Episode 4 🍂

43 7 0
                                    

යුන්ගි එසේ ජිකුක් ඩබල දෙස බලා ඉදිදි හියුන්ජින් නම් යුන්ගිට විහිළු කලා.....

Hy : " කවද්ද උබ උබේ මලට උබේ හද පතුලේ කැකැරෙන අර අරක කියන්නෙ..... "

Yoongi : " මම ඒක දැන්ම කියන්නෙ නැහැ..... "

Hy : " හ්ම්ම්...... උබේ කැමැත්තනෙ..... "

Yoongi : " එයාට මම වෙලාව ආවම කියන්නම්..... මම හිතන්නෙ මගේ වෙලාව තාම ආවේ නැහැ බන්.... "

එහෙම කියන ගමන් යුන්ගි ජනේලෙන් එලිය බැලුවා.....

Jungkook Pov.....

මායි ජිමිනි ඔය විදිහට කියව කියව ඇවිත් අපේ ගෙවල් වලට හැරෙන පාරෙන් වෙන් වුනා.....

Jimin : " පරිස්සමින් කුක්සන්..... ගිය ගමන් මට කෝල් එකක් දීපන්..... "

Jk : " හරි බන් උබත් පරිස්සමින් පාක් දෝහාගෙ තාර පැටියෝ....... මම එහෙනම් යනවා.... ගෙදර ගිය ගමන් මට මැසේජ් එකක් දාහන්..... "

එහෙම කියලා අපි දෙන්නා අපේ ගෙවල් වලට යන්න පාරවල් වලින් හැරුනා..... මටත් වඩා ජිමින්ට ලගයි එයාගෙ ගෙදර ඉදන් යුනිවසිටි  එකට..... ඉතිං මම ජිමින්ට කියලා තියෙන්නෙ යුනිවසිටි එකට යන්න මම එනකන් ඉන්න එපා කියලා.... එයා ඉතිං මම එනතන් යුනිවසිටි එකේ ගේට් එක ලග ඉන්නවා.... කොහොමින් කොහොම හරි මම ආවා අපේ ගෙදරටත්.....

Jk : " මැණිකෙ මම ආයේ ග්..... "

මගේ වචන මගින් ලොප් වුනේ අප්පා හිටිය නිසා.....

" යසයි ඉලන්දාරියා ගෙදර එන වෙලාව..... "

Jk : " අප්පා..... "

" බනී..... පොඩ්ඩක් ඉදගන්න..... මට ඔයා එක්ක දෙයක් කතා කරන්න ඕනි..... "

ඇහ්..... අහෝ දෙවියනේ..... මගේ හිස කැරකෙනවා වගේ..... මාගේ පිය රජතුමන් මාහට ඇයිද කතා කලේ..... ඇත්තම කිව්වොත් අප්පා මාත් එක්ක තනියම කතා කරන්න දෙයක් තියනවා කිව්වොත් වැරුද්දක් නැතත් මට බය හිතෙනවා.....

Jk : " ඇ.... ඇයි අප්පා.... "

" මෙතනින් ඇවිත් ඉදගන්න..... "

මමත් ගිහින් තාත්තා ලගින් ඉදගත්තා.... බයෙත් බැහැ.....

" අද දෝහා අංකල් කතා කරා..... එයා ඔයාගෙන් දෙයක් අහන්න කිව්වා..... "

You've reached the end of published parts.

⏰ Last updated: Jul 12 ⏰

Add this story to your Library to get notified about new parts!

My Uncompleted Diary 🍂❤️‍🩹Where stories live. Discover now