තැබෑරුමේ පහත මාලයේ මේස බොහොමයක් සූදු ක්‍රීඩාව සඳහා වෙන්ව තිබුණේය. ඒ සෑම මේසයකම සූදුවේ යෙදෙන්නන්ගේ සහයට තවත් මිනිසුන් ඒ වටා එක් රොක්ව ඔල්වරසන් නගමින් සිටියහ. දුගී මහල්ලන් , නාවිකයන් , මැදිවියේ තරුණයන් මෙන්ම සූදුවට ඇබ්බැහි වී ඇතැයි පෙනෙන වංශවතුන්ද ඒ අතර විය. කුමන තුරුම්පුව කුමන අවස්ථාවක යොදන්නේදැයි දැඩි කල්පනාවක ගිලී සිටි ඔවුන්ගේ දෙතොලෙහි සුරුට්ටුවක් හෝ දුම් පයිප්පයක් නොවැරදුණු අතර ජයග්‍රහණයක් ලැබූ සෑමවිටම බීර වීදුරුවක් සම්පූර්ණයෙන්ම හිස් කිරීම පුරුද්දක් වශයෙන් සිදුවිය. ඇතැම් අවස්ථාවල පරාජය පිළිනොගැනීම හේතුවෙන් සුළු බහින් බස්වීම් හා ගුටිබැට හුවමාරුවීම් සිදුවුවද ඒවා දුරදිග ගෙන නොගිය ඔවුහු යළිත් සාමදාන වූහ.
වටපිටාවේ තත්ත්වය එසේ වුවද තරුණයා සිටි මේසයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. තරමක් වැදගත් පෙනුමක් තිබූ එක් මිනිසෙකු බොහෝ වුවමනාවෙන් පුවත්පතක් කියවමින් සිටි අතර බැලූ බැල්මට නාවිකයෙකු යැයි කිවහැකි තරමක් හැඩිදැඩි පෙනුමක් තිබූ අනිකා බීර වීදුරුවක් තොල ගාමින් පුවත්පතට එබී සිටියේය. පුවත්පත කියවමින් සිටි තැනැත්තා එය ගනනකට නොගත් අතර ක්‍රිස් මේසයේ සිටි සියල්ලන්ගේම පැවැත්ම නොසලකා හරිමින් සිටියේය. තරුණයා ඔවුන් ඉදිරියේ අසුන්ගෙන සිටි අනෙක් තරුණයා දෙස බැලූ අතර ඔවුන් එකිනෙකා සමඟ සුහදශීලී සිනහවක් හුවමාරු කරගත්හ.
" බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය බටහිර පෙරමුණේ ජර්මානුවන්ට එරෙහිව ප්‍රහාර දියත් කරලා"
පුවත්පත කියවමින් සිටි පුද්ගලයා පැවසුවේ ඔහුගේ උපැස් යුවලද ඉවත් කරමිනි.
" අසාර්ථක ප්‍රහාර කියලා ලියවුණානන් තමා හරි. බ්‍රිතාන්‍යටයි ප්‍රංශෙටයි පුලුවන්ද ජර්මනිය එක්ක හැප්පෙන්න."
පුවත්පතින් මෑත්ව සිය අසුනේ හරිබරි හැසුණු හැඩිදැඩි පුද්ගලයාගේ අදහස එය විය.
" සූදුවකින්වත් දිනන්න බැරි ඔහේ යුද්ධයක් ගැන කතා කරනවද මාර්ටින්?"
සිය සගයාගේ අවඥා සහගත පැනයට පිළිතුරු දීමට පෙර අත තිබූ බීර වීදුරුවේ අවසාන බාගය එක හුස්මට ගිල දැමූ මාර්ටින් නම් හැඩිදැඩි පුරුෂයා සිය හඬ අවදි කළේ ක්‍රිස් හැර මේසයේ අසුන්ගෙන සිටි සියල්ලන්ගේම අවධානය ඔහු වෙතට ඇදගනිමින්ය.
YOU ARE READING
STARLIGHT
Historical Fiction1914 වර්ෂයේ සරායෙවෝ සිද්ධිය මූලික කොටගනිමින් පළමුවන ලෝක යුද්ධයෙහි ගිනිජාලා ලොව පුරා ඇවිලිමින් තිබුණි. මධ්‍යම බලවතෙකු වූ ජර්මනිය ඔවුනට විරුද්ධ මිත්‍ර පාක්ෂික රාජ්‍යයන්වල නෞකාවන්ට පහරදී ඒවා මුහුදුබත් කළේය. යුධ නෞකා, වෙළඳ නෞකා මෙන්ම සාමාන්‍ය මගී ප්‍රවා...