දහහතරවන පරිච්ඡේදය

237 57 12
                                    


දවස් හතරක ට්‍රිප් එකෙන් පස්සෙ මං හිටියේ සෑහෙන්න අවුල් වෙලා.. මං එක දෙයක් හරියටම දැනන් හිටියා.. ඒ තමයි ට්‍රිප් එක යන්න කලින් හිටිය මං නෙවෙයි ගිහින් එද්දි හිටියේ කියන එක.. මට දැනෙන්නෙ මට මාවම කොහේහරි අතරමං වෙලා වගේ.. නෑ හරියටම බැලුවොත් එයා මාව අතරමං කරලා.. මට තේරෙනවා මගේ හැගීම් ඒවා යාලුකමකට ගැලපෙන්නෙ නෑ කියලා.. ඒත් මට මං ගැනම පුදුම හිතුනා.. හැගීම් නිසා මං අසරණ උන මං අතරමං උන මුල්ම වතාව මේක කියලා මට තේරුණා..

" හිමත් ඔයාටවත් කියාගන්න බැරිවුණ ගොඩක් දේවල් මේ දවස් හතරේ ඔයාගෙ ඇස් දෙක මට කිව්වා..! "

එදා ට්‍රිප් එකේ අන්තිම දවසෙ ගාල්ලෙදි ට්‍රේන් එකෙන් බහිනකොට එයා මගේ අත එයාගෙ අතින් තදින් අල්ලන් ඒ කිව්ව දේට මගේ ඇගේ හිරිගඩුත් පිපුණා.. මං ඉක්මනින් ඒ ඇස් මගෑරලා අහක බලන්න ගියත් එයා දැක්කා..! එයා හොදටම දැක්කා මං නොසන්සුන් වෙන විදිය.. ඒවුණාට එයාගෙ මූනෙ ඇදිලා තිබ්බ හිනාව මට විස්තර කරලා කියන්න විදියක් හිතාගන්න බෑ..! ශ්වේත් මායාවක් වගේ.. එයා නිතරම වගේ දාන කලු ශේඩ්ස් දෙකට යටින් හැංගිලා තියෙන එයාගෙ මායාකාරී අලු ඇස් දෙක තමයි මාව මුලින්ම එයාට ආකර්ෂණය කරගත්තේ.. ඒත්, ඒක දැන් වෙනස් වෙලා.. මට දැන් ඒක ආකර්ෂණය වීමක් කියලා කියන්න මොනම විදියකටවත් බෑ වගේ.. මං වෙනස් වෙන්න අරන්.. මගේ හැගීම් වෙනස් වෙන්න අරන්.. ඇයි මට එයාව වෙනදා වගේ 'යාලුවෙක්' විදියටම හිතන්න බැරි..

මට ඔලුවට දැනෙන පීඩනය අඩුකරගන්න ඕන වුණ නිසාම මං හිත හදාගත්තා සේරම දේවල් මියුරු එක්ක කියන්න.. ඌ බැන්නත් කමක් නෑ කියලා හිතාගෙන මං ඌට මැසේජ් එකක් දැම්මෙ අපේ ගෙදර එන්න කියලා.. පොරත් මේ දවස්වල අපේ කෝස් එකේ හිටිය කෙල්ලෙක්ව ලයින් කරනවා.. කොහොමහරි ඌ එන්නම් කියලා රිප්ලයි කරලා තිබ්බම මං ඉක්මනින් ලෑස්ති වුණේ ඌ එන්න කලින් හෙට සිතුම් මල්ලිගෙ ක්ලාස් එකේ පේපර්ස් වගයක් ෆොටෝකොපි කරන්න තිබ්බ නිසා හංදියේ බුක්ශොප් එකට යන්න..

" ලොකූ මාත් දවල් වෙලා යනවා.. නංගිටත් ක්ලාස්නෙ.. ඔයා කොහෙහරි යන්නද..? "

ලෑස්තිවෙලා අම්මට කියලා යන්න කුස්සියට ගියාම අම්මා මගෙන් එහෙම ඇහුවා..

You've reached the end of published parts.

⏰ Last updated: Jul 08 ⏰

Add this story to your Library to get notified about new parts!

අලු ඇස් | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now