Jungkook pov
අදත් මම වෙනද වගෙම යුනිවසිටි ඉවර වෙලා library එකට අවා.... වෙනද වගේම ජනේලෙ අයිනෙම තියන මේසය ගාවට ගියා.... එතන වෙනමම තැනක් මට දැන් හරිම නිදහස්..... library එකෙ ගොඩක් අය එන්නෙනැති පැත්තක තමයි මේ පැත්ත.... ඒක නිසා නිදහස්.... වෙනද වගෙම ඒ ඩයරි එක තියන තැනින් ගත්තා මම කියවන්න....
in the diary
ඉතින් දින පොත.... අද මම ඔයාට සුභ ආරංචියක් කියන්න ආවේ.... ඔයාට කියන්න අද මම ගොඩක් සතුටින්..... මට ඇඩෙන්න වගෙ.... මම කොහොමද ඒක ඔයාට ලියන්නෙ....
ආහ්.... Tabrbuia Rosea මලක් සුලගව බලන්න නටුවෙන් මිදිලා ආවා වගේ කියන්නත් පුළුවන්.....
ඔයට කියන්න අද මම මගෙ Tabebuia Rosea මල දැක්කා.... ඔ.. ඔයට කියන්න.... මට අද ගොඩක් සතුටුයි.... මම එදා කිව්වා මතකද එයාව ආයි දකින්න අසාවෙන් මම ඉන්නව කියලා.... එ වගෙම එය මගෙ ඉස්සරහට ආවා....
ඔයාට කියන්න දින පොත හොදම දේ.... මට හැමදම එයාව බලන්න පුලුවන්.... එයා අපෙ යුනිවසිටි එකෙ මගෙ ක්ලාස් එකෙ ඉගෙන ගන්න ලමයෙක්....
මගේම මේසයෙ එහා පැත්තෙ එයා ඉන්නෙ.... ඔය දන්නවද එයා තම අලුත්.... වැඩිය කතා බහ නැහැ..... මා එක්ක වත් තාම කතා කලෙ නැහැ.... ඒත් එයාට යලුවෙක් හම්බුනා.... එයා හරි සුහද ශිලි හැමොම එක්ක ලස්සනට හිනා වෙනවා....
මමත් කැමති එයා එක්ක කතා කරන්න ඒත්.... ඒත් මට බැහැනෙ.... පන්තියෙ සමහර අය මා එක්ක කතා කරන්නෙ නැහැනෙ.... එයත් කතා කරන එකක් නැහැ කියලා මට හිතෙනවා..... කමක් නැහැ එයා දිහා බලාගෙන හරි මට ඉන්න පුලුවන් නෙ.....
ඔයට කියන්න දින පොත එයා හරිම ලස්සනයි..... නිකන් ඉටි රූපයක් වගෙ..... එයාගෙ ලස්සන රෝස කම්බුල්.... තව ඒ ඇස් හරියට අහසෙ තරු වගෙ බොල ඇස් දෙකක්..... එයාගෙ හම හරිම සිව්මැලි පාටයි.... අනෙ හරියට සුරලොවෙන් වැරදීමකින් මිනිස් ලොවට ආපු සුරදුතයෙක් වගෙ..... ඒ තරම් ලස්සනයි.....
ඒත් දින පොත.... මට බයයි මගෙ මේ සතුට ඉක්මනටම නැති වෙයි කියලා..... මොකද මට සතුටක් ලැබුනොත් ඒක ඉක්මනට නැති වෙලා යනො....
කොහොම වුනත් අද දවස මට හරි සතුටුයි.... මගෙ Tabebuia Rosea මල හැමදාම මට දැක ගන්න පුලුවන්....
YOU ARE READING
My Uncompleted Diary 🍂❤️🩹
Fantasyදිනපොතක් සමග බැදී සිටින තම හැගීම් දිනපොතේ වදන් කරන නාදුනන තරුණයෙකුගෙත්..... අහම්බෙන් හමුවන දිනපොතේ අයිතිකරු සමග නොදැකම ආදරයෙන් බැදෙන තරුණයෙකුගෙත්..... දිනපොතක් වටා ඔවුන් දෙදෙනා ගෙත්තම් කරන ආදරණිය කතාව මෙසේ දිග හරින්න අවසරයි...... My Uncompleted Diar...