Fate - 09

19 2 4
                                    

යෙෂි එහෙම්ම ඇදෙන් හාන්සි වෙලා මතක් කරේ එයාගේ යුවේන් ව...

බායි කිව්වා විතරයි එතනින් එහාට යෙෂි කියලා ප්‍රාණියෙක් ඉන්නවද කියලවත් යුවේන්ට ගානක් නැ වගේ. හැමදාම එහෙම තමා යෙෂිම තරහා වෙනවා එයාම යාලු වෙනවා.. එක මොහොතකටවත් යුවේන් යෙශිව කෙයාර් කරන්නේ නැ වගේ...

ඉන්ස්ටග්‍රෑම් එකේ උඩ පහල යද්දී යෙෂි ලස්සන වෙඩින්, කපල් සතුටින් ඉන්න 4ටෝ එහෙම දකිද්දී යෙශිටත් නොදැනීම එයාගේ ඇස් වලින් කදුළු බේරෙනවා... සේරමත් හරි තනියම ඉන්න වෙලාවට දැනෙන මුසල හැගීම නවත්තගන්න යෙශිට තාම බැරි උනා එයා එකමයි ටේහියුන්ට එච්චර ඇබ්බැහි උනේ... ඒත් යුවෙන්ම තමා යෙශිගේ ජීවිතේට බලෙන්ම ආවේ.... දැන් යෙෂි තමා බලෙන්ම යුවේන් එක්ක ඉන්නේ...

*බීප් බීප්*

ලොකු කල්පනා ලෝකෙක අතරමන් වෙලා හිටිය යෙශිට 4න් එක වයිබ්‍රෙට් වෙන සද්දෙට ආයේ පියවි ලෝකෙට ආවා..

අර අකවුන්ට් එකෙන් මැසේජ් එකක්

" මාත් දැන් ගෙදර ආවේ බේබි.. අද නම් මාරම මහන්සියි.. දැන් මේ ඩිනර් ගන්න හැදුවේ "

යෙශිට නිකන් අමුත්තක් දැනුනට කම්මැලිකම යන්නත් එක්ක මේ නාදුනන කෙනා එක්ක කතා කරන්න ඕනේ කියලම හිතුනා.

" අහ් එහෙමද.. ඔච්චර මහන්සි වෙන්න මොනාද ඉතින් කරන්නේ ඔයා? "

Taehyung pov:

" හරිනේ දැන් උබම උත්තර දීපන්. මං කිව්වා මහන්සි කියන්න එපා කියලා ජේ "

ටේහියුන් ජේ කේ ගෙ අතින් 4න් එක උදුරලා ගන්න ගමන් කියාගෙන ගියා

" පොඩ්ඩක් ඉදහන් බන් එහෙම තමා කෙල්ලෝ කියන්නේ ඕප දුප හොයන්න මාර කැමති ජීවින් පිරිසක්... කෝ ඔන්න ඕක මෙහෙට දියන්කෝ මං ශේපක් ගහන්න නැත්තම් උබ හාගන්නවා"

" ඔව් ඔව් දැන් මොකක්ද කියන්නේ කියහන්කෝ.. කුලී වැඩ කරනවා කියන්නද මෙච්චර මහන්සි වෙන්න"

" උබ මේසන් බාස් කෙනෙක් කියපන්... ලොකු  කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් ඉන්ටර්න් විදිහට අත් උදව් දෙනවා කියමු"

"උබේ ඔලුව කොහේ හරි ඇනිලාද බල්ලෝ... මේසන් බාස් කෙනෙක් කිව්වම කෙල්ලෝ කැමති වෙනවද "

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂWhere stories live. Discover now