල් මට දැනිච්ච නැති අනිත් අයට දැනිච්ච හැඟීමක් කියලා දෙයක් වගේ කියල කියන්න පුළුවන් හැඟීමක් නුරාග් ඉස්සරහ මට දැනුනා..මං නුරාග්ට මෙච්චර කාලයක් වෛර කරා..මට ඕනි උනේ පලිගන්න..ලේ දකින්න..මේ මෙච්චර කල් කරපු අසාදාරණ වලට පළිගන්න..ඒත් මේ වචනෙකට දෙකකට පුලුවන්ද මිනිහෙක්ව මේ තරම් ගොළු කරන්න..මේ තරම්ම අසරණ කරන්න..නුරාග් මගෙ අත් දෙක අතෑරලා එළියට ගියා..මට කර කියාගන්න දෙයක් හිතා ගන්න බැරුව මං ගොඩක් අසරණ වෙලා මෙතන...අම්මේ මං මොකක්ද කරන්න ඕන..මං මේ කරන්නේ හරි දේ නේද...අම්මා කියන දෙයක් මම මෙච්චර කල් නාහා ඉඳලා නෑ..ඒ නිසා මට මෙච්චර කාලයක් ජීවිතේ වැරදිලත් නෑ..ඒත් මට මේ ගැන අම්මගෙන් අහන්න බෑ..අම්මයි මායි අතරට හිත් රිදුමක් ගේනවට වඩා හොඳයි මං මේ ප්‍රශ්නෙට කොහොම හරි තනියම මූණ දෙන එක..මං මැරිලා ගියත් මේක මං ම විසඳගන්න ඕනි දෙයක්..මගෙ ඇස් දෙකෙන් ඉස්සෙල්ලම වතාවට මනුස්සයෙක් නිසා කඳුළු ගලාගෙන යනවා..මෙච්චර කල් මං නුරාග්ට් වෛර කරනවා කියලා හිතාගෙන කරලා තියෙන්නෙ වෙන දෙයක්ද...මං ඇයි මෙච්චර මෝඩ..මේ වගේ හැඟීමක් ඉස්සරහ මගේ ආත්ම ගරුත්වය මරලා දාන තරම්..මං එහෙම බොළඳ මනුස්සයෙක් නෙමෙයි..ඒත් මෙතන..මෙතන මටම තේරෙන්නේ නෑ මම මොනවද කරන්න ඕන කියලා..

මං ඇස් දෙක පිහදගෙන වොෂ්රූම් එකට එකට ගිහින් මූණ හෝද ගත්තා..අයිස් වගේ සීතල වතුර ටික මූණේ ගෑවෙද්දි මට දැනුනේ වෙනම හැඟීමක්..මට මේ කාමරේට කොටු වෙලා හිටිය ඇති කියලා හිතුණා..ඒ එක්කම ආයෙ කාමරෙ දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා..

~වැහිකෝඩ~                                              Where stories live. Discover now