වැහිකෝඩ 31

248 36 5
                                    

#තිස්_එක්වන_කොටස 💜️

"අර තියෙන්නේ බන් පොට් එක..ඔන්න ඕකේ උඩුමහලේ තමා උඹේ සිහින කුමාරයා ඉන්නේ.."

මං මට ටිකක් ඉස්සරහින් ඇත පේන තට්ටු දෙකේ ගේ මුදුනේ අයිනෙම කාමරේ දිහා බැලුවේ අරූ මට පෙන්නපු කාමරේ දිහා බලන ගමන්....

"ආ ඒකද...අම්මට සිරි යකෝ.."

"ආ සිරි උනානේ..උඹට ගේ දැක්කම හිතාගන්න පුළුවන් නේද..උඹ හැප්පෙන්ඩ යන්නේ එසේ මෙසේ පොරක් එක්ක නෙවෙයි කියලා.."

මං වැඩ කරන්න ගිය හොටෙල් එකට දෙවෙනි නෑ ගෙදරත්..තට්ටු දෙකේ ගෙයක්..

"බලපන් මං කිව්වේ බොරුද කියලා ගෙදර එකෙක්වත් පේන්ඩවත් නැහැ..බලහම් බොරු නම් ගෙදර එක ජනේලයක් දොරක් ඇරලා තියෙනවද නැද්ද කියලා.."

"ඒක නම් ඇත්ත බං මෙලෝ පාටක් නෑ මනුස්සයෙක් කියා බල්ලෙක්වත් ඉන්නවා කියලා.."

"මොකෝ කියන්නේ ටිකක් ලං කරලා බලමුද.." ?

"හරි යමංකො එහෙනම් ආපු එකේ අවුලක් දාගන් නැතුව කතා කරලා බලමු.."

අපි දෙන්නා පොඩ්ඩක් ගේ ළඟට කිට්ටු කරේ මොකක්ම හරි දෙයක් දැනගන්න..අඩුම ගෙදර ඉන්නවද නැද්ද කියලවත්..අපි එනවා දැකලත් එතන හිටපු මුරකාරයා දැක්කේ නෑ වගේ කොට කොට හිටපු පෝන් එක දිහා බැලුවෙ එනවට පොඩ්ඩක්වත් කැමති නෑ වගේ..පොර ටිකක් වයස පාටට හිටියට හෙන ගැම්මෙන් හිටියේ..ගැම්මෙන් කියන්නේ අර රෞද්‍ර කම මූණෙන් පේනවා..මං තව ටිකක් ගේට්ටු ලඟට කිට්ටු කරාම පොර නැගිටලා එලියට ආවේ තරහා ගිහිං වගේ..

"ඔව් කියන්න..මොකක්ද වෙන්න ඕන.." ?

"මෙ..මෙහෙ මුණසිංහ මන්ත්‍රීතුමා ඉන්නවද.."?

"මොකක්ද වෙන්න ඕන ඕගොල්ලන්ට.." ?

"නෑ මේ අර ඇක්සිඩන්ට් එකක් උනානේ..මෙහෙ අයට කොහොමද කියලා දැනගන්න ආවේ.."

"ඔයාලට මොකටද ඒක..ඇරත් මොකද්ද තියෙන සම්බන්දේ.." ?

"එදා ඇක්සිඩන්ට් එක වෙනකොට එතන හිටපු අනිත් කෙනා මම..මාත් එක්ක තමයි නුරාග් ආවෙත්.."

"අ..හ්.."

"නුරාග් ගෙදර නැද්ද.." ?

"මෙහෙ වෙන දේවල් ගැන කිසිම කෙනෙක්ට කිසිම තොරතුරක් දෙන්න එපා කියලා තියෙන්නේ..ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ..ඉන්න වෙලාවක එන්න.."

~වැහිකෝඩ~                                              Where stories live. Discover now