එකොළොස්වන පරිච්ඡේදය

230 58 7
                                    


" Hey Himath GM..!  It's been a month since we met each other..! "

උදේ පාන්දර නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගත්ත හැටියේම මං දැක්කෙ හිමත්ගෙ ඒ මැසේජ් එක.. ඇත්ත..! අදට හරියටම මාසයක්..!

" Good morning Shweth..! But it seems like it was yesterday ! "

මං එයාට ඒ විදියට රිප්ලයි එකක් දාලා ඇදෙන් නැගිට්ටෙ අමුතු කික් එකකින්.. මොන හේතුවක් හින්දද දන්නෙ නෑ ශ්වේත්ගෙන් මැසේජ් එකක් ආවා කියලා දැක්කම මගේ හිතට මාරම සතුටක් දැනෙන්නෙ.. උදේට ෆෝන් එක බලද්දී එයාගෙන් මැසේජ් එකක් අනිවාර්යයෙන්ම තියෙන බව දැනගෙන මං රෑට නිදාගන්නත් දැන් පුරුදු වෙලා.. කොහොමහරි මේ මාසෙ මං ශ්වේත් ගැන දැනගත්ත දේවල් වලින් එක දෙයක් තමයි ශ්වේත් කියන්නෙ මගේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත.. අපි දෙන්නගෙ සමානකම් කියලා තිබ්බෙ පොත් කියවන එකයි අදහස් ගැළපෙන එකයි විතරයි.. ඒ කොහොම වුණත් මං එයාගෙ චරිතෙට ආස වෙන්න අ‍රන්..

" ලොකූ ආ තේ එක.. "

මං පල්ලෙහාට ගිහින් කට හෝදනකොට අම්මා තේ එක අතට දුන්නම මං තේ එකත් අරන් සාලෙට ආවා.. තාත්තත් ඉන්නවා සාලෙ පත්තරේ බල බල..

" අද ක්ලාස් නැද්ද..? "

මං තාත්තගෙන් එහෙම අහන ගමන් වාඩි වුණාම තාත්තා පත්තරේ ඊළග පිටුව පෙරලන ගමන්ම මගේ දිහා හොදට බැලුවා..

" අද කොහෙද දරුවො ක්ලාස්.. අද පෝය නෙ.. "

" ආ මට ඒක අමතක වුණා.. "

" ඉතින් ලොකූ.. "

තාත්තා පත්තරේ නමලා පැත්තකට දාලා මං දිහා බැලුවේ මං තේ එක බිබී ෆෝන් එක අරන් ශ්වේත් එක්ක මැසේජ් කරද්දි..

" ඔව් තාත්තෙ..? "

මං ෆෝන් එක පැත්තකින් තියලා එහෙම කිව්වා විතරයි පැත්තකින් තියපු ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තෙ මගේ අවදානෙ ආයෙමත් ෆෝන් එකට යද්දී..

" ළගකදි ඉදන් ෆෝන් එකේමයි නේ නිතරම.. "

තාත්තා මගේ ෆෝන් එක දිහයි මං දිහයි මාරුවෙන් මාරුවට බල බල එහෙම කිව්වම මගේ ඇගත් එක්ක සීතල වෙලා ගියේ හරියට හොර ලව් එකක් ගෙදරට මාට්ටු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ..

අලු ඇස් | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now