" කෙල්ලේ... ලොකූ.... මේ කඩේට ටිකක් ගිහින් වරෙන්කො... ගෙදර හාල් ඉවර වෙලා...හාල් කිලෝ එකකුත් අරන් තේ බොන්න මොනාහරි පොඩි දේකුත් අරන් වරෙන්.... මාමට කියපන් අම්මා පොතට දාන්න කිවුවා කියලා... "" අපෝ උදෙන්ම නය කඩන්න යන්නද කියන්නෙ... කඩේ ඉස්සරහ කෝප්ප හෝදන ගෑනු ටික දැක්කම දවසම විනාසයි... මට බෑ ඕවයි යන්න... අම්මට ඕන්නම් යන්න..."
" උබට විනාස වෙන්නත් දවසක් තියෙන්න එපැයි... ගෙට වෙලා ගිලින එක ඇරෙන්න වෙන කරන වැඩක් නෑ නෙ... මම උබට රස්සාවක් හොයන්න කිවුවා මාමට... ඒකත් අහගෙන වරෙන්... ආ මල්ල..."
' මම ගැන කිවුවොත් කෙටියෙන්... මේ තමයි මම... අවුරුදු විසි හතරක් වෙලත් ගෙදරට වෙලා දුප්පත් අම්මා තාත්තා ගෙනත් දෙන දෙයක් කාලා ඉන්නවා මිසක් මම වෙන වැඩක් කරන්නෑ... O/L පාස් වුනත් සල්ලි මගේ ඉගෙනීමට හරස් වුනා.... ඉතින් ඒ කාලෙ ඉදන් මම මෙහෙම තමා ඉන්නෙ... දැන් නම් අම්මලාට මාව ගෙදරින් එලවනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ... මම කසාද බඳින්නත් කැමති එකෙක් නෙවේනෙ... මම කෙල්ලෙක් වුනත් මාව දකින හැමෝම කියන්නෙ මම කොල්ලෙක් වගේ කියලා... එච්චර ගැම්මක් තියන් ගෙවල්වල වලන් හෝදන්න පිස්සුය... '
අම්මගෙ කීම අහක දාන්න බැරි නිසා මම හිමීට කඩේට යන්න ලෑස්ති වුනා... ඊටත් වඩා මට දොස් අහලම එපා වෙලා... රස්සාව නැත්තම් මම ඔය කඩවල් පැත්ත පළාතක පස් පාගන්නෑ... කොට ශෝටකුත් ගහගෙන ටී ෂර්ට් එකකුත් දාගෙන එළියට බැහැලා විනාඩි පහක් විතර පාර දෙපැත්තෙ ඉන්න අම්මන්ඩිලා ටිකට විරිත්ත විරිත්ත මම කඩේට ලං වුනා... කියන්න සතුටුයි කඩේ ළඟ කවුරුත් ඉදියෙ නෑ... ඒකෙන් නිදහසේ රස්සාව ගැන වුනත් අහන්න පුළුවන්... නැත්තම් ඔය චීත්ත අපුල්ලන උන්ගෙ කටවහ වැදිලම ඒකත් නැති වෙනවා...
YOU ARE READING
|| අසම්මත || 𝐍𝐨𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 || 𝐆𝐋 || Ongoing ||
Non-Fictionළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.. පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.. ආදරේ කියන්නෙ හැමෝටම දැනෙන හැඟීමක්.... ඒකට කවදාවත් සීමා...